(නාලක සංජීව දහනායක)
රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබාගැනීමට සහය පළකිරීමත් සමඟම ද්‍රවිඩ ජාතික සංවිධානයට විපක්ෂනායක ධූරය අහිමිවන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවැසීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
‘‘රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය පසුගිය සතිය පුරාම ද්‍රවිඩ ජාතික සංධානය සමඟ සාකච්ඡා කළා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි සහිතව තමන් සහය පළකිරීමට එකඟවූ බව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසුවා. එක්සත් ජාතික පක්ෂයට ද්‍රවිඩ ජාතික සංධානය සමඟ ආණ්ඩු හැදීම පිළිබඳව අපි ප්‍රශ්න කරන්නේ නැහැ.
එහෙත් අගමැතිධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමත් සමඟම ද්‍රවිඩ ජාතික සංධානයට හිමිව තිබෙන විපක්ෂනායක ධූරය ඔවුන්ට අහිමිවෙනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ අපි මන්ත්‍රීවරුන් 54 දෙනෙක් එදා විපක්ෂයේ අයිතිය ඉල්ලා සිටි විටදී කතානායකවරයා අපිට ඒ අයිතිය දුන්නේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එකවිටම ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කිරීම පිළිගත නොහැකි බව ඔහු එදා අපිට පැවැසුවා. ඒ තියරියම භාවිතා කළහොත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් ඡන්දය භාවිතා කළ මොහොතේ සිටම ද්‍රවිඩ ජාතික සංධානයට විපක්ෂනායක ධූරය අහිමිවිය යුතුයි.‘‘
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් කයිවාරු ගහන්නේ නැතිව ඉන්න. ගන්න පඩියට වැඩේ කරගන්න තමයි මේ ඔක්කොටම බැරි. නීති උපදෙස් වගේ ඒවා නම් හොඳට දන්නවා.
ජනතාවට ඕනෑ ඔයාල ඔක්කොටම මන්ත්‍රිකම නැතිවෙලා රටට සෙතක් වෙන දවසක් දකින්න. ඔයාලා 225ම හරි කරදරයක් අනේ අපිට.., පොඩි රටකට මොකටද අනේ 225ක්?
මේක නම් හතරබීරි කතාවක්නේ!
එහෙම වෙන්න ඕන එයාලට විතරද? එතකොට බහුතරේ නැති මහින්ද අගමැතිකමේ එල්ලිලා ඉන්නේ? ඔයාලට අවැසිනම් එහෙමයි වාසිනම් මෙහෙමයි කියලා අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන සම්මත කරගමු නේද...? මඩින්නේ නැතුව හොඳින් එන්න ඩලස්...
එ්කත් ජනාධිපතිට දුන්නා නම් !!!
මහින්ද විපක්ෂ නායකයා වෙනවා දැන්... රනිල් අගමැති වෙනවා දැන්.... ඩලස් අලහප්පෙරුම ඔයා හරි අනේ.
එ්ක ඇත්ත තමයි. එතකොට විපක්ෂ නායක අනුරකුමාර මොකද? පොහොට්ටුව මැතිවරණයක් ජය ගත්තේ නැති නිසා ඔබලාට විපක්ෂ නායකකම තියා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටවත් නොහැකියි. අනෙක නොකියා කියන්නේ රනිල්ව අගමැති කියලා පිළිගන්නවා කියන එකනේද?
ඈ බොල.... ඒ කියන්නේ පාර්ලිමේන්තු අාවේ නැතිවට වෙන දේවල් පිළිගන්නවා එහෙනම්...
මේ මොනවද කියන්නේ? ඒ කියන්නේ විපක්ෂ නායකකම... පොදුජන එක්සත් පෙරමුණට දෙන්න කියලද? එතකොට ආණ්ඩුව INP හා TNA ද? කොහොම හරි පොහොට්ටුවට ගිය සෙට් එකේ මන්ත්‍රීකම නැතිවෙයි වගේ... කට ඇරියේ නැතිවට මහමැතිවරණයක් ඉල්ලලා කෙඳිරි ගාන්නේ ඒකයි. මේ අවුල සමථයකට පත්වුණු ගමන් SLFP අය පොහොට්ටුවට ගිය අයගේ සීට් නැති කරන්න කෑ ගහනවා. එදාට මේ අයට අල්ලපු අත්තත් නැහැ. පයගහපු අත්තත් නැහැ.
මචන්... යන යකා කොරහත් බිඳගෙනම පලයන් කිව්වලු...
එහෙමනං ඊළඟ ඉලක්කය විපක්ෂනායක ධුරයද? මේ ගමන ගිහින් නවතින්නේ වීරකැටිය සමූපකාර ඡන්දෙන් තමයි.
මෙයා තරම් කෙනෙක් මුළු තුන්ලෝකෙවත් නැතිව ඇති...
මේ අය කවද්ද රටට වැඩක් කලේ..?
ගොන් කතා කියනවා මදිවට තවමත් හිතාගෙන ඉන්නේ රටේ ඉන්නේ ඔක්කොම නුගත් මෝඩයින් කියලයි...
අනතුරුව ඩලස් මහත්තයා අවසානයේදී පිළිගනීවි රනිල් ලංකාවේ ඇත්තම අගමැති කියලා...
විපක්ෂ නායකකම වෙනුවට අගමැති පදවියත්, ඇමති පදවියත් ආරක්ෂා වුණාම ඇති..
විපක්ෂය කියන්නේ හරි, වැරදි දෙකටම විරුද්ධ වෙන කණ්ඩායමටද?
ඒ කියන්නේ ඔයගොල්ලන්ට විපක්ෂනායකකම හිමියි කියන එකනේ....
හරි හරි තොප්පිය දාගත්තනම් විදවන්න රිලවෝ කිවුවලු.....
මේ අය දේශප්‍රේමින්ද ? අපේ රට විනාස කරන්ඩ එපා.! පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දයකට මුහුණ දෙන්ඩ? ඒකයි වැදගත් මහ්ට්වරුන්හේ වගකීම.
දැන් ඉතින් TNA එකට ඇමතිකම් ලැබෙන නිසා විපක්ෂ නායකකම නිමල් සිරිපාලට දෙන්න, එයා හරි ආසයි
අනේ ඒකත් ඔයගොල්ලොම ගන්න!
හරි කියමුකෝ, එතකොට ඔබල විපක්ෂයද? එකත් කියල පාර්ලිමේන්තුවේ විපක්ෂේ අසුන් ගත්ත නම් හරිනේ?