එජාප අපේක්ෂකයකුගේ නිවසට මැර ප්‍රහාරයක් උඩප්පුව කොත්තනතිව් ප්‍රදේශයේ එජාප ලැයිස්තුවෙන් නම් කර සිටි අපේක්ෂකයකුගේ නිවසට අද ( 11 ) කිසියම් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බව උඩප්පුව පොලිසිය පවසයි . 11 February 2018
පුත්තලම නගර සභාවේ බලය සුළු පක්ෂයකට ඉතිහාසයේ ප්‍රථම වරට පුත්තලම නගර සභාවේ බලය සුළු පක්ෂයක් ජයග්‍රහණය කිරිමට සමත්ව තිබේ. 11 February 2018
ස්වාමීන්වහන්සේ නමකට නාදුනන දෙදෙනෙකුගෙන් ප්‍රහාරයක් වරපලාන ශ්‍රි ජිනේන්දාරාම විහාරස්ථානයේ වැඩසිටි හැවනිවල චන්ද්‍ර ජෝති ස්වාමීන්වහන්සේට අද (11) විහාරස්ථානයේ දී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිඳු කළ පහරදීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මල්වතු හිරිපිටිය පොලිසිය කියයි. 11 February 2018
මහින්දලාගේ පොහොට්ටුවට දැවැන්ත ජයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය හිමි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේදී අති විශිෂ්ට ජයක් කරා ගමන් කරමින් සිටී. මේ වන විට ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන ලද 290 කට ආසන්න පළාත් පාලන ආයතනවලින් ආයතනය 230 කට වැඩි ප්‍රමාණයක බලය හිමිකරගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ. 11 February 2018
හම්බන්තොට මහ නගර සභාවේ බලය එජාපයට අහිමි වන ලකුණු හම්බන්තොට මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සන්ධාන ගත වී පිහිටුවන බව හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි. 11 February 2018
ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙලා-අනුර කුමාර ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව පෙනී යන බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. 11 February 2018
ලංකා කම්කරු කොංග්‍රසය සහ පොදු ජන පෙරමුණ එක්ව ගමනක් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 11ක බලය ලංකා කම්කරු කොංග්‍රසය ජයග්‍රහනය කර තිබේ . ලංකා කම්කරු කොංග්‍රසය පොදු ජන පෙරමුණ සමඟ එකට එක්වී එම ආයතන වල බලය පිහිටුවන බව සි.බි රත්නායක මහතා පවසයි. 11 February 2018
මාවනැල්ල ප්‍රා. සභාවේත් බලය වැට උඩ පළාත් පාලන මැතිවරණයේදි මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ලැබි ඇති ප්‍රතිඵල අනුව බලය පිහිටවීමේදි අර්බුදකාරි තත්ත්වයක් ඇති වන බව දේශපාලන ආංරචිචි මාර්ග පවසයි. 11 February 2018
රනිල් වික්‍රමසිංහ 30 වැනි වතාවටත් පැරදුණා-කෙහෙළිය රනිල් වික්‍රමසිංහ මහතා 30 වන වතාවටත් පැරදී ඇති බවත් එම නිසා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අනාගතය කුමක්ද කියා සිතන්නට දැන් කාලය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ල මහතා පවසයි. 11 February 2018
කුරුණෑගල මහා නගර සභාවේ අර්බුදකාරී තත්ත්වයක් පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල මහා නගර සභාවට ලැබී ඇති ප්‍රතිඵලය හේතුවෙන් බලය පිහිටුවීමේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි ආරංචිමාර්ග පවසයි. 11 February 2018
ජාතික ජනතා පක්ෂයට මන්ත්‍රී ආසන 10ක් පළාත් පාලන මැතිවරණයකට පළමු වතාවට ඉදිරිපත් වූ ජාතික ජනතා පක්ෂය මන්ත්‍රී ආසන 10 ක් දිනා ගැනීමට සමත්ව සිටියි. 11 February 2018
ජනතාව රවටාගෙන හැමදාම ඉන්න බෑ-ගෝඨාභය සෑමදාම ජනතාව රවටාගෙන සිටිය නොහැකි බවට මෙම ජයග්රහණයෙන් පිළිබිඹු වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 11 February 2018
ජනපති හදිසියේම ඇමතිවරුන් කැඳවයි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ගැන සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ආරංචිමාර්ග පවසයි. 11 February 2018
අගමැතිට ඉල්ලා අස්වෙන්න’යි නාමල් කියයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජනමතයට හිස නවමින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවත් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 11 February 2018
ජාතික ආණ්ඩුව 2020 තෙක් ගෙනයාමට එජාපයේ තීරණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට අද (11) තීරණය කරනු ලැබ තිබේ. 11 February 2018
ප්‍රසන්නගෙන් අනතුරු ඇඟවීමක් මැතිවරණ ප්‍රතිඵලයත් සමග ජනමතයේ වෙනසක් ඇතිවී තිබෙන නිසා කළ යුත්තේ කුමක්දැයි ජනාධිපතිවරයා කල්පනා කළ යුතු බවත් අගමැතිවරයා ඉවත් කර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 11 February 2018
බාප්පාගේත් පුතාගේත් ඡන්ද සමාන වීමෙන් කුසපත් ඇදීමක් මෙවර පළාත් පාලන මැතිවරණයට පක්ෂ දෙකකින් තරග වැදි සමාන ජන්ද සංඛ්‍යාවක් ලබාගත් එකම පවුලේ බාප්පා හා පුතා වූ දෙදෙනෙකු වෙනුවෙන් කුසපත් ඇදීමට සිදුවූ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ. 11 February 2018
මාතර එජාප ප්‍රබලයෝ හැළෙති මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයින් සියලු දෙනාම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ. 11 February 2018
දිස්ත්‍රික්ක 12කින් පොහොට්ටුව පෙරට පළාත් පාලන මැතිවරණයේදී සමස්ත සභික ධුරවලින් පහෙන් එකක සංඛ්‍යාවක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ. 11 February 2018
ගල්ලෑල්ලේ දෙපිරිසක් අතර ගැටුමකින් 4කට තුවාල පළාත් පාලන මැතිවරණය පැවැති (ඊයේ 10) රාත්‍රී 9.20 ට පමණ පොලොන්නරුව කදුරුවෙල, ගල්ලෑල්ල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජාතික සාම සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ 11 February 2018
ප්‍රතිඵල ප්‍රමාදයට මැතිවරණ කොමිසම සමාව ඉල්ලයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලයි. 11 February 2018
’පොහොට්ටුවෙන් එන කිසිදු අපේක්ෂකයකුට තම අභිමතයට වැඩ කරන්න බෑ ’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කරන්නට නොදෙන බවත් තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත 11 February 2018
ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සකසා තිබූ තාක්ෂණික යාන්ත්‍රණයේ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට මැතිවරණ කොමිසම දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි. 11 February 2018
අම්බලන්තොට ප්‍රාදේශීය සභාව පොහොට්ටුවට 2018 පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය අද (11) මධ්‍යම රාත්‍රී 12.06 ට නිකුත් කෙරිණි. 11 February 2018
පුහුල්වැල්ලේ ඡන්ද 10,000කට වෙච්ච දෙයක් නෑ මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 10,155 ක පමණ ඡන්ද ප්‍රමාණයකට සිදුවූ දෙයක් නොමැති බව එහි නිල ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි. 11 February 2018
ප්‍රතිඵල ප්‍රමාදයි - මැකො සභාපතිගෙන් නිවේදනයක් ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම්භාර නිලධාරීන්ට සිදු වී ඇති බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 11 February 2018
එජාප ආධාරකරුවෝ මහපාරේ යකා නටති මාවනැල්ල හෙම්මාතගම ගිනිහප්පිටිය කොට්ඨාශයේ එජාප අපේක්ෂකයකු ජයග්‍රහණය කර ඇති බව පවසමින් ඔහුගේ ආධාරකරුවන් අදාළ අපේක්ෂකයාගේ නිවස පිහිටා ඇති හෙම්මාතගම නගරයේ ගම්පොල මංසන්ධියේ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රධාන මාර්ගය හරස් කරමින් කෑකෝ ගසමින් සහ හූ කියමින් නගරයේ ගමන් කරන රථ වාහාන මෙන්ම ජනතාවටද බධාවක් වන අයුරින් හැසිරුණු අකාරය මිට සුළු මොහොතකට පෙර දැක ගත හැකි විය. 10 February 2018
උතුරු කොරියාවට පැමිණෙන්නැයි දකුණු කොරියානු ජනාධිපතිට ආරාධනා සාම සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණෙන්නැයි එරට නායක කිම් ජොන්ග් උන්ග් දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් වෙත ආරාධනා කර ඇතැයි දකුණු කොරියානු බලධාරීහූ පවසති. 10 February 2018
යතුරු පැදිය ත්‍රීරෝද රිය මතට වැටී අයෙක් මරුට අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් ත්‍රි රෝද රථයක් මත පතිත විමෙන් ත්‍රි රෝද රථය පැදවු එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයෙතු අද (10) මිය ගිය බව එප්පාවල පොලිසිය කියයි. 10 February 2018
මැතිවරණය සාමකාමී - මහින්ද දේශප්‍රිය පශ්චාත් මැතිවරණ කාලයේදී සාමකාමීව හැසිරෙන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 10 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026