කොංගෝවේ අගනුවර කන්ශාසාහි ගබඩාවක ඇතිවූ ගින්නකින් ඡන්ද ප්‍රකාශකිරීමේ යන්ත්‍ර හා ඡන්ද පෙට්ටි දහස් ගණනක් විනාශ වී ඇතැයි වාර්තා වේ.
දෙසැම්බර් 23වනදාට යෙදී තිබෙන එරට ජනාධිපතිවරණය සඳහා සූදානම් කර තිබූ යන්ත්‍ර තොගයක් මෙලෙස විනාශ වී ඇතැයි බලධාරීහු පවසති.
මැතිවරණ කොමිසම පවසන්නේ කන්ශාසා නගරය සඳහා ගෙනවිත් තිබූ ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර 8000ක් පමණ විනාශ වී ඇති බවයි.
කෙසේ වුවද මැතිවරණය නියමිත පරිදි පැවැත්වෙන බවද ඔවුහු පවසති.
කොංගෝ රාජ්‍යයේ ජනාධිපති ජෝසෆ් කබිලාගේ පක්ෂය පවසන්නේ විරුද්ධ පාක්ෂික මාටින් ෆයුලුගේ ආධාරකරුවන් විසින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවන බවයි.
රාජ්‍ය ආරක්ෂක අංශය මෙම ගිනි ගැනීම පිටුපස සිටින බව පවසන ෆයුලු ඔහුට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි වෙනකොට ඔය ගින්න ලංකාවටත් පැතිරෙන්න බැරි නැහැ. අපි බලාගෙන ඉන්නේ ජනාධිපතිවරණයක් අපේ රටෙත් එයිද කියලයි...