රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත් වෙයි තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සමේ විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉවත් වන බව අද (16) නිවේදනය කළේය. 16 February 2018
ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්න ජනපති කැමති - රන්ජන් රාමනායක ජාතික ආණ්ඩුව ඉදිරියටත් මේ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. 16 February 2018
පසිංගලය කළු ගලකට මාරුකර මුදල් නොදී මාරුවෙලා කෝටි එකහමාරකට අලෙවි කරන්නට ගිය පසිංගල් වර්ගයේ මැණික් ගලක් බ්‍රෝකර්වරයකු ලෙස පෙනි සිටි අයෙකු විසින් සූක්ෂම ලෙස කළු ගලකට මාරු කර මුදල්ද නොදී පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 16 February 2018
අලුත්කඬේ උසාවිය අසලදී දෙනෙකු මරුට කොළඹ අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණය අසල මිරානියා වීදියේ දී මීට මද වෙලාවකට පෙර සිදුකළ වෙඩි තැබීමකින් හා පහර දීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇත. 16 February 2018
දිගටම අගමැති මම-රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තව දුරටත් තමන් අග්රාමාත්යධූරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 16 February 2018
පළාත් පාලන ආයතන මාර්තු මාසයේදී නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම මාර්තු මාසය තුළදී සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ. 16 February 2018
සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ සභිකයෙකු ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ඉල්ලා අද (16) නවමැදගම නගරය මැද අට්ටාලයක සිට උපවාසයක් ආරම්භ කළේය. 16 February 2018
ජනපතිට අගමැති ඉවත් කළ නොහැකියි-ප්‍රතිභා මහානාමහේවා ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි අගමැතිවරයා ධූරයෙන් ඉවත් කළ නොහැකි යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 16 February 2018
උදයංග ගේන්න ඩුබායි අධිකරණයට කරුණු කියන්න සැරසෙයි මිග් යානා ගනුදෙනු නඩුවට අදාළව අධිකරණය මගහැරීම නිසා ජාත්‍යන්තර වරෙන්තු ලැබ සිටින එම නඩුවේ සැකකරුවකු වන රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඩුබායි අධිකරණයට කරුණු වාර්තා කර එම අධිකරණ නියෝග මත ඉදිරියේ ඔහු මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි. 16 February 2018
මාර්තු 8 දාට පෙර එන්න මහේන්ද්‍රන්ට නියෝග මාර්තු 08 වැනි දාට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 16 February 2018
අලෝසියස් - පලිසේන තවදුරටත් රිමාන්ඩ් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මාර්තු 02 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය. 16 February 2018
ශ්‍රීලනීප ආණ්ඩුවකට ජනාධිපති එකඟ වුණා -ගම්මන්පිල ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවල එකඟතාව අනුව නිමල් සිරිපාල ඇමැතිවරයා අගමැති ධූරයට පත් කෙරෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 16 February 2018
ගෝඨාභයත් මහ මැතිවරණයක් ඉල්ලයි ඉතා ඉක්මණින් මහ මැතිවරණයක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවසීය. 16 February 2018
විපක්ෂයේ ඉඳන් ආණ්ඩුවට සහාය දෙනවා -මහින්ද විපක්ෂයේ ඉදන් ආණ්ඩුවට සහාය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවසීය. 16 February 2018
මූල්‍ය අපරාධ වළක්වන්න නිර්දේශ 40 ක් මුදල් විශුද්ධිකරණය , ත්‍රස්තවාදය සහ ගෝලීය වශයෙන් සිදුවන අනෙකුත් අපරාධ වැළැක්වීමේ අරමුණින් මූල්‍ය කාර්ය සාධක බලකාය නිර්දේශ 40ක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 16 February 2018
පොහොට්ටුව විපක්ෂය ලෙස පිළිගත යුතුයි-පාඨලී එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ බලවේගය අතර ජාතික සන්ධානයකින් ආණ්ඩුව පිහිටුවා පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 16 February 2018
ජාලිය වික්රමසූරියගේ බිරිඳටත් ඇගේ සහෝදරියටත් වරෙන්තු ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට තාවකාලිකව විදේශ ගතවීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමේදී ඇප වූ ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරිය අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය. 16 February 2018
උදයංග වීරතුංග ගැන විදේශ අමාත්‍යංශයෙන් පරීක්ෂණ නැහැ මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක මහජන මුදල් අවභාවිත කළේ යැයි කියන චෝදනාවලට ලක්ව සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු නොකරන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය අද (16) ලංකාදීපයට පැවසුවාය. 16 February 2018
යාල්දේවිය පීලිපනී-උතුරු දුම්රිය මගේ ප්‍රමාදයක් ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ යාල්දේවී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී අද (16) පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට ඇති බව දුම්රිය පාලන කාර්යාලය කියයි. 16 February 2018
දකුණු අප්‍රිකාවේ නව ජනපති සිරිල් රැම්පෝසා දකුණු අප්‍රිකාවේ නව ජනපතිවරයා ලෙස සිරිල් රැම්පෝසා මහතා පත්වි ඇත. 16 February 2018
වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක් අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි. 16 February 2018
ලසන්ත ඝාතනය ගැන රහස් ප්‍රකාශයක් කරන්න පොලිස් ලොක්කෙක් සූදානම් සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බව ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරී මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාල් මහතා ඉදිරියේ අද (16) ප්‍රකාශ කළේය. 16 February 2018
මුත්තු සිවලිංගම් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිකමෙන් අස්වෙයි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා අද (16) පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වු බව එම පක්ෂයේ උප සභාපති හා භාණ්ඩාගාරික මධ්‍යම පළාත් අමාත්‍ය එම්.රාමේෂ්වරන් මහතා පවසයි. 16 February 2018
සාකච්ඡාව ජනාධිපති මැදුර දෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්, ඇමති, සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වෙන බවද දැනගන්නට ඇත. 16 February 2018
රයන් ජයලත්ට-බුද්ධ රක්ඛිත හිමිට වරෙන්තු අධිකරණ නියෝග කඩ කරමින් කොළඹ කොටුව ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධ නඩුවකට නොපැමිණියැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහ මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය. 16 February 2018
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ගිවිසුමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුභ සාධනය පිළිබඳ මෙන්ම නීති විරෝධී මිනිස් වෙළෙඳාමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. 16 February 2018
මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හෙට (16) උදේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තාවේ. 15 February 2018
හැටන් දිඹුල ප්‍රදේශයේදී කිරි බවුසරයක් පෙරලී ගමනා ගමනය ඇණ හිටි හැටන් දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පෞද්ගලික කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක සිට මුල්ලේරියාව දක්වා දියර කිරි ලිටර් නවදහස් හත්සියක් 9700 ප්රවහානය කළ බවුසරයක් පෙරලි අනතුරට ලක් වී ඇති බව දිඹුල පොලිසිය පවසයි. 15 February 2018
සෞදි හාම්පුතාගේ අන්තිම කැමැත්තෙන් ශ්‍රී ලාංකිකයකුටත් කොටසක් මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුට ඔහු සේවය කළ හාම්පුතා සිය අන්තිම කැමැත්ත අනුව හිමි මුදල් ලබාදීමට එම ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු ලබාදෙන ලෙස අන්තිම කැමති පත්‍රය ලියූ සෞදි හාම්පුතාගේ පුත්‍රයා රියාද් තානාපති කාර්යාලයේ සහාය ඉල්ලා ඇතිබව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 15 February 2018
අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා - මහ බැංකු අධිපති යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (15) කීය. 15 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026