මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.
ජාතියේ ස්ථාවරත්වය සළකා මෙම තීරණය ගන්නා බව ද එහි සඳහන් වේ. එම ට්විටර් පණිවිඩය පහත දැක්වේ.

(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී කෙනෙක් අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙනවාලු. දෙපාරක් විශ්වාසභංගයෙන් පැරදුනාට පස්සේ අගමැති වෙන්නේ කොහොමද?
ඉල්ලා අස්වෙන්න අගමැති ධූරයක ඉන්න එපැයි.
ඉල්ලල අස්වෙන්න දෙයක් තිබුනද?මට ඇති ගැටලුව මේ අය ඇත්තටම නීතිය නොදැනද කටයුතුකලේ
දින 50ක නාඩගම ඉවරයි.
ඉතිං හදමු අපි අලුත් රටක් රොද බැදී එකම තැනක්
මින්පසු කිසිවෙකු විසින්, හොර පාරෙන් වැඩක් කරන්න ගිහිං, අනාගෙන නාගත්තම කිව හැකි ප්‍රස්ථාව පිරුළ... " මහින්ද අගමැති වුණා වගේ"
දැන් ඔය කියලා තිබෙන හැටියට මෛත්‍රීපාල මහතා සමග ඇති කරන්න යන සන්ධානය ආප්පය යන ලකුණින් මැතිවරණවලට ඉදිරිපත් වීම සුදුසුයි...
හත් පොලේ ගාගත්තා නේද....?
හත් පොලේ ගාගත්තා නේද?
"ජාතියේ ස්ථාවරත්වය සළකා" ... අනේද කියන්නේ?
නියම සිංහල ලාංකිකයෝ සතුටු වෙන්නේ නෑ ඔබතුමා යනවට
ගහට නැගපු කෙනාට කියන්න දේවල් තිබුන
ඔබේ අඳබාල වැඩත් පියාගේ දේශපාලන පරිහානියට හේතු වුනා. මේක දැන්වත් තේරුම් නොගත්තොත් ඒ මනුස්සයාට විශ්‍රාම කාලයවත් සැනසීමක් නැතිවේවි..!!! දේශපාලනයට ප්‍රතිභාව අවශ්‍යයි. ඔබේ පියාට එය තිබුන පලියට ඔබට එය පිහිටා නැහැ. මේක බොහොමයක් දේශපාලක ළමයින් තේරුම් ගන්නෙත් නැහැ. දියුණු රටවල දේශපාලකයින්ගේ දරුවන්ගේ හැසිරීමත් අපේ උදවියගේ හැසිරීමත් බලන්න. සමහරු අඩු ගානේ පියා දිවුරුම් දෙන අවස්ථාවේවත් කරලියට ඇවිත් පෙනී සිටින්නේ නැහැ. කිසිම අයුතු දේශපාලන වාසියක් වරප්‍රසාදයක් ගන්නෙත් නැහැ. ඒ රටවල් අදත්, හෙටත් දියුණුයි.
නාඬන් බේබි නාමල් මල නාඬ ඉදින් ජනපති තාත්තා සමුගෙන යයිද ඉතින් මුළු පවුලම කතා කිව්වත් බොහොම දුකින් රට වැසියන්ට නම් ඔය වැඩ නොදෝමකින්...
අස්වෙන්න ඕනේ නීත්‍යානුකූලව පත්වෙච්ච කෙනෙක්නේ.. එයා පත්කරලා නැහැ. මේ නාමල් මන්ත්‍රීතුමා නම් ඉතින් ඉතාමත්ම ප්‍රවීණ දේශපාලකතුමෙක්... ඒ වගේම එතුමගේ නීතිය ගැන ඇති හසල දැනුම ඇඬෙනවා අප්පා..
ලංකා මාතාවට කාටවත් වින කරන්න බැහැ. ඒ අදහසින් ආව අය සේරමට වුනේ ඕක තමයි...
නමුත් 62ලක්ෂයක් වන නියමම සිංහල ලාංකිකයෝ නම් එතුමගේ හොර වැඩේ ගැන හිතලා යන එක ගැන නම් සතුටු වෙනවා.
මහින්ද නැති තනතුරකින් ඉල්ලා අස්වෙන්නේ කොහොමද ?
ජනවාරි 5 වෙනිදාට ඡන්දෙ තීන්දු කලේ තාත්තගේ ග්‍රහයෝ එදාට හොඳ හින්දද? දැක්කද ග්‍රහයෝ නීච වුන හැටි.
මේ අය කටින් බත් කනවද නැත්නම් වෙන කුමක් හරිද?
ඔය නාමල්, මහින්ද මහත්තයා අතරමං කරපු තවත් එක හාදයෙක් තමයි.
හොරෙන් ආ අය අතින් අල්ලා නවත්වන්නට බෑ.
අනේ අපේ සෙල්ලං ගෙදර කඩා බිඳ දමන්න එපා...
එදා .. මහින්දට යන්න වුනෙත් නාමල්ගේ සල්ලාල ජීවිතය නිසා බව අද නාමල්ට අමතක වෙලා වගෙයි ..!
එදා.. මහින්දට යන්න වුනෙත්... නාමල්ගේ කුඩු, අපරාධ පිරිවරාගෙන ගතකරපු සල්ලාල ජීවිතය නිසා බව අද නාමල්ට අමතක වෙලා වගෙයි ..!
නීති දන්නේ නැති නීතිපතිත් එයාගේ දෙවෙනියත් (දප්පුලත්) අස්වෙන්න ඕන පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ව්යවත්ස්තාවට අනුකූලයි කිව්වේ එයාල දෙන්නම උසාවියට ගිහිල්ලා. මින්පස්සේ එයාලගෙන් උපදෙස් පැතීමත් මහා භයානකයි.
එහෙනම් දිග කලිසමක් මහගන්න FCID යන්න
අස් වෙන්න අගමැති කමක් තිබුනද ?
ලංකාවට වුනු ලොකුම සෙත නම් රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවා කියල යහපත් පුරවැසියන්ගේ හිතට හයියක් ආපු එක . නැතිනම් සෙල්ලක් කාරයන්ට ඕනෑම නැටුමක් මහජන වියදමෙන් කරන්න පුළුවන් වාතාවරණයක් බිහිවෙලා තිබුනේ . දැන් පොලිස් කොස්තාපල් තුමන්ලාගේ සිට තමයි පටන්ගන්න තියෙන්නේ . " ඔබ තුමා , මන්ත්‍රී හරි , ඇමති හරි කමක් නැහැ , දැන් කරුණාකරලා ඇතුලට යන්න , " කියන යුගයක් ආවොත් , එදාට තමයි " ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා " මතු පරපුරට කියන්න පුළුවන් වෙන්නේ . නැතිනම් මේ හැපිචෝල් යුගය එලෙසම පවතීවි . දිගටම මහජන මුදල් හොරා කාවි . මුදලට ඡන්දය කොල්ල කාවි. ත්‍රස්තවාදී වැඩ කරාවි.