අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපති ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සේරුනුවර එක්සත් ජාතික පාක්ෂිකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පස්දෙනෙක් රෝහල්ගත වී ඇතැයි සේරුනුවර පොලිසිය කියයි.
මෙම ගැටුම ඊයේ (13) පස්වරුවේ හටගෙන තිබේ.
එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දල්වද්දී පොදුජන පෙරමුණට පක්ෂක්ග්‍රාහීව කටයුතු කරන හොටල් හිමිකරුගේ පුත්‍රයෙක් එය ජංගම දුරකථනයකින් වීඩියෝ කරද්දී මෙම ගැටුම හටගෙන තිබේ.
රෝහල් ගතව සිටින පිරිස අතර එක්සත් ජාතික පක්ෂයේ සේරුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුගත් රාමනායක මහතා ද වේ.
පහර කෑ හොටෙල් අයිතිකරුගේ පුතා හා ඔහුගේ බිරිඳ ද රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන් ම ලද පැමිණිලි අනුව පරීක්ෂණ ආරම්භ කළ සේරුනුවර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්. එම්. ආනන්ද පුෂ්පඋදය හේරත් මහතා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි එළියේ ගහ ගන්නවා. ඔය පක්ෂවල නායකයින් එකට වාඩිවෙලා සාකච්ඡා කරනවා..