(නිමල කොඩිතුවක්කු)
ලබන 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා කොළඹදී අද (14) පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණය තින්දුවක් ලබා දි ඇති බැවින් මෙම තීරණය ගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව රැස්වූවාට පසු ව්‍යවස්ථාවට ,ස්ථාවර නියෝගවලට අනුව යෝජනාවක් ගෙනවිත් බහුතරය උරගා බැලීමේ අවස්ථාවක් මන්ත්‍රීවරුන්ට ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් පාර්ලිමේන්තුවේ නෑ නේ. අනික පාර්ලිමේන්තුවේ නැති පක්ෂයක අය කොහොමද පාර්ලිමේන්තු යන්නේ...?
ඇයි එන්නේ? හිටියා වගේම ඉන්නකෝ.
නොතේරෙනකමට කියන කතා
ඇති යන්තම් මොළේ පෑදිලා වගෙයි!
තවත් බහුතරයක් ගැන කතා කරනවා.
මේ මොකක්ද මේ? එහෙම පෙරමුණක් පාර්ලිමේන්තුවේ ඉන්න බවක් අපි දන්නේ නෑනේ. එහෙම මන්ත්‍රීලත් නෑනේ. එහෙම පෙරමුණකින් එන අය නම් නෑවිත් ගෙදරටම වෙලා ඉන්න එක තමයි හොඳ... මොකද පහුගිය මැතිවරණෙන් තරඟ කලේ වෙන පක්ෂයකින් නම් ඔයාලාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැනටත් අහෝසියි...
මෙවැනි ප්‍රකාශයක් කරන්න පොදු පෙරමුණ නිළ වශයෙන් මොහුට බලයක් දී ඇත්ද? අනෙක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එජනිසයෙන් ඡන්දය ඉල්ලා ජයග්‍රහණය කොට කිසිදාක පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ නොදුන් පක්ෂයකින් තමන්ට රුචි පරිදි ඇවිත් පාර්ලිමේන්තුවේ අසුන් ගත හැකිද? නීතිය දන්නා කෙනෙක්... එය මොහුට පහදාදෙන්න.
ආවට කමක් නැහැ රජයේ දේපළ කන්න එපා. මෝඩ මන්ත්‍රීවරු ටික. මිරිස් කුඩු ගේනවද 18 වැනිදාට..
නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ, වුනේ රට අස්ථාවර කරපු එක විතරයි. පුළුවන් නම් පාර්ලිමේන්තුවේ කැන්ටිමට වෙලා ඉන්නවද? අර මේ දවස්ටිකේ හිටියා වගේ...
මහින්ද ලොක්කා තවමත් මාළු අල්ලන්න ඉන්න බවයි හැගෙන්නේ..., එය දැන් සී ෂෙල්ස් සල්ලිත් බේරුවලට ආවනේ...
අනේ ප්ලීස්... අර කරපු විදියටම දිගටම වර්ජනය කරගෙන ඉතුරු ටිකත් ඉන්නකෝ..., රටේ ජනතාවට කරදර කරන්නේ නැතුව...
බහුතරය? ආයෙත් බම්බුවද කතා කරන්නේ...? එහෙම එකක් නැති බව දැන් කී දෙනෙක් කිව්වද? පිළිගත්තද? ඔහෙලට ඕනෑනම් පාර්ලිමේන්තු එන්නෙම නැතුව ඉන්න. ඒක වඩා හොඳයි!
මෙයාගේ තාත්තා ඒ කාලේ මාර සමාජවාදියා. ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපති, JVP , SLFP , UNP , ආපහු SLFP , දැන් SLPP . මේ යෝධයා ඒ කාලේ SB ගේ පුත්තු එක්ක යකා නැටුවා. ඊට පස්සේ රට ගිහිල්ලා යන්තම් මොකද්දෝ ඩිග්‍රී එකක් කරලා ඇවිල්ලා දැන් හිතනවා මාර පොරක් කියලා. දැන් ගරු සම්බන්දන්ටත් උපදෙස් දෙනවා. මාතර පොල්හේනේ යන්න බැහැ. ඔක්කොම වාහන රථ ගාල් ප්‍රදේශ මේ යෝධයාට අයිතියි. කොහොම අයිති කාරයෝ වුණාද කියලා කවුරුත් දන්නේ නැහැ...
පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් පාර්ලිමේන්තුවේ නෑනේ. අනික පාර්ලිමේන්තුවේ නැති පක්ෂයක අය කොහොමද පාර්ලිමේන්තු යන්නේ...? කතානායකවරයා වහාම නීත්‍යානුකූල නොවන හා මහමැතිවරණයකට ඉදිරිපත් නොවුණු පක්ෂ පාර්ලිමේන්තුව තුළට නොගැනීමට වහාම කටයුතු කළ යුතුයි. තවද නීත්‍යානුකූලව මහමැතිවරණයකට ඉදිරිපත් නොවී අලුතින් ගොඩනගාගත් පක්ෂ වල සාමාජිකත්වය ලබාගෙන මහමැතිවරණයකට ඉදිරිපත්වුන පක්ෂයෙන් ඉවත්වන පුත්ගලයන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී භාවය අහෝසි කිරීමට කටයුතු කළයුතුයි. නීත්‍යානුකූලව මහමැතිවරණයකට ඉදිරිපත් වී ජයග්‍රහණ නොකළ කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවට පිවිසීමේ කිසිම අයිතියක් නොමැති බව කතානායකවරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කළයුතුය.
18 වැනිදා පාර්ලිමේන්තුවට ගිහින් මහජන නියෝජිතයින් හැටියට ගෞරවාන්විතව, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් ඒ තුල හැසිරෙන්න කියලා කට්ටියගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
අනේ එකෙක්වත් යන්න එපා පාර්ලිමේන්තු. 1948 ඉදන් රට කරවපු කවුරුත් රට දියුණු කලේ නැහැ. දැන් ඉන්න අයත් එහෙමයි සියලුම දේශපාලන පක්ෂ. මහා ලොකුවට ජාතියේ පියාලා ඉන්නවා. බොරුවට ටයි කොට ගහපු කළු සුද්දෝ. 1948 සුද්දා රට භාර දෙනකොට තත්වයයි අද සුද්දට අයිති අනික් රටවල් වල තත්වයි බලන්න.
මොනවා කරන්නද? පාර්ලිමේන්තුවට යන්නේ නිදියන්නද?
එම නමින් පිළිගත්තු දේශපාලන පක්ෂයක් නෑ නේද
නෝ චොයිස්
මේවගේ මෝඩ දෙසපලකයෝ ..... මේක කරන්න මුලදී කතා කලාම පාර්ලිමේතුවේ නටපු නාඩගමක් . රට අස්ථාවර කරලා මෙන්න දැන් කියනවා බහුතරය උරගා බලන්න පුළුවනි කියා. දැන් උරගා බලන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. කඩාකප්පල් කාරීන්ගේ ප්රචණ්ඩ ක්‍රියාවන් ඉදිරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරදෙන්න මහඟු කැපවීමක් කල කතානායක තුමාට මම නැවතත් හිස නමා ආචාරය කරමි ....
හා... හා...හා.....ආයෙත් බහුතරේ පෙන්නන්න එන්නේ මිරිස් කුඩුත් අරගෙනද ?
අපේ දරු මුනුපුරෝ පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා හැන්දෑවේ ප්රවෘත්ති බලන කොට මීට පසුව අහිංසක මිනිසාගේ දේපල හානි කිරීම්,ගුටි කෙලි , මිරිස් කුඩු , පිහිය අරගෙන හැසිරුණු හැම කෙනාම මීළඟට එන ඡන්දයෙන් එලියටම දමන්න තරුණ තරුණියනි...... මෙය ඔබලාගේ අනාගතය විනිශ්චය කරන ඡන්දයයි . ඔය කඩේ යන පුජකයින් ගෙන් පරිස්සම් වන්න. බුද්දිමත් මිනිසුන් ටිකක් පාර්ලිමේන්තුවට එවන්න. පක්ෂයෙන් පැන්නොත් ගමෙනුත් එලවන්න . ඔතන පැලපැදියම් වෙලා ඉන්න නාකි ටික ඔක්කොම ගෙවල් වලට යවන්න .
හා හා යන්න එපා. පහුගිය දවස්වල ගිහිල්ල නේද මුළු ලෝකෙම හිනැස්සුවේ මිරිස් කුඩු ගහලා පුටු කඩලා .විලිලජ්ජා නැතිවද ඔය යන්නේ? ආයෙත් ලෝකේ හින්නස්සන්න? කරපු හරිය හොඳටෝම ඇති . දැන්වත් අනාගත පරපුරකට ප්‍රෞඪ ලෙස ජීවත්වෙන්න රටක් ඉතුරු කෙරුවොත් හොඳයි.