IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමරිකානු ජනාධිපතිවරණය අවුලෙන් අවුලට

 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් වී දින තුනක් ගත වුවද නිල වශයෙන් ජයග්‍රහයකු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් අද (5) උද්ගතව තිබිණි.

තමන් ජයග්‍රහකයා යැයි කියන ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කණ්ඩායම සහ රිපබ්ලිකන් පක්ෂයේ සැලකිය යුතු පිරිසක් ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි ඉල්ලා අද (5) නඩු පවරා තිබිණි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරන තීරණාත්මක ප්‍රාන්තයක් බවට පත්ව තිබෙන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි ඉල්ලමින් ට්‍රම්ප්ගේ කණ්ඩායම නඩුවක් පවරා තිබිණි. ඡන්දය ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් කලින් ප්‍රකාශ කළ ද එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය නිලධාරීන්ට ඡන්දය කිරීමට අවසර දුන්නේ ය. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තවත් නඩුවක් පැවැරීය.

මැතිවරණ දිනට පසු පැමිණ ඡන්ද ගණනය කිරීම නවත්වන්නැයි ට්‍රම්ප් මුලින් ඉල්ලීමක් කළේය.

මේ වනවිට ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කණ්ඩායම ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි ඉල්ලමින් නඩු කිහිපයක්ම පවර ඇත.

ජයග්‍රහකයකු ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම හා ඡන්ද තවදුරටත් ගණනය කිරීම මැතිවරණ වංචාවක් නොවන බවත් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් එල්ල කරන චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති විශාරදයෝ හා මැතිවරණ විශේෂඥයෝ පෙන්වාදුන්හ.

‘‘ඡන්ද ගණනය කිරීම වරදක් නෙමෙයි. මැතිවරණවලදී අපි කරන්නේ එයයි. අපි ඡන්දය ගණනය කරනවා’’ යැයි නිව් මෙක්සිකෝ සිටි විශ්ව විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීම, මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානය ලෝනා ඇට්කෙසන් පැවැසුවාය.

‘‘මේකට ශ්‍රමය වැය වෙනවා. මේකට කාලය වැය වෙනවා. ජනතාව මේ ක්‍රමවේදයට ගෞරව කළ යුතුයි. ඒ වගේම ඉවසීමෙන් ඉන්න ඕනෑ’’ යැයි ද ඇය කීවාය.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ජනපද පහකට සීමා වී ඇත. පෙන්සිල්වේනියා, නෙවාඩා, ජෝර්ජියා, උතුරු කැරෝලිනාව සහ ඇලස්කාව එම ජනපද පහ ය. එම ප්‍රාන්ත පහේම ඡන්දය ගණනය කිරීම නවත්වන්නැයි ඉල්ලමින් ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ මැතිවරණ කණ්ඩායම නඩු පවර ඇතැයි ඊයේ පස්වරු වනවිට වාර්තා විය.

මිචිගන් ප්‍රාන්තයේ බලය බයිඩන් ට හිමි ව තිබූ අතර එම ප්‍රාන්තය සම්බන්ධයෙන් ද අර්බුදයක් හටගෙන ඇත.
විස්කොන්සින් ප්‍රාන්තයේ ජය බයිඩන්ට ට හිමි වූ අතර එම ප්‍රාන්තයේ ඡන්දය නැවත ගණනය කරන්නැයි ට්‍රම්ප්ගේ මැතිවරණ කණ්ඩායම ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර නෛතිකව අභියෝග කළ ද මැතිවරණ ප්‍රතිඵලයට ඉන් බලපෑමක් එල්ල වන්නේ නැතැයි නීති විශාරදයන් උපුටා දක්වමින් ඇමෙරිකානු මාධ්‍ය ඊයේ වාර්තා කර තිබිණි.


ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (2)

ඇමරිකානු ජනාධිපතිවරණය අවුලෙන් අවුලට

Prabha Thursday, 05 November 2020 02:54 PM

මෙ මනුස්සයා ලංකාවෙන් සෑහෙන දේවල් ඉගෙනගෙන වගේ..

:       3       44

Vipula Thursday, 05 November 2020 04:17 PM

අර පොම්පියො මෙහෙ ආවෙ අපේ අයගෙන් උපදෙස් ගන්න වෙන්න බැරිද?

:       3       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site