ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ නේවාසික රෝගීහු, ඔවුන්ගේ භාරකරුවෝ, වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය අද (14) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන වෙනත් රෝහලකට මාරුකර යැවීමට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
කරපිටිය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සහ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වෛද්‍ය පෙරේරා මහතා මෙම රෝහලින් මාරු කර යවන්නැයි වෛද්‍ය සංගමය කළ ඉල්ලීමටද විරෝධතාකරුවෝ සිය අප්‍රසාදය පළ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිශාන්ත පෙරේරා මැතිතුමා කොහොමත් කුකුල් කේන්ති කාරයෙක්. මම දවසක් රෝද පුටුවක් කරාපිටිය රෝහලට පරිත්‍යාග කරන්න අරං ඇවිත් ඒක අරං ආපු කාර් එක තප්පර කීපයක් නවත්තං ඉන්නකොටත් මට බැන්නා. මට හරිම කළකිරීමක් ඇතිවුණා.. ඒ සිද්ධියෙන් පස්සේ... හොඳක් කරන්න ඇවිල්ලත් බැණුම් ඇහුවා නේද කියලා...
වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා කියන්නේ ඉතා දක්ෂ පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක්... ඔහු ඉවත් වුණොත් නම් ගොඩක් පාඩු වේවි...
අපගේ මෙම අදහස් උගත් බුද්ධිමත් මනසින් උසස් වෙද්‍යවරුන්ට පරිබව කිරීමක් නොවේ. මෙම සිදුවීම් වලින් සාමාන්‍ය පුරවැසියන් වන අපට ගම්‍ය වන්නේ කොතරම් උගත් බුද්දිමත් උනත් කෙනෙකු මනසින් උසස් නොවේනම් ඔහු හෝ ඇය ලැබූ එම උගත් බුද්ධිමත්කමෙන් අහිංසක මහජනතාවට කිසිදු පලක් නැති බව නොවේද? තවද ලාංකීය ජනයාගේ මුලික අංගයක් වන සිනාමුසු මුහුණින් කෙනෙකු පිළිගැනිම උගත් බුද්දිමත් යයි කියන උදවියගෙන් වැඩි දෙනෙකු ලග නැති බවත් කිව යුතුය. මෙය වෛද්‍ය වෘත්තියට පමණක් නොවේ සෑම තැනක තිබෙන බෙලහීන ලක්ෂණයකි.