(ඩයනා උදයංගනී)
මහින්ද රාජපක්ෂ මහතා දැන්වත් වහාම නම්බුකාර ලෙස ඉල්ලා අස්වී, ඔක්තෝබර් 25 වැනිදා වන විට රට තුළ පැවති තත්ත්වය යළි ස්ථාපිත කිරීමටත්, තමන්ගේ ව්‍යාජ මහ මැතිවරණ සටන් පාඨයෙන් ඉවත්වීමටත් කටයුතු යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගනු ලැබූ තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ජනාධිපතිවරයා චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව හා අයුතු ලෙස බලය පරිහරණය කළ බව තහවුරු වී ඇතැයි කී මන්ත්‍රීවරයා එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා වූ අවස්ථාවක් බව ද සඳහන් කළේය.
රටේ ව්‍යවස්ථාවේ තිබෙන උත්තරීතර භාවය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිසහගත ජනතාව අවිහිංසාවාදීව ගෙනගිය අරගලය තහවුරු කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය හිමිවිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
පසුගිය කාලයේදී කතානායකතුමා ප්රමුඛ පාර්ලිමේන්තුව තුළින් ද ප්රජාතන්ත්රවාදී අයිතිය මෙන්ම ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය ඉහළට ඔසවා තැබුණු බව කී පාඨලී චම්පිකර රණවක මහතා ලැබුණු තීන්දුව තුළින් පාර්ලිමේන්තුව තමන් අතට නතුකර ගන්නට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කළ දේශපාලනයට එරෙහි අලූත් යුගයක් උදාවනු ඇතැයි ද කීවේය.
එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලගතු දේශපාලන පරාජයක් මෙන්ම නැවත ජනාධිපති වීමට දැරූ සිහිනය බිඳ වැටීමක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අභියාචනාධිකරණයෙන් පළමු පරාජයත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙවන පරාජයත් ලැබූ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජනතා අධිකරණයෙන් තුන් වන පරාජයත් ලබනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දදා නඩු අහ අහා ඉතිරි කාලයත් ගෙවමු. වෙන වැඩක් කරන්න හම්බ වෙන එකක් නැහැ.
[මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතුයි....] බම්බුව! එයා දන්නා නම්බුව. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරන ගෝලබාල රංචුවක්, හෙන්චයියන් රැලක් හදාගෙන, පන්සල් පිහිටෙන් වැදිබණ දෙසන මෙවැන්නෙකුගෙන් වෙන දෙයක් බලාපොරොත්තුවන්න පුලුවන්ද.. බලය හැරෙන්න?
menna, ඔය කියන නඩු අහලා ඉවරයක් කරන්න ඉඩ දෙන්නේ නැතුව කවුදෝ කෙනෙක් අවහිර කොරනවා කියනවනේ! අපිත් බලන් ඉන්නේ ඒවා එකලාසයක් වෙන තුරු තමයි.
මේ කීයන්නෙ ඔක්තෝබර් 26ට කලින් ලංකාවේ අපි හොදින් සුඛිත මුදිත විදිහට ජීවත් වුනා කියලද?
ඔය කියන යහපත් කාලයක් නම් දකින්න වෙන්නේ හීනෙන් තමයි, මොකද පහුගිය වසර 3ම කල දේවල් ජනතාවට අමතක නැහැනේ
නම්බුකාර ලෙස ඉල්ලා අස්වෙන්න එහෙම දෙයක් තිබ්බොත් හොදයි
අැයි මහින්දට ඔච්චර බය.
සෙල්ලම් ආණ්ඩු හැදුවේකෙන් රටට වුන සෙතේ මොකක්ද? දැන්වත් හරි දෙය කරන්න.මුළු රටම බලන් ඉන්නවා
ඔයා යන්න... මහින්ද ඕනෑනම් අයින් වෙයි. ඔයා කියන නිසා අයින් විය යුතු නැහැ. අද තීන්දුවත් බලලම කට අැරියා නම් ඉවරයි... පච නොකියා...
RAJ , බය නැද්ද? නොයෙකුත් විදිහේ බරපතල අපරාධ පිළිබඳ චෝදනා තියන කෙනෙකු අපේ රටේ ලොක්කා වෙනවාට අපි නම් ඇත්තටම බයයි. ඔහෙලාත් ඒ වගේ වැඩකිඩවල හවුල්කරුවන් හින්දා එයාට බය නැතුව ඇති!
එය විතරක් නොවේ... ඔහෙත් මතක ඇතිව ඉල්ලා අස්වුනොත් හොඳයි තේරුණාද? අනිකාට කියන්න කලින් තමන් ඉල්ලා අස් වුනොත් හොඳයි... ඇහුණා නේද ?
මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතු නැත. එයාගේ පත්වීම අවලංගුයි. ජනාධිපතිගේ ගැසට් නිවේදනය ඇතුළු ආණ්ඩුව අවලංගුයි. ඉතින් හිටපු අයට දිගටම ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයට....