අපරාධ නඩු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය අපරාධ නඩුවකදී ළමයකු ලෙස ගණන් ගන්නා වයස අවුරුදු 8 සිට 12 දක්වා ඉහළ නැංවීමේ විධිවිධාන ඇතුළත් කර 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 15 February 2018
වෛද්‍යපීඨ සිසුහු මානව හිමිකම් කොමිසමට යති සයිටම් විරෝධී අරගල වල නිරතව සිටි රජයේ වෛද්‍යපීඨ සිසුන්ගේ මහපොළ ගෙවීම් කටයුතු සීමා කිරීම සම්බන්ධයෙන් එම සිසුහු අද (15) මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. සයිටම් විරෝධී අරගල හේතුවෙන් වෛද්‍ය සිසුන් මාස 9 ක කාලයක් පුරා පන්ති වර්ජනය නිරතව සිටි අතර එම කාලය තුළ මෙම මහපොළ කපාහැර ඇති බව සිසුන් ගේ පැමිණිල්ළේ සඳහන් වේ. 15 February 2018
ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහිදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටී. 15 February 2018
විමල් වීරවංශගේ නඩුව ජූනි 14ට කල්යයි ආගමන විගමන නීති උල්ලංඝණය කර විදේශ ගතවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව ජූනි 14 වැනි දා දක්වා කල්තැබීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිනි රන්කොත්ගේ මහත්මිය අද (15) නියෝග කළාය. 15 February 2018
මඩුවක අකුර කළ සිසුන්ට අලුත් ගොඩනැඟිල්ලක් පළමු වසරට ඇතුළත් කළ දිනයේ පටන් තාවකාලික මඩුවක අකුරු කළ දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ පළමු වසරේ සිසුන්ට දඹුල්ල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය ප්‍රදේශයේ දානපතියෙකු සමඟ එක්ව මාසයක් ගතවීමට මත්තෙන් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකර භාරදීම අද (15) සිදු කෙරිණි. 15 February 2018
නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකාට දෙන්න - දඹර අමිල හිමි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජෙනරල් සරත් ෆොන්සේකාට දිය යුතු යැයි පුරවැසි බලය සංවිධානය කියයි. 15 February 2018
ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ. 15 February 2018
මහින්දානන්දට 27 දා උසාවි එන්න නියෝග වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන 27 වැනිදා තෙක් කල් තැබීය. එදිනට නීතීඥවරයෙකු ඉදිරිපත් නොවුණහොත් තමන්ගේ නඩුවට තමන් පෞද්ගලිකව හෝ පෙනී සිටිය යුතු බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද (15) දැනුම් දුන්නේය. 15 February 2018
ශ්‍රිලනිපය එක්ක ආණ්ඩුව කරන්න ලැස්තියි - හිටපු ජනපති ‘‘ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් හෙට ඉවත් වෙනවානම් අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සමඟ එක්වී ආණ්ඩුව කරන්න ලැස්තියි‘‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (15) නාරාහේන්පිට අභයාරාමයේ හිටපු ජනාධිපතිට සෙත් පතා සිඳුකළ බෝධි පුජාවක් අවසන් වී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. 15 February 2018
මෝදර වෙඩි තැබීමකින් කතක් රෝහලට කොළඹ මෝදර ලෙල්ලම වැල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 15 February 2018
හැටන් ලංගම ඩිපෝවේ හතරක් රිමාන්ඩ් හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාරවරයාට බැන තර්ජනය කිරිමේ චෝදනාව යටතේ හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් වු ලංගම ඩිපෝවේ සේවකයින් සිව්දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ටි.සරවානරාජා මහතා අද (15) නියෝග කළේය. 15 February 2018
කැළණිවැලි දුමරිය දින 2කට නවතී කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (16) රාත්‍රී 8.00 සිට 19 වැනි දා පෙරවරු 4.00 දක්වා තාවකාලිකව නතර කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පවසයි. 15 February 2018
සාගල නිතීය හා සාමය අතහරී නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවට තමන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දුන් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන භාර අමාත්‍ය සාගල රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියයි. 15 February 2018
අගමැති ධූරයෙන් ඉවත් නොවන්න’යි මහින්ද කිව්වාලු - රාජිත අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. 15 February 2018
වැලිකඩ සිද්ධියේ පරීක්ෂණවල ප්‍රගතිය දන්වන්නැයි නියෝග 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් රැඳවියන් 27 දෙනකු මියයෑමේ සිද්ධියට අදාල රහස් පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය දන්වන්නැයි අභියාචනාධිකරණය අද (15) නීතිපතිට දැනුම් දුන්නේය. 15 February 2018
ඇල්පිටිය ප්‍රා.සභා පෙත්සම කල් යයි ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ගොණු කළ පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලිම ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. 15 February 2018
වෙනත් පක්ෂ සමඟ එක්වෙන්නේ නෑ - අනුර කුමාර ජවිපෙට ඡන්දේ දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට හෝ ආණ්ඩු පිහිටුවිමට හෝ කිසිවිට කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. 15 February 2018
‘නිපෝන් මාරු නෞකාව කොළඹ වරායට ජපන් රජයේ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් සංවිධානය කරන ජගත් තරුණ නෞකා වැඩසටහන යටතේ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන නෞකා සංචාරයේ නිරත ‘‘නිපෝන් මාරු’’ ජගත් මිත්‍රත්ව තරුණ නෞකාව අද (15) කොළඹ වරායට පැමිණියේය. 15 February 2018
මහින්දානන්දගේ ඉල්ලීම ඉවතට රුපියල් ලක්ෂ 27ක් වංචා කළැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව කල් තබන්නැයි කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා අද (15) එම නඩුව විභාගයට ගත්තේය. 15 February 2018
ත්‍රිකුණාමලයෙන් කාලතුවක්කු කොටසක් මතුවෙයි ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අත්තිවාරම් කැපීමේදී ඉපැරණි කාලතුවක්කුවක කොටසක් අද (15) හමු වු බව වරාය පොලිසිය කියයි. 15 February 2018
ළමා වෙළෙඳාම් සොයන්න ආවේක්ෂණ කණ්ඩායමක් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළඳාම් කටයුතු සඳහා යොදවන පාර්ශව පිළිබඳව සොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යොදවා තිබේ. 15 February 2018
ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ් අධිකරණ නියෝග කඩ නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වූයැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(15) නියෝග කළාය. 15 February 2018
එජාපයෙන් 15ක් සන්ධානයට - මුතුහෙට්ටිගම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 15 February 2018
අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ 15 February 2018
තාප්පයක් කඩා වැටී හමුදාවේ හතරක් රෝහලේ දියතලාව යුද හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් මතට අද (15) තාප්පයක් කඩා වැටීමෙන් යුද හමුදා නිලධාරීන් හතර දෙනකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 15 February 2018
තොරතුරු කොමිසමට අභියාචනා 485ක් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කර ගත වූ වසරක කාලයේදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත තොරතුරු ඉල්ලීම්වලට අදාළව අභියාචනා 485ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පවසයි. 15 February 2018
ඇමරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක්-17ක් මරුට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ්හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 15 February 2018
ගාල්ල තැපැල් කාර්යාලයේ ලිපි හිරවෙයි ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ආරම්භකළ වැඩ වර්ජනයක් නිසා අද (15) ගාල්ල තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිත ලිපි තේරීම, බෙදා හැරීම ඇතුළු කනිෂ්ඨ කාර්යමණ්ඩලය මගින් සිදුවන සියලුම කාර්යයන් අඩපණ වී ඇතැයි තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ සංවිධායක ලේකම් අනුර නිශාන්ත මහතා පවසයි. 15 February 2018
එළිසබෙත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා තේරීමට රහස් සාකච්ඡාවක් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්විය යුත්තේ කවුදැයි තීරණය කිරීම සඳහා රහස් සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ. 14 February 2018
අගමැති තනතුරට නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ. 14 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026