මුදිතා දයානන්ද
ලංකා ඉතිහාසයේ පළමු වතාවට විධායක ජනාධිපතිවරයෙක් ගත් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කිරිමෙන් යළි යළිත් තහවුරු කර තිබෙනවා රටක ව්‍යවස්ථාව කාටවත් ඕන ඕන හැටියට කෙළිබඩුවක් කරගන්න බැහැ කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (14) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් මෙසේ ද පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපති තමන්ට කැමති විදිහට ආණ්ඩුවක් පත්කරලා ඒ ගැන කතා කරන්න තිබෙන ප්‍රධානම ආයතනය වන පාර්ලිමේන්තුව වහලා දාලා කුමන්ත්‍රණයක් කළ අවස්ථාවේ සිටම මේක අපි අනිවාර්යයෙන්ම පරද්දනවා කියලා කිව්වා. ඒ වගේම අපි ඒක දැන් පැරැද්දුවා. එය සනිටුහන් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්වුණා. එය එජාපයේ හෝ රනිල් වික්‍රමසිංහගේ හෝ ජයග්‍රහණයක් නෙවෙයි, ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ලැබුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසයි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සත්පුද්ගල විනිසුරු මඩුල්ල පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව නිසා ජනතාවගේ ඡන්ද අයිතිය ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝණය කර ඇති බවයි.
ජනතාව ඡන්දයෙන් පත්කළ පාර්ලිමේන්තුවක නියෝජිතයින් එක් පුද්ගලයකුගේ තනි උවමනාව මත නියමිත කාලයට පෙර ඉවත් කරන්න බැරි බවයි. ඒ වගේම 12 (1) වගන්තියෙන් සෑම පුද්ගලයකුටම සමානව සැළකිය යුතු බව කියනවා. කිසියම් පුද්ගලයකුට තවත් අයකුගේ අයිතීන් අත්තනෝමතික ලෙස උල්ලංඝණය කරන්න බැරි බව මේ විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා... අපි අදමනේ දැනගත්තේ? මේ උන්දැ හොඳ වෙලාවට අපිට කියලා දුන්නේ...
දෙපැත්තටම දීලා බැලුවා, ජනතා විමුක්ති පෙරමුණට තමයි මෙවර...
අපොයි ඔව් තනිකරම අච්චාරුවක්...
එතකොට 88-89 කාලේ මොකක් එක්කද සෙල්ලම් කළේ?
87,88,89 කාලවලදී තරුණයන් උලතියා ටයර් දමා පිළිස්සුවේ මොන ව්‍යස්ථාවට අනුවද කියලත් හොයලා බැලුවා නම් හොඳයි කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද?
මේක නොදත් අපේ පුතාලා, විහින් නහි... හැමදෙනාලා. ඕක අහන්න ඕනේ රෑ ඩැනියෙල් දවල් මිගෙල්ගෙන්...
මහ බැංකුව කැඩුවේ ව්‍යවස්ථාව අනුවද?
මෙදා පාර ගෙදර, තවත් දොඩවන්න එපා.
ඒ වගේම තමයි ව්‍යවස්ථාව එක එක එක්කෙනාට ඕන විදියට වෙනස් කරන්නත් සුදුසු නැහැ නේද?
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ දන්නා දෙයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ගැන අපිට වඩා ඔබ වහන්සේ දැනගන්න විදියක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට හොඳ කොල්ලෝ හිටියා තමයි දැනටත් අවංක අභිලාෂයන් තියෙන අය ඉන්නවා තමයි. හැබැයි ඔය ඔබ වහන්සේ කියන ආකාරයේ මානව දයාවක් හෝ රට ගලවා ගැනීමේ මෙහෙයුමක් කලේ නැහැ. එහෙම අභිලාෂයන් තිබුණු අය හිටියට, ඒ හැමෝම මරලා දැම්මා. නැත්නම් පන්නලා දැම්මා. හැමවිටම ජනතා විමුක්ති පෙරමුණ තෝරාගත්තේ තමන්ගේ වාසියට... මිනිස්සු බය කිරීම් කලාව. ප්රජාතන්ත්රවාදය ගැන දැන් කතා කළාට එදා දැනගෙනවත් හිටියේ නැහැ. එ්ත් අනාගතයේදීවත් ඒවා තේරුම් අරන් සමාජ ප්රජාත්නත්රවාදී ගමන් මගක ගියොත් රටට යහපතක් වෙයි...
ඉතින් හැමදාම 60000 තමයි. 2001 ඡන්දෙදි 815553 ගත්ත ජේවීපිය 2015 දී ගත්තේ 543944 යි. ජේවීපිය ක්‍රමයෙන් පිරිහෙන බව නොපෙනෙන්නේ කොහේ ඇති දෝෂයක් නිසාද?
දැන් නින්ද යයි. ඔයාලට ගැලපෙන අගමැති. රටම දැනගත්තා ජවිපය මොකක්ද කියලා...
සෙල්ලම් බඩුවක් නම් නොවෙයි. එ්ත් පාර්ලිමේන්තුව ඇතුලෙදි ඒකෙන් කාට හරි දමල ගහන්න පුළුවනි!
ඉල්ලා ගන්න කෘෂි කාර්ම අමාත්‍යංශය. හරියට කරලා පෙන්වන්න. ඔයාලා හොඳට කතා කලට කවදාවක් තනිකර බලයක් එන්නේ නැහැ . එම නිසා මම ඉස්සරත් කියල තියනවා. මම කියපු අමාත්‍යංශය භාර ගෙන අඩුම තරමේ වැව් අමුණු ටික පිළිසකර කරලා පෙන්වන්න. චීනයේ සහ රුසියාවේ හරිගිය නැති යල් පැනපු කොමිස්ට් වාදය කිසිම රටක හරි ගිහින් නැහැ. චීනය මොන දියුණුවක් තිබුණත් මිනිස්සු ඉන්නේ පැය 24ම භයේ. උතුරු කොමිස්ට් කොරියාව පාලනය කරන්නේ යම පල්ලෙක්. කියුබන් මිනිස්සු හිඟ නොකා හිඟ කනවා. දැන් ඔය තරුණ ඡන්දය දාන්න බලාගෙන ඉන්න ළමයි සමාජ මාධ්‍ය ඇසුරෙන් හොඳට තොරතොරු දන්නා පිරිසක් මේ විහිලුවට කියන දෙයක් නෙමේ මල්ලි. ජනාධිපති තුමනි අගමැති තුමනි මේ ගොල්ලගෙ ඇඟේ කොහොම හරි අමාත්‍යංශයත් ගහන්න.