(නිමල කොඩිතුවක්කු)
ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවූ ක‍්‍රියාවලියට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් මර්දනය කිරීමේ ප‍්‍රයත්නයක් ක‍්‍රියාත්මක වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී අද (12) පැවසීය.
ජනාධිපතිවරයාගේ අනීතික ක‍්‍රියාවලියට විරුද්ධව නගන හඬ මර්ධනයෙන් පාලනය කිරීමට කටයුතු කරන්නේ නම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්පූර්ණයෙන්ම නැති කිරීමට දරන කුමන්ත‍්‍රණයක් යැයිද විජේසූරිය මහතා සඳහන් කළේය.
රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීවේය.
‘‘ ජනාධිපතිවරයා ඔක්තෝම්බර් 26 වැනිදා කරපු ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලිය නිසා මේ රට තුළ කැළඹීමක් ඇතිවුණා. ඔහු ඒ සිදුකරපු වරද නැවැරදි කරගැනීමට කටයුතු කළේ නැහැ. ඒ වරද සාධාරනය කිරීමට තවත් විවිධ වැරදි කරන්න පටන් ගත්තා.
මේ නිසා ඒ පිලිබඳ සමාජයේ විවිධ ක‍්‍රියාධරයන් තමන්ගේ අදහස් දැක්වීමට පටන් ගත්තා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ පුරවැසියන්ට තියෙන අයිතියක් වෙනවා.
රාජපක්ෂ පාලන සමය තුළත් මිනිස්සුන්ට අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතිය නැති කරලා තිබුණා. එහෙම පසුබිමක සිවිල් ක‍්‍රියාධරයන්, වෘත්තිය සමිති නායකයෝ ඒ පාලන තන්ත‍්‍රය විවේචනය කරමින් ජනතාව දැනුවත් කළා.
කාලයක් තිස්සේ සමාජය තුළ ගොඩනැගුනු බලවේගයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස කරලියට ඇවිත් ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේ. ඔහු ඔක්තෝම්බර් 26 වැනිදා තමන්ට ලැබුණු ජනවරම පාවා දීම නිසා හැටදෙලක්ෂයක ජනතාව හා සම්බන්ධතා පවත්වපු සියලු පුද්ගලයන් අසීරුතාවයකට ලක්වෙනවා.
ජනාධිපතිවරයා සිදුකරපු ව්‍යවස්ථා විරෝධි ක‍්‍රියාවලිය පිළිබඳ හඬක් නගන්න ඒ අයට සදාචාරාත්මක වගකීමක් පැවරෙනවා. රට අස්ථාවර කිරීම සම්බන්ධව ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම පිලිබඳ විවිධ ක‍්‍රියාමාර්ග ඒ අය ගනිමින් සිටිනවා.
මේ සමාජ ක‍්‍රියාධරයන්ගේ අදහස් සමාජ ගතවීම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් වාරණයකට ලක්කළා. ඒ අය ඒක කළේ මාධ්‍ය සංස්කෘතිය යම් ආකාරයකට අවභාවිතයකට ලක්කරමිනුයි.
අපි පැහැදිළි වශයෙන්ම ප‍්‍රකාශ කළේ මේ කුමන්ත‍්‍රණයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා බවයි. විවිධ පුද්ගලයන් අදහස් පල කිරීමේදී විවිධ ආකාරයට තමන්ගේ විරෝධතාවයන් පළ කළා. ඒක පුරවැසියන්ගේ අයිතියක්.
සමන් රත්නප‍්‍රිය මහතා දීර්ඝ කාලයක් තිස්සේ වෘත්තිය සමිති වලට නායකත්වය දුන් පුද්ගලයෙක් හැටියට ඔහු පැහැදිලිව සෘජුව විරෝධතා දක්වනවා. මේ විරෝධතා දැක්වීමේදී ඔනෑම පුද්ගලයෙක් කරුණු පැහැදිලි කිරීම සඳහා විවිධ උපහරන දක්වනවා. ඒ දේවල් වලින් සමහර අයට රිදෙනවා. සමහර අය ඒ දේවල් වලින් කෝපයට පත්වෙනවා. ඒකේ අවසානය තමයි පලිගැනීමට තීරණය කිරීම.
ඔක්තෝම්බර් 26 වැනිදා සිද්ධ වුණ කුමන්ත‍්‍රණයේ අද වනවිට අපිට පේන්නේ පලිගැනීම කියන එක කරලියට එමින් තිබෙන බවයි. ඒ ක‍්‍රියාවලියට විරුද්ධ අදහස් දක්වපු පුද්ගලයන් මර්දනය කරන්න නිහඬ කරන්න ඉතාම දීන ප‍්‍රයත්නයක් දරනවා.
අනීතික දෙයක් කරලා ඉන් රට තුළ විවිධ ව්‍යාකූලතාවයන් ඇති කරලා ඒවා නිරාකරනය කිරීමට උත්සාහයක් නොදරන තැන විවෘතව අදහස් දක්වන පුද්ගලයන් මර්ධනය කිරීමට පටන් ගන්න එපා කියලා අපි කියනවා.
මර්ධනය කියන එකට විරුද්ධව තමයි මේ රටේ නීති ගරුක පුරවැසියෝ ජනවාරි 08 වැනිදා ඒ පාලන ක‍්‍රමය වෙනස් කළේ. නැවතත් ඒ පාලන ක‍්‍රමය කැඳවනවා කියන්නේ මේ රටේ ප‍්‍රචන්ඩත්වය ඇති කරමින් මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි කිරීමක් වෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ මොන ආකාරයකින් අදහස් දක්වන පුද්ගලයෙකුට වුවත් මර්ධනකාරි පිලිවතක් ක‍්‍රියා කරන්න.
ඒ අදහස් වලට එකඟ වෙන්නට බැරිනම් ඔහු ඒවට ප‍්‍රතිචාර දක්වන්න ඕන. ඔහු කිසිදු අවස්ථාවක ජනවාරි 08 වැනිදා ඔහුව බලයට පත්කිරීමට කැපවූ වෘත්තීය සමිති නායකයන්, සිවිල් ක‍්‍රියාධරයන් එක දවසක්වත් කැඳවලා තමන් කරපු කටයුත්ත ගැන කතා කළේ නැහැ.
ජනාධිපතිවරයා කියන දේ පිලිගෙන නිහඬව මුනිවත රැකගෙන ඉන්නද ඔහු කියන්නේ කියලා අපි අහනවා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සම්පූර්ණයෙන්ම පටහැනියි.
ඒ නිසා ජනාධිපතිවරයාගේ අනීතික ක‍්‍රියාවලියට විරුද්ධව අපි අපේ අදහස් පල කිරීම දිගටම කරගෙන යනවා. ඒවා මර්ධනයෙන් පාලනය කිරීමට පුලූවන් කියලා හිතනවනම් අපි ඒක දකින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්පූර්ණයෙන්ම නැති කිරීමට දරන කුමන්ත‍්‍රණයක් ලෙසයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
පුරවැසි බලයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ, නීතීඥ කේ. ඩබ් ජනරංජන, ප‍්‍රවීණ කලාවේදී ලූෂන් බුලත්සිංහල යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මේ සඳහා එක්වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිරිසේන මල්ලියා... වන්දනාවේ ගිහිල්ලා...
අප සිතා සිටියේ ඔබතුමා පෙනී සිටින්නේ සත්‍ය වෙනුවෙන් කියා, ඔබතුමාගේ වචන මාලාවන් ජනතාව තුළ දන්වන්නේ ඉතාමත් පැහැදීමක්.., නමුත් මෑතක සිට අසන්නට ලැබෙන පුවත්වලින් දැනගන්නට ලැබෙන්නේ ඔබතුමත් රජයේ ත්‍යාග ලාභියෙක් බව... ඔබතුමන්ලා එසේ නම් අනිත් අය ගැන කවර කතාද? ජනතාව අසරණයි..
අනේ යන්න මහත්මයා යන්න ඔයා කෑගහන ඔය ප්රජාතන්ත්රවාදයක් හින්දා නෙමෙයි රාජපක්ෂ මහත්මයා පැරදුනේ එයාගේ අාණ්ඩුවේ හිටපු අය කරපු වැරදි වැඩ නිසා දූෂණය අල්ලස වගේ දෙවල්... ඔයාල දෙන්නා කෑගහන්නේ ඩොලර් නිසා.. ඔයාලමනේ කෑගහගෙන මෛත්‍රී හොඳායි කියලා කිව්වේ.. දැන් බොරුවට කෑගහනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ගැන කථා කරන්න ඉස්සෙල්ලා එ් වචනෙ තේරුම් කරලා දෙන්න අපිට. ඕක අපිට තේරෙන්නේ නැහැ. අපිට නිදහසේ ඉන්න මැතිවරණ නියමවෙලාවට පවත්වන ජනතාව ගැන හිතන රජයන් තිබුනාම අැති. ඩොලර් කුක්කන්ට සල්ලි ලැබෙන්නෙ කෑගහන තරමට වෙනටෑ මගෙ හිතේ...
මෙතුමා ගැන එක උදාහරණයක් දෙන්නම් .. කුලියාපිටියේ ඉතා දුෂ්කර පාසල් සඳහා වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා ඔවුන්ගේ මානසික වර්ධනය උදෙසා .. මෙතුමාට ආරාධනය කලා ප්‍රධාන දේශනය සඳහා .. රු 35000 ඒ වෙනුවෙන් ඉල්ලුවා .. පැහැදිලි කරලා කිව්වා ඉතා දුප්පත් පාසල් වෙනුවෙන් මෙය ක‍්‍රියාත්මක කරන බව.. ඒත් අදාල මුදල් නැතුව පැමිණිය නොහැකි බව කිව්වා. මේ කතාකරන්නේත් මුදල් වෙනුවෙන්..
සරත් මහත්මයා කොහෙද හිටියේ? ඔබතුමා නැතිකාලේ මාර වැඩ වුණා. රවී මහබැංකුවට ගැහුවා. මහින්ද අාවා කිව්වම බය වුණාද? දැන්ද නැගිට්ටේ...?
පුරවැසි බලයේ හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහත්වරු ඉස්සෙල්ලම ජනතාවගේ බදු මුදලින් තම සාමාජිකයින්ට ලැබුණු වරදාන ගැන උත්තරයක් දෙන්න පුළුවන් නම් හොඳයි. කෑගහන ඔය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තමුන්නාසේලා ලඟ තියනවද? මේ ව්‍යාපාරවල අරමුණු සුපිරිසිදුද කියලා අවබෝධ කරගන්න අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එතකොට නම් පුළුවන්.. නැත්නම් තමුන්නාන්සේලාත් මාසේ පඩියට කෑගහන සෙට් එකක් කියලා තමයි අපි හිතන්නේ.
දැන් එයා ඒකාබද්ධ ගොහොරුවේ එරිලා ගොඩට ඒ ගන්න බැරිවයි ඉන්නේ...
ඔය ටික කියනවට ඇමරිකන් ඩොලර් කීයක් ලැබුණාද?
මෙතුමා, අසීමිත ලෙස රනිල් ඇතුළු කණ්ඩායමට කඩේ යනවා.. තමන්ගේ වෘත්තියට අගෞරව කරනවා.
තමුන්ලා තමා මේ සියල්ලටම වග කිව යුතු වන්නේ...
ඔබ කියන කතාවත් සමග 110% එකග වෙමි.
අනේ මෙච්චර දවස් කොහෙද හිටියේ? දැන්ද ඇහැරුනේ.?
හදවත කතනොකරයි, නමුත් සල්ලි කතාකරයි. ඇත්ත එකයි.
ඔය 6 දෙනාටම ගෙවන්නේ ලොතරැයි මණ්ඩලයෙන්මද? පරිස්සම්වෙන්න එන පාට හොඳ නැත.