නාලක සංජීව දහනායක
මහාචාර්ය රත්නජීව හූල් මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයකුව සිටිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම පිළිබඳව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේදී කතා කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (14) පැවසීය.
මැතිවරණ කොමිසම තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමට මිස මැතිවරණ කල් දැමීමමට නොවන බව කී මන්ත්‍රීවරයා එම කොමිසම පෙනී සිටිය යුත්තේ ඡන්ද කල් දැමීමට නොව ඡන්ද පැවැත්වීමට යැයි ද කීය.
මැතිවරණ පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ පිරිස පිටුපස විදේශීය බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මකව තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් වැරදියට හොර මැතිවරණ තියෙන්නත් එයාලා බැඳී ඉන්නවා... අනේ මගෙ කට...
සුසිල් පේ‍්‍රමජයන්තට වලිගය පෑගී ඇති බවක් පෙනේ. රත්නජීවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ 19 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වීම පිළිබඳව මිසක්, මැතිවරණ කල් දැමීමට නොවේ...
දැන් ඉතින් හූල්ලන්න තමයි වෙන්නේ..
මාධ්‍ය හමුවලදී බුද්ධිමත් ප්‍රශ්න අහන අවස්ථා හරිම අඩුයි. දේශපාලකයන් මොනවා කිව්වත් මාධ්‍යවේදියෝ හරි ප්‍රශ්න ඇසිය යුතුයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයා උසාවි ගියේ මැතිවරණය කල් දැමීමට නොව ජනාධිපති ගත් ක්‍රියාමාර්ගය ව්‍යවස්ථාවට පටහැනියැයි කියයි. දේශපාලකයින්ට මේක පැහැදිලි කරදීමට බුද්ධිමත් කෙනෙක් නොසිටීම ගැන කණගාටුයි...
2020දී තියමු !
අැයි ඔහු රටේ පුරවැසියෙක් නෙවේද? හිතාගෙන ඉන්නේ සරත් එන් සිල්වා වගේ කියලද? හැමෝම රටේ ඕනෑම පුරවැසියෙකුට රටට වන ඕනෙම විනාශයක් වළකන්න උසාවියේ නඩුවක් දැමීමේ අයිතිය තියනවා. දැන් උසාවිය ක්‍රියාත්මක වෙන්නේ අරලිය ගහ මන්දිරෙන් නෙවේනේ... එ්ක නිසා නිසි ආකාරයට නඩුවල තීන්දු දෙනවා.
අධිකරණයට අපාහාසයක්නේ ඔය කරන්නේ
ඔතන ප්‍රශ්නේ ඇවිල්ලා ජනාධිපතිට විසුරුවන්න පුලුවන්ද බැරිද කියන එකනේ. නැත්නම් චන්දයක් ගැන නෙවෙයි.
ප්‍රශ්න කරන්න මෙයාල පාර්ලිමේන්තු යන්න එපැයි.
මේ වගේ අය ගැනත් ඉස්සරහට බලාගන්න වෙනවා.
මුන්නැහේටත් අංජබජල් ලෙඩේ හැදිලා වගෙයි!
එතුමා ඇත්ත කිව්ව එක ගැනද ප්‍රශ්න කරන්නේ?
කලින් තියන්න ඕනත් නෑ. පරක්කු කරල තියන්න ඕනත් නෑ. නියමිත දිනයටයි තියන්න ඕනා.
ඔබතුමාට එරෙහිවත් නඩුවක් තියෙන වගක් කියවෙන්නේ බොරුවටද කියා තෝරා දෙන්නකෝ...?
මේවගේ අය පාර්ලිමේන්තුවට එවන අයට හා රටට දෙයියන්ගේම පිහිටයි.
රත්නජන් හූල් කියන්නේ කවුද කියලා අපි දැනගෙන බොහෝ කල්. ඔහු ජාත්‍යන්තරයට ලියපු ඇතැම් ලිපිවල කොටි ත්රස්තවාදීන්ට වක්‍ර මාර්ගව ඔහුගේ ඇති කැමැත්ත දැනට වසර 10කට පමණ ඉහතදී අපහට කියවන්න අවස්ථාවක් ලැබුණා. නමුත් සුසිල් වැනි දේශපාලන අනාථයෙකුට ඔහුගේ වැරැද්ද පෙනෙන්නේ රත්නජන් හූල් නිවැරදිව යමක් කළ අවස්ථාවේ වීම හාස්‍යය ජනකයි.
වහාම, මේ රටේ ඇතිවුණු ත්‍රස්තවාදී කුමන්ත්‍රණය ගැනත් සාකච්ඡා කර අදාළ පාර්ශවයන්ට දඬුවම් ලබා දිය යුතුයි.
මේ යල්පැනපු දේශපාලන චරිත මීළඟ ඉලෙක්ෂන් එකෙන්ම තොලොන්චිවෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කරමු. මේ වෙනුවෙන් අපට දැවැන්ත කාර්යක් ඉදිරියේ ඇත. ඡන්දයෙන් පරදින අය ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට එන එක ඒම අනිවාර්යයෙන් වෙනස් කළයුතුමයි.
නැතිව !! නැතුව !!! මේ පෙත්සම් කාරයින් සියලු දෙනාටම එරෙහිව පාර්ලිමේන්තුව තුළ හා අධිකරණයට යායුතුය. මොකද ඔබතුමා අධිකරණ ඇමති විදියට කරන්න හිතාගෙන හිටිය වැඩකොටස කරන්න නොලැබීම ගැන කණගාටුයි.
සුසිල් ප්‍රේමජයන්ත, මැතිවරණ කොමිසම තියෙන්නේ නීත්‍යානුකූලව මැතිවරණ තියන්න මිසක මහඅයට ඕන ඕන විදිහට ව්‍යවස්ථා විරෝධී ආකාරයට මැතිවරණ පවත්වන්න නෙමෙයි! කවුද මෙහෙම හරක් පාර්ලිමේන්තුවට එවන්නේ? ආචාර්ය රත්නජීවන් හූල් මහතා වැනි මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිටීම ගැන ශ්‍රීලාංකික අපි හැමෝම ආඩම්බර විය යුතුයි. සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන ආයාචනයයි!! කුඹුරේ සිටිය යුතු ගොනුන් පාර්ලිමේන්තුවට එවීමෙන් වලකින්න!!!
මේ මහත්තයා නීති වේදියෙක්ද? නැත්නම් ගොඩ පෙරකදෝරුවෙක්ද මන්දා... මොලේ කචල්. එක දේශපාලන පක්ෂයකට වුවමනා විදියට කිසිම පිළිගත් රටක ඡන්දෙ පවත්වන්නේ නැත. ඡන්දය පවත්වන්නේ රටේ නීතිය අනුවයි. එසේ නැතිව ඡන්ද පවත්වන්න ගියොත් රටට යන කලදසාව මොකක්ද?