(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වන්නේ නීති විරෝධී ආකාරයෙන් බැවින් එහිදී සම්මත වන කිසිඳු යෝජනාවක් පිළිගැනීමට නොහැකි බව හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවනු ලබන්නේ නව රජයක් පිහිටුවීමෙන් පසු අනුගමනය කළ යුතු කිසිඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකර බව ද එස්.බී දිසානායක මහතා ස`දහන් කළේය.
එස්.බී දිසානායක මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
‘‘රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවකට පාර්ලිමේන්තු බහුතරය හිමිවුවහොත් එය පිළිගන්නා බව ඔබතුමන්ලා මීට පෙර පැවසුවා. අද එම කාර්යය සිදුවෙනවා. දැන් එය පිළිගන්නවාද? යනුවෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් එස්.බී දිසානායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතු තේරීම් කාරක සභාව නම් කළ නමුත් එය රැස්වීම හෝ සෙසු කමිටු පත්කිරීමක් මෙතෙක් සිදු නොවූ බවයි.
එවන් තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නොවන බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පරීක්ෂා කළ යුතු නම් හෝ විරෝධතා දැක්විය යුතු නම් එසේ කරන ක්‍රමවේදයක් තිබෙන බව ද කීවේය.
වර්තමානයේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන ආකාරය නීති විරෝධී බැවින් එය ගන්නා තීන්දු පිළිගන්නේ නැතැයිද ඔහු කීවේය.
හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙහිදී පැවසුවේ කතානායකවරයා පාර්ලිමේන්තුව සිරිකොත පක්ෂ රැස්වීමක් කරගෙන බලයේ එල්ලී සිටීමට උත්සාහ කරන බවයි.
ආණ්ඩු පක්ෂය නොමැති පාර්ලිමේන්තුවක් රැස්කරමින් ඔහු කරන්නේ පාලූ ගෙයි වලං බිඳිනවා වැනි ක්‍රියාවක් බව කී මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ හෝ වෙන කුමන යෝජනාවක් සම්මත වුවද ජනතාව ඒවා පිළිගන්නේ නැතැයිද සඳහන් කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධී නම් එක්කෝ පාර්ලිමේන්තු ගිහින් ඒක පරද්දන්න ඕනෑ.. එහෙම නැත්තම් නීතිය ඉස්සරහට යන්න ඕනෑ. පැහැදිලිව මේ අය කුමන්ත්‍රණයක් කරපු නිසා තමයි අගුපිල්වල මෙහෙම කියව කියවා ඉන්නේ. මේ පිරිස අල්ලලා හිරේම යවන්න ඕනෑ.. අායෙත් දේශපාලනය නොකරන්නම...
නීතිවිරෝධී නම් එක්කෝ පාර්ලිමේන්තු ගිහින් ඒක පරද්දන්න ඕනෑ.. එහෙම නැත්තම් නීතිය ඉස්සරහට යන්න ඕනෑ. පැහැදිලිව මේ අය කුමන්ත්‍රණයක් කරපු නිසා තමයි අගුපිල්වල මෙහෙම කියවකියවා ඉන්නේ. මේ පිරිස අල්ලලා හිරේම යවන්න ඕනෑ.. අායෙත් දේශපාලනය නොකරන්නම...
නීතිවිරෝධී නම් එක්කෝ පාර්ලිමේන්තු ගිහින් ඒක පරද්දන්න ඕනෑ. එහෙම නැත්තම් නීතිය ඉස්සරහට යන්න ඕනෑ. පැහැදිලිව මේ අය කුමන්ත්‍රණයක් කරපු නිසා තමයි අගුපිල්වල මෙහෙම කියව කියවා ඉන්නේ... මේ පිරිස අල්ලලා හිරේම යවන්න ඕනේ.. අායෙත් දේශපාලනය නොකරන්නම...
දැන් මෙහෙම කිව්වට, පුළුවන් නං අධිකරණ තීන්දුවට මෙහෙම කියන්නකෝ? එක පාරක් ජම්පර් ඇඳගත්තා නේද?
ඉතින් අපට මොකද? රටට පාඩු වෙයි කියලා හිතනවද? කරලා තියන හරිය මදිද?
ඔබතුමා ඡන්දයෙන් දිනලද අාවේ ඔබතුමාව පිළිගන්න?
නියම සෙට්එකක් තමයි මරාවයි, සිරාවය් වටකරගෙන ඉන්නේ.. ඒ අයත් අනාථයි.. මේ අයත් අනාථයි.. මුළුරටම අනාථයි..
ඔයාට පින් මන්ත්‍රීකමක් නේද ලැබුනේ?
උඹලා ගෙදරට වෙලාම හිටපල්ලා... කොහොමත් දැන් ලෝකෙට මුහුණදෙන්න බැහැනේ..
හොඳම තැනකට ගාල්වෙලා තියෙන්නේ හොඳම දේ තමයි මහජන ඡන්දයෙන් ජනතාව ප්‍රතික්ෂේප කර පරාදකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ කණ්ඩායම ලෙස හදාගත්තොත්....
රජගෙදර කවටයාත් ඔහොම කිව්වාලු....
ජනතාව මේ කියන දේවල් පිළිකුලෙන් හෙළාදකිනවා. මේ ගොල්ලන් බලපොරොත්තුවෙන්නේ ඡන්දෙකටත් ගිහිල්ලා හැමදාම පාර්ලිමේන්තුව වර්ජනය කරන්නද?
පාර්ලිමේන්තු නෙමේ... වෙන කොහේකට තමයි යවන්න ඕනේ... කට ඇරියොත් ඡන්ද 2ක් හරි කැඩෙනවා. හොරරහසේ මිනිසුන්ගේ කතාබහට ඇහුන්කන් දෙන්න. මෙය දැනගැනීමට ඔත්තුකරුවන් යොදන්න.
රංගේ, එන්නේ නැද්ද?
මේ කමෙන්ට් බලන කෙනෙක් හරි ඔය සෑර්ලට කියන්න.. සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන්න බැහැ කියලා..
අපිත් පිළිගන්නේ නැහැ. ඔන්න ඕක වහලා දාන්න.
ඔබතුමාව ජනතාව ගණන් ගන්නේ නැති එකේ මොන කතාද?
මොලේ කචල් !
එස් බි මන්ත්‍රී තුමා පුලුවන්නම් ලබන පාර ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් පෙන්වන්න...... මොනවා වුනත් රනිල් ඔබ වගේ පිනට මන්ත්‍රී කම් අරන් පාර්ලිමේන්තු ගියේ නැහැ
කට ඇරියොත් පච කතා.
මහින්ද මහත්යව බිමට ඇදලා දාන්නමයි ට්‍රයි එක, පුදුම තරහක් නේ තියෙන්නේ එයත් එක්ක.
මේ කතාකරන විලාසයට ඔක්කාරය එනවා.
පාර්ලිමේන්තුවේ තීරණ පිළිගන්නේ නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලන්නේ සෙල්ලමටද?
මේ වගේ අය ඉන්නකම් අපේ රට ගොඩගන්න බෑ.
මෝඩ තීරණයක්............
ඡන්දය පැරදිලා පිනා පාර්ලිමේන්තු ආපු අයට පාර්ලිමෙන්තුවේ වෙනදේවල් වැඩක්ම නැහැ.
පේමන්ට් එකේ තීරණ පිළිගන්න අයට පාර්ලිමේන්තු තීරණ තේරෙන්නේ නැහැනේ .