දෙමළ සන්ධානය අවස්ථාව එනකම් බලා සිටී ජාතික ආණ්ඩුව බිදවැටීම තුළින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලියට බලපෑමක් සිදුවිය හැකි බවත් ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබද සලකා බලා තීන්දුවක් ගන්නා බවත් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය. 14 February 2018
රටේ දේශපාලන අර්බුදය ගැන අනිද්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 14 February 2018
එජාප ප්‍රබලයන් සමග සම්බන්ධන් සාකච්ඡාවක එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ එම පක්ෂය නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු දකුණේ කලබලකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා හමුවී අද (14) පස්වරුවේ සාකච්ඡා කොට ඇතැයි වාර්තා වේ. 14 February 2018
සියයට 25 කට කාන්තා නියෝජනය ලබාදීම අර්බුදයක් - මහින්ද දේශප්‍රිය පළාත් පාලන ආයතනවල සියයට 25 ක කාන්තා නියෝජනය ලබාදීම මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 14 February 2018
බහුතරයකගේ විශ්වාසය දිනාගත් අයකු අගමැති කරන්නැයි ජනපතිට ලිඛිත ඉල්ලීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ තව දුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම ගැන ශ්‍රී ලංකා පක්ෂයට එකඟ විය නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා කැමැත්ත දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු එම ධූරයට පත්කර නව රජයක් පිහිටුවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා තිබේ. 14 February 2018
පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේදී සියලු පළාත් සභා සඳහා පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 14 February 2018
ජනපති හෙට ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (15) පස්වරුවේ කොළඹට කැඳවනු ලැබ ඇත. 14 February 2018
නි. පොලිස්පති නානායක්කාර 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාල සාක්කි වසන් කිරීමට අනුබල දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (14) නියෝග කළේය. 14 February 2018
ශ්‍රී ලන්කන් අක්‍රමිකතා සොයන්න පත්කළ කොමිසමේ නිලධාරීන්ට පත්වීම් ලිපි ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිලධාරීන්ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අද (14) පත්වීම් ලිපි පිරිනමනු ලැබීය. 14 February 2018
ජනපති හා අගමැති ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි - කරුණා අම්මාන් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිතරන් හෙවත් කරුණා අම්මාන් පවසයි. 14 February 2018
‘‘මේ මැතිවරණ ක්‍රමය අහෝසි කර ගැලපෙන ක්‍රමයක් ගෙන්න‘‘ - ගාමිණි ලොකුගේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසත්, වහාම මේ මැතිවරණ ක්‍රමය අහෝසි කර ගැලපෙන ක්‍රමයක් ඉදිරිපත් කරන ලෙසත් වෘත්තිය සමිති රජයට බලකර කියා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේය. 14 February 2018
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හයදෙනෙක් මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 14 February 2018
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක් ධාවනය කරලා දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ තී‍්‍රරෝද රථයක් අද (14) දහවල් කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි. 14 February 2018
ජේ. ඊ ජයසූරිය සමරු මුද්දරයක් ගණිත විෂය සංවර්ධනය උදෙසා මහඟු සේවයක් සිදුකළ මහාචාර්ය ජේ. ඊ ජයසූරිය මහතාගේ සිය වන ජන්ම දිනය නිමිති කරගෙන සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් අද(14) නිකුත් කරන ලදී. 14 February 2018
සිවාජිලිංගම්ගෙන් ගජේන්ද්‍රකුමාර්ට චෝදනා දෙමළ ජාතික සන්ධානය යටතේ පැවති පළාත් පාලන ආයතන දෙකක බලය සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නතු වූයේ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ජාතිවාදයෙන් සහ වංචාවෙන් සිදුකළ මැතිවරණ ප්‍රචාරණය නිසාවෙන් යැයි දෙමළ ජාතික සන්ධාන උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 14 February 2018
නිශ්ශංක සේනාධිපති - පාලිත ප්‍රනාන්දු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වරදකරුවන්ට පනවා තිබී විදේශ ගමන් තහනම කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුණසිංහ මහතා තාවකාලිකව ඉවත් කරන ලදී. 14 February 2018
ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගය 28 දක්වා දීර්ඝ කරයි පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් පනවා තිබූ නියෝගය ලබන 28 දක්වා තවදුරටත් දීර්ඝ කරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 14 February 2018
ලක්ෂ 50 ක් සී.එස්.එන්. අායතනයට දීමේ නඩුවව ලබන මාසයට කල්යයි විනිමය සුරුකුම්පත් කොමිසම් සභාවේ මුදල් රුපියල් ලක්ෂ 50 ක මුදලක් CSN ආයතනයට ලබාදී එම මුදල් සාපරාධී පරිහරණය කළ බවට එම සමාගමේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් ලබන 16 දක්වා කල් තබන ලදී. 14 February 2018
සේවකයන් පාලනය අතට ගැනීමෙන් හැටන් ඩිපෝවේ දෛනික ආදායම ලක්ෂ 7 කින් බහී හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එම ඩිපෝවේ සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි ආදායම පහත වැටී ඇති බව ඩිපෝ පරික්ෂක රෝහන සිල්වා මහතා පවසයි. 14 February 2018
මැතිවරණ ජය සාදය අතරතුර පාසල් සිසුවෙක් ගිලී මියයයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂකයෙකු ජයග්රහණයෙන් පසුව පැවැත්වූ මත්පැන් සාදයක් අතරවාරයේ පාසල් සිසුවෙකු ඔයෙහි ගිලි මිය ගොස් ඇත. 14 February 2018
ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණයක් ගන්න කමිටුවක් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම අද සවස එහි උච්චතම අවස්ථාවට එළඹ තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පැවැති රැස්වීම අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙනි. 13 February 2018
දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරෙයි පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලනය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් තිබේ. ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක අද (13) දිනයේදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති අතර මේ වනවිට තවත් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. 13 February 2018
ඉන්දීය මහකොමසාරිස් ජනපති හා අගමැති හමු වෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින්ග් සන්දු අද (13) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇතැයි වාර්තා වේ. 13 February 2018
අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගනවා - චමල් රාජපක්ෂ වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අද (13) තිස්සමහාරාමයේදී පැවසීය. 13 February 2018
විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අනිද්දා වැඩ වරති රජයේ රෝහල්වල සේවය කරන විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අනිද්දා (15) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර සිටිති. 13 February 2018
අලගල්ල කන්ද ගින්නෙන් විනාශවේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අලගල්ල කන්ද අද (13) ගින්නක් හට ගෙන විනාශ වී ඇත. 13 February 2018
ඡන්දෙන් පැරදුනත් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරවලට පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්ව සිටින අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්‍රී ධූරවලට පත්කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 13 February 2018
ඕස්ටේ්රලියාවට සංක්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් එරටින් පිටුවහල් ඕස්ටේ්රලියාවේ සරණාගත භාවය ඉල්ලා සංක්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙකු එරටින් පිටුවහල් කර යළි ශ්‍රී ලංකාවට එවීමට එරට බලධාරීන් තීන්දු කර ඇතැයි ගාඩියන් පුවත්පත් අද (13) වාර්තා කළේය. 13 February 2018
එජාපය ආණ්ඩුවක් පිහිටවීමේ උත්සහයක එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය. 13 February 2018
පාලිත තෙවරප්පෙරුම රෝහලේ ඡන්ද නීති කඩ කිරීම සහ පහරදීමක් හේතුවෙන් බුලත්සිංහල පොලිසියට කරන ලද පැමිණිල්ලක් සඳහා නීතිය ක්‍රියාත්මක නොකීරීමට විරෝධය පාමින් දින පහක් පුරා බුලත්සිංහල නගරයේ උපවාසයක නිරත වෙමින් සිටි පාලිත තෙවරප්පෙරුම මහතා අද දින උපවාසය අවසන් කර අතර තෙවරප්පෙරුම මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් ආසිරි පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත. 13 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026