( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු සේවයෙන් විශ්‍රාම යන බව අද ( 14 ) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරෙණි.
අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර ,බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරුවරු අසුන්ගත්හ.
එම විනිසුරු මඩුල්ල විනිසුරු ආසනවල අසුන් ගැනීමෙන් පසුව විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ලබන බවයි.මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළේය.
ඉන් පසුව නඩු කටයුතු සඳහා 502 අධිකරණ ශාලාවේ සිටි ජනාධිපති නීතිඥ ඊ කන ඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර වසර 40ක සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද කියා සිටියේය.
වනසුන්දර විනිසුරුවරියට සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුබ පැතුම් පළකර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අද විශ්‍රාම යන කෙනෙක් අද නඩුවකට පෙනී ඉන්නේ ඇයි?
අපේ රටට බුදු සරණයි....
අැයට ලැබිය යුතුව තිබූ අගවිනිසුරු තනතුර අාප්ප සිරා හා සමනළ රනිල් වැළැක්වීමත් අැය නඩුවලට පෙනී සිටිනවාට විරුද්ධව එ.ජා.ප කටයුතු කිරීමත් නිසා කළකිරීමකින් මෙම හදිසි තීරණය ගන්නට අැත. නීතිය කෙරෙහිද බහුතරයක් ජනයා තුළ විශ්වාසය බිඳ වැටෙමින් පවතියි. මතුදිනක එහි උචිතම අවස්ථාවන් දැකගත හැකිවනු අැත.
රනිල්ට මෙච්චර දේවල් කරන්න පුළුවන්ද?
ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම විනිසුරුවරියක්...
අවසන් නඩුව මිත්‍රයට උදව් නොකර ඉඳීවිද?