රොමේෂ් මධුෂංඛ
මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ පවසති.
මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් මෙම කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුලතිව් පොලිසියට දැනුම් දී ඇත.
පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සෙල්වපුරම් මුහුදු වෙරළේ එලා තිබූ කොටි ධජ දෙක රැගෙන ගොස් ඇත.
මුලතිව් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. වැඩේ හරිනේ ! දැන් ආණ්ඩුව වෙනස් වුනානේ, ඉතින් සතුට බෙදා ගන්නව ඇති. දැන් සැපද?
දෙහිවල සත්තු වත්තේ ඇතුල්වීමේ දොරටුව ළඟ සවිකර ඇති පුවරුවේ ඇත්තේද කොටි සංවිධානයේ ධජයට සමාන කොටි ඔලුවකි , ලංකාවට අවේනික සතෙකුගේ රුපයක් හෝ ජාතික වටිනාකමක් ඇති අලියකුගේ රුවක් වෙනුවට කොටි සංවිධානයට සමාන මෙම පුවරුව දකින දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සිහියට නැගෙන්නේ කොටි සංවිධානයයි . මේ ගැන සත්වඋද්යානයේ බලධාරීන් දැනුවත් කලත් තවමත් කිසිවක් සිදුවී නැත .
දැන් එතකොට මේ කොඩිය එල්ටිටිඊ එකට සමාන එකක්ද නැත්නම් එල්ටිටිඊ කොඩියද කියලා මේ අය දන්නේම නැද්ද.?
සන්තොෂ වැඩිපුර අැති . එයාලට අාදරය කරන අාණ්ඩුවක් පිහිටවා ගත්තානෙ ඒකයි.
Sithila...ඔයා හරියටම හරි. අපේ ඉන්න බබාලට වෙනස දන්නෙම නැහැ. ජනතාව මුලා කරන්න තමයි " කොටි ධජයක් සමාන" කියන වචනෙ පාවිච්චි කරල තියෙන්නේ. අපේ පොඩි ළමයෙකුට උනත් කියන්න පුළුවන් මේක අනිවාර්යෙන්ම කොටි ධජයක් කියල.
බංකොලොත් දේශපාලනේ..................
මෙන්න කොටි නැගිටිනෝ ...දැන් සැපද ?
ප්රියා යහපාලනය කියන්නේ ඒකට තමා. මොකද සුමන්තිරම්නේ ආණ්ඩුවේ නීති උපදේශක. එයාව තරහ කරගෙන බැහැනේ...
හා හා කොටි කියන්න එපා එජාපයින්ට තරහා යනවා. ප්රභාකරන් මැතිතුමාගේ අනුගාමිකයින් කියන්න. එතුමාගේ ධජය කියන්න. නැතිනම් එජාපයින් රාජපක්ෂ හත් මුතු පරම්පරාවටම බැනලා සොල්දාදු සංහතියටත් බනීවි. රනිල් සම්පන්තන් ජෝඩුව තරම් ජෝඩුවක් එජාපයින්ට නැත. ජෙප්පෝ කලේ අර වඳුරාගේ කොටස.
Banda එජාපයින් තරහ කරගන්න එපා.
ඒ ධජය පෙන්වන්නේත් අනික් පැත්තට. ඒ රට දැන් කනපිට ගහලා නිසා වෙන්න ඇති.