ශිවා බණ්ඩාර
කුරුණෑගල මැද්දේගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් හා ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි.
කුරුණෑගල හිරිපිටිය මාර්ගයේ සිට මැද්දේගම දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ ලොරි රථය අද(14) වැල්ලව දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කුරුණෑගල නාරම්මල සිට සිංහල බෙහෙත් බඩු අලෙවි කිරීමට යොදාගන්නා ලොරි රථයකි.
මෙම දුම්රිය හරස් මාර්ගය දුම්රිය ගේට්ටු භාරකරුවන් නොමැති ස්ථානයකැයි පැවසේ.
සිද්ධිය පිළිබඳව වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd