රොහාන් කුමාර
කෑගල්ල බෝගල පතලේ ලක්ෂ 19 ක මුදලක් මංකොල්ල කෑ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට දසදහසක දඩයක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද( 12) නියම කළේය.
මෙ ලෙස දඬුවම් නියම කෙරුණේ පිංදෙනිය අටාල පදිංචි සේනානායකගේ ඉන්දික රුවන් සේනානායක නැමති 44 වියැති තිදරු පියෙකුටය.
2000 බෝගල මිණිරන් පතලේ සේවකයින් සඳහා පඩි ගෙවීමට තිබූ ලක්ෂ 19ක මුදල කොල්ල කා, ගිනි අවියක් පෙන්වා බියකර එහි ආරක්ෂක නිලධාරීන් බැඳ දමා එහි තිබූ ජීප් රථය පැහැරගෙන යාම සම්බන්ධයෙන් පිංදෙනිය පොලිසිය විසින් සැකකරුවන් 9ක් අත් අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කළේය.
කෑගල්ල මහ අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ නඩුව විභාග කිරීමෙන් පසුව සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කර නොමැති හෙයින් සැකකරුවන් හත්දෙනකු නිදහස් කෙරිණි.
අටවන සැකකරුවන ගරාගොඩගේ කෝකිල පේමලාල් හෙවත් උපාලි නමැති අයෙකු අධිකරණය මග ඇර ඇති අතර 9වන සැකකරු වැරදිකරු වීමෙන් පසුව ඔහුට මෙසේ දඩ මුදලක් හා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණ විනිසුරුවරයා නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාප්ප දේශපාලක උතුමෙක්...
මෙයාව පොහොට්ටුවේ නිසා තීන්දුව වැරදියි කියලා නැවත උසාවියට විරුද්ධව නඩුවක් දමාවි...
මෙන්න විනිසුරුවරු... මෙවැනි අය තමයි අපේ රටට අද අවශ්‍යව ඇත්තේ. මෙතුමාට, අපේ හොර දූෂිත චෝදනා එල්ලවූ දේශපාලකයන්, බැඳුම්කර හොරුටික, අහුවුණොත් මොනවා කරයිද? ඔබතුමාගේ ඉදිරිගමනට මගෙනුත් සුබ පැතුම් ගරු විනිසුරුතුමනි...
අප ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. අපගේ දුප්පත් මුදල් හොරා කාපු නමුත් කිසිදු හිරිකිතයකින් තොරව මහජනයා ඉදිරියේ පුරසාරම් දොඩවන සුදු රෙදි පොරවාගත් කාලකන්නි තක්කඩි රෑනටත් ජිවිතාන්තයට මෙන්ම උප උපන් සෑම ආත්මයකම කල්දේරම් බත කෑමට වැඩ සැලසේවා... යන්න අපගේ මව්බිමට ආදරය කරන සියලුම පුරවැසියන්ගේ එකම පැතුමයි...
මේ කාටවත් මතක නෑ අවුරුදු 18 ක් මේක විසදා දඞුවම් දෙන්න තරම් අධිකරනය අකාරයක්ෂමයි කියලා.
අනේ මේ විදියටම අපේ රටේ මුදල් කෝටි ගණන් වංචා සහ හොරකම් කරන දේශපාලකයන්ටත් දඩුවම් දුන්නොත් හිරගෙවල් වල ඉන්නට දේශපාලකයන්ගේ ආයුෂ අවුරුදු 300 ක් විතර වැඩි කරන්න වෙයි.
රටේ මුල්‍යමය ආයතන මහජන මුදල් අරගෙන හොදින් වැජබෙනවා, කෝ මේ අය වෙනුවෙන් නීතිය කිසිම වෙහෙසකින් තොරවයි මේ මංකොල්ලයන් වෙන්නේ මේවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නේ ඇයි?