රජය ගෙනයන්න ජනපතිටත් අගමැතිටත් අයිතියක් නෑ - ජාතික සංවිධාන එකමුතුව යහපාලන ජාතික රජය තවදුරටත් පවත්වාගෙන යාමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය. 13 February 2018
හැටන් ලංගම ඩිපෝවේ පරිපාලනය සේවකයෝ අතට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කිරිම සමඟ හැටන් ලංගම ඩිපෝවේ ඇතැම් සේවකයයෝ එම ඩිපෝවේ කළමනාකාරවරයා සහ ඩිපෝ පරික්ෂකවරයා දරන තනතුරු වලින් ඉවත් වන ලෙස බලපෑම් කර ඇති අතර ඇතැම් සේවකයයෝ ඩිපෝවේ පරිපාලනය අතට ගෙන තිබේ. 13 February 2018
මැති ඇමතිවරු රැසක්ම ඡන්ද කොට්ඨාසය පරදිති පළාත් පාලන මැතිවරණයේදී ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් හා දේශපාලනඥයින් රුසකගේ ඡන්ද කොට්ඨාස වල පලාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇත. 13 February 2018
උඩවත්ත කැලෙත් විකුණාගෙන කන්න යයි වන සංරක්ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක්‍රමයක් මඟින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි උඩවත්ත රක්ෂිත වනාන්තරයේ කොටසක් ප්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට මේ වනවිටත් පිඹුරු පත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. 13 February 2018
පාලිත තෙවරප්පෙරුම උපවාසය අතහරී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරැම මහතා දින පහක් පුරා බුලතසිංහල නගරයේ සිදුකළ උපවාසය අද දහවල් අවසන් කරන ලදී. 13 February 2018
මතුගම ප්‍රාදේශිය සභාවේ වසර 4 ක පිරිවැය කෝටි තුනහමාරයි මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රී වරුන් 34 දෙනා සඳහා මාසිකව රුපියල් හත් ලක්ෂ පනස් දෙදහසකට (752000) අධික මුදලක් දැරීමට සිදුවන බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා පවසයි. 13 February 2018
භාරතීය ජනතා පක්ෂ නායකයා මහින්ද ඉල්ලයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි. 13 February 2018
ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ හිටපු උප සභාපති 15 දා තෙක් රිමාන්ඩ් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන චන්ද්‍රසිරි මුණසිංහ යන අය මේ මස 15දා තෙක් රිමාන්ඞ්භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.බී. දසනායක නියෝග කළේ ය. 13 February 2018
දුම්වැටි තොගයක් නීති විරෝධීව ගෙනෙති නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් 2/13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය . 13 February 2018
ශ්‍රී ලංකාවේ පළමු ආදිවාසී මහජන නියෝජිතවරිය ශිරෝමාලා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක් පසුගිය දා පැවැත් වු පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහි අත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ජය ලැබුවාය. 13 February 2018
නවතා තිබූ කන්ටේනරයේ ගැටී පොලිස් සැරයන් මරුට බොරැල්ල - මීගොඩ මාර්ගයේ අතුරුගිරිය පෝරේ කනත්ත පාර අසලදී පොලිස් යතුරු පැදියක් නවතා තිබූ බහාලූම් රථයක ගැටීමෙන් පොලිස් යතුරුපැදියෙහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. 13 February 2018
මුලතිව්හි බෝම්බයක් පිපිරීමකින් නිවසකට හානි මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රද්‍ෙශයේ බෝම්බයක් පුපුරා යාමෙන් නිවාස කිහිපයකට හානි සිදු වී ඇත. 13 February 2018
කිලෝ 15 ක් බර කැබැල්ලෑවෙක් පමුනුව දැලිවලින් කිලෝ 15 ක් පමණ බරකින් යුත් කැබැල්ලෑවෙක් පමුනුව දැලිවල වික්‍රමසිංහ මහතාට අද (12) හමුවී ඇත. 12 February 2018
ජනපති - අගමැති තීරණාත්මක සාකච්ඡාවක මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි. 12 February 2018
පරාජිත පොහොට්ටු අපේක්ෂකයා ගම්වාසීන්ට ගමේ ක්‍රිඩා පිටිය තහනම් කරයි පුත්තලම මානතිව් ප්‍රදේශයේ පොහොට්ටුවෙන් තරග කර පරාජයට පත්වු අපේක්ෂකයකු ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස අද ( 12 ) තර්ජනය කිරිමත් සමඟ ඇතිවිමට ගිය කැළඹිමක් පුත්තලම පොලිසිය මැදිහත්ව වලක්වා තිබුණි. 12 February 2018
කෝටි 401ක් අවභාවිත කළ ලේකම්ට විවෘත වරෙන්තුවක් ගිං නිල්වලා ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. 12 February 2018
බහුතරය පොහොට්ටුවට එරෙහියි - රාජිත ලංකාවේ බහුතර ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව බවත් එයට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 12 February 2018
පවතින ආණ්ඩුව ශක්තිමත් කිරීමට දෙමළ සන්ධානයේ උත්සාහයක් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට අනුව පවතින ජාතික ආණ්ඩුව ශක්තිමත් කිරීමේ උත්සහායක් දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන යන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සන්ධානය තුළ සාකච්ඡා ආරම්භ වී තිබෙන බවත් එම සන්ධානයේ දේශපාලන ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි. 12 February 2018
පලාගල ප්‍රාදේශීය සභාවට භික්ෂූන් වහන්සේ නමක් පලාගල ප්‍රාදේශීය සභා ඉතිහාසයේ පළමුවරට එහි සභික ධුරයක් සඳහා භික්ෂුන් වහන්සේ නමක් පත්ව ඇත. 12 February 2018
මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි මිනීමැරුම් සිද්ධියකට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ ඔහු වරදකරු වී ඇත. 12 February 2018
පොරොන්දු කඩ කිරීම පරාජයට හේතුවයි - සරත් විජේසූරිය මෙවර පළාත් පාළන මැතිවරණයෙන් ආණ්ඩුව ලැබූ පරාජය ජනවාරි 08 වනදා ලැබූ ජනවරමට පිටුපෑමට එරෙහිව ජනතාව ලබාදුන් වැදගත් සංඥාවක් බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය. 12 February 2018
ඉරාන තානාපති කාර්යාලයේ ගින්නක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී ඇත. 12 February 2018
පැය 36 ට ප්රචණ්ඩ ක්‍රියා පැමිණිලි 40 යි මැතිවරණයෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ සිද්ධීන් 40 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් එම සිද්ධීන් ගෙන් 11 දෙනෙක් රෝහල් ගත කර ඇති බවත් පැෆරල් සංවිධානය කියයි. 12 February 2018
මානව හිමිකම් කඩවීම් සෙවූ නිලධාරිනිය දිවියෙන් සමුගනී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ඒක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත් කළ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ සාමාජිකයෙකු වූ අස්මා ජහන්ගීර් මහත්මිය හදිසියේම අද (12) අභාවප්‍රාප්ත වූවාය. 12 February 2018
අර්ජුනගෙන් - කසුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවසර බැඳුම්කර ගනුදෙනුවට අදාළව දැනට කොළම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන විමර්ශයේ සැකකරුවන් වන අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත. 12 February 2018
මට අගමැති වෙන්න බෑ - ගෝඨාභය “මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යයි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය. 12 February 2018
නාමල්ගේ විදෙස් ගමන් තහනමත් තාවකාලිකව ඉවතට නාමල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇත. 12 February 2018
මීගහකිවුලේ දේශපාලන ගැටුමකින් 5 ක් රෝහලට මීගහකිවුල කණුගොල්ල ප්‍රද්‍ෙශයේදී එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ පිය පුතු දෙපලක් ඇතුලු පස් දෙනෙක් රෝහල් ගත කර ඇත. 12 February 2018
මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ. 12 February 2018
ගෝඨාභය යළි මව්බිමට එයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . 12 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026