IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජෝ බයිඩන් ඉදිරියෙන්

 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අද (5) දහවල් වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂ ජෝ බයිඩන් මහතා සමත්ව ඇත.

ඒ අනුව අද පස්වරු වනවිට ඡන්ද ගණ එසේත් නැතිනම් ඡන්ද සමූහ 264ක බලය හිමි කරගැනීමට හිටපු උප ජනාධිපති ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත.

ජෝ බයිඩන් අද (5) පස්වරු 5 වනවිට මනාප ඡන්ද 72,176,238ක් ලබාගැනීමට සමත්ව තිබූ අතර ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයකු ලැබූ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා. බැරැක් ඔබාමා 2008 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මනාප ඡන්ද 69,498,516ක් දිනාගැනීමට සමත්ව තිබිණි.

බැරැක් ඔබාමා දෙවරක් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ අතර එම සමයේදී උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන් ය.

වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පස්වරු වනවිට ඡන්ද ගණ (ඡන්ද සමූහ) 214 ක බලය තහවුරු කරගැනීමට සමත්ව සිටි අතර ඔහු ලබාගෙන තිබූ මනාප ඡන්ද ගණන 68,823,539ක් ලෙස දැක්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ක්‍රමය අනුව ජනාධිපතිවරණයේ ජය හිමි වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා අපේක්ෂකයාට නොව වැඩිම ඡන්ද ගණ සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන අපේක්ෂකයාටය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම ජනපදයකට ඡන්ද ගණ නියෝජනයක් ලැබෙන අතර ඒ අනුව ඇමෙරිකාවේ ඇති සමස්ත ඡන්ද ගණ (ඡන්ද සමූහ) ගණන 538ක් වන අතර එයින් 270ක බලය තහවුරු කරගන්නා අපේක්ෂකයාට ජය හිමි වේ.

මීට පෙර අවස්ථා පහකදී මෙන්ම ගතවුණු වසර 20 ක කාලය ඇතුළත අවස්ථා දෙකකදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයාට ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි විය.
ඒ කෙසේ වෙතත් අද පස්වරු වනවිටත් ඡන්දය ගණනය කෙරෙමින් තිබූ අතර ස්ථාන රැසක විරෝධතා පැවැත්විණි. ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ එක් තැනකදී ඡන්දය ගණනය නොකරන්නැයි ඉල්ලමින් විරෝධතාවල නිරත වූ අතර තවත් තැනකදී ඡන්දය ගණනය කරන්නැයි ඉල්ලමින් විරෝධතාවල නිරත වූහ.

ප්‍රාන්ත 6 ක ප්‍රතිඵල අද (5) සවස් වන විට නිකුත් කිරීමට නියමිතව තිබුණි. ඇරිසෝනා ජනපදයේ ප්‍රතිඵල නිකුත් වනවිට එහි ජය ජෝ බයිඩන්ට හිමිවන බව පෙනී ගිය අතර හෙතෙම ජනාධිපති ධුරයට කෙමෙන් සමීප වෙමින් තිබිණි.

ඇරිසෝන් ජනපදය 1996 වසරේ සිට රිපබ්ලිකන් පක්ෂයේ බළකොටුවක් ලෙස සැලකිණි. ඇරිසෝනා ජනපදය බයිඩන් ජය ගැනීම කිසිසේත් පිළිගත නොහැකි යැයි ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.
ජනාධිපතිවරණයකදී තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොවෙයි. ඇමෙරිකන් කොංග්‍රසයට (පාර්ලිමේන්තුවට) නියෝජිතයන් තෝරා ගැනීම ද සිදුවෙයි. ඇමෙරිකන් කොංග්‍රසය, සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි.

ජනාධිපතිවරණයේදී, ජනතාව තමන් ප්‍රිය කරන ජනපති අපේක්ෂකයාට ඡන්දය දුන්නත්, එම ඡන්දය සෘජුව එම අපේක්ෂකයාට හිමි වන්නේ නැත. ඡන්දය හිමිවන්නේ ඇමෙරිකාවේ ප්‍රාන්තවල එම අපේක්ෂකයාගේ පක්ෂයේ නියෝජිතයන්ටය.
ඡන්ද ගණ එසේත් නැතිනම් ඉලෙක්ට්‍රෝරල් කොලේජ් ඡන්ද යනු මෙම නියෝජිතයන් ගණනය. ප්‍රාන්තයට නියෝජිතයන් කී දෙනෙකු සිටිනවා ද යන්න තෝරා ගැනීම සිදුවන්නේ එම ප්‍රාන්තයේ ජනගහනය අනුවය. ඒ අනුව, ප්‍රාන්ත මට්ටමින් සෑම වසරක 10 කට වරක්ම ජනසංගණන පැවැත්වෙයි.

ඇමෙරිකානු ඉතිහාසයේ වැඩිම මුදලක් වැය වුණු ජනාධිපතිවරණය මෙය වන අතර, කොරෝනා වසංගතය හේතුවෙන් කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව උදා කර දී තිබුණු බැවින්,  පසුගිය 3 වැනිදා,  ජනාධිපතිවරණය දිනය වනවිට මිලියන 100 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ඒ අතරේ ට්‍රම්ප් සහ බයිඩන් ද සිටියහ. ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණය වන්නේ ද මෙයයි.
ජෝ බයිඩන් උප ජනාධිපති ධුරය සඳහා තෝරා ගෙන සිටින්නේ කාන්තාවකි. ඇය දකුණු ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් ය. බයිඩන් ජයග්‍රහණය කළහොත් උප ජනාධිපති ධුරයට පත් වන පළමු කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාසගත වනු ඇත.

දෙවැනි ධුර කාලය අපේක්ෂා කරමින්, ජනපති සටනට පිවිසි ට්‍රම්ප් 74 හැවිරිදි වියෙහි පසුවන අතර, ජෝ බයිඩන් 77 හැවිරිදි වියෙහි පසුවෙයි.

අවුරුදු 70 වැඩි අපේක්ෂකයන් දෙදෙනකු ඇමෙරිකන් ජනාධිපතිවරණයට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වෙයි. ජනපති ධුරය හිමිවුවහොත්, ජෝ බයිඩන්, එම ධුරයට පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අද නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව සෙනට් සභාවේ ආසන 48 බැගින් දිනා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව තිබිණි. එහි බහුතර බලය දිනාගැනීමට නම් ආසන 51ක බලය තහවුරු කරගත යුතු අතර එය ආසන 100කින් සමන්විතය.

සෙනට් සභාව ඇමෙරිකානු කොංග්‍රසයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස හැඳින්වේ. එය ආසන 435කින් සමන්විත අතර එහි බලය තහවුරු කරගැනීමට ආසන 218ක් ලබාගත යුතු ය. මේ අනුව ඊයේ පස්වරු වනවිට ආසන 204ක බලය තහවුරු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව තිබූ අතර රිපබ්ලිකන් පක්ෂයට ලබාගත හැකිව තිබුණේ ආසන 190ක් පමණි.
 
ඒ.එෆ්.පී./රොයිටර්
 
055

 



අදහස් (0)

ජෝ බයිඩන් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site