(රංජන් කස්තුරි)
නැවත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේදී සෞඛ්‍ය අමාත්‍යධූරය කිසිසේත්ම රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධුරය දරන කාලයේදී වෛද්‍ය ආඥා පනත අහෝසි කිරීම හා නව වෛද්‍ය සභාවක් පත් කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාක්ෂණික තීනදු තීරණ අභියෝගයට ලක්කරමින් ක්‍රියා කිරීම, වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරය සම්පූර්ණ කිරීම හිතාමතා කල්දැමීම, වෛද්‍ය සභාවට දේශපාලන හෙංචයියන් පත්කිරීම වැනි අක්‍රමිකතා රැසක් සිදුකළ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට රට පුරා වෛද්‍යවරුන් 14000කට අදික ප්‍රමාණයක් අත්සන් කළ විරෝධතා පෙත්සමක් රාජිත සේනාරත්න මහතාට එරෙහිව සකස්කර මීට පෙර ජනාධිපතිවරයාට යවා තිබෙන බන ද ලේකම්වරයා කීය.
එම නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු ද වන ජනාධිපතිවරයා යටතේ ම සෞඛ්‍ය අමාත්‍යධුරය තබාගන්නැයි ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය මාස එකහමාරේ කොහේ හිටියද කියල හොයා ගන්නේ නැතුව හිටපු කට්ටිය දැන් ආයෙත් අළුගහලා දාලා එලියට ඇවිත් වගේ. වැඩවර්ජන සෙල්ලම ආයෙත් පටන් ගනීවි මගේ හිතේ.
ඔව් ඉතින් මාෆියාව කරගෙන යන්න බැහැනේ.. ඒ වගේ ඇමති කෙනෙක් එක්ක... කොහොමහරි රාජිතවම දාන්න...
දොස්තර වුනත් දොස්තරලට එපා වුනි... දොස්තර වුනත් කොන්දොස්තරම වුනි... ඇරියත් කට ගලවයි දත් සියලු ගැලවුනි... එනමුත් මමය දත් දොස්තර එලෙස වුනි...
නව වෛද්‍ය සභාවක් අනිවාර්යයෙන් පත්කළ යුතු වේ. එය වෛද්‍යවරුන් විතරක් සමන්විත නොවන සෑම පාර්ශවයක්ම නියෝජනය වන එකක් විය යුතුය.
ජනපති යටතේ තබාගත හැකි වන්නේ මහවැලි අමාත්‍යංශය පමණි.
ඔය නඩේට ඕනේ එයාගේ වැඩවලට හුරේ කියන කට්ටියද?
මේ රටේ මිනිස්සු පත්කරගන්න රජය හැමෝටම ඇහුම් කන් දෙන්න ඕනේ තමයි. එ්ත් මේ දොස්තරලා හිතාගෙන ඉන්නවා නම් එයාලට ඕනේ විදියට මේ රට කරන්න එ්කට ටිකක් රෑ වෙයි කියලා තමයි කියන්න වෙන්නේ... රාජිත හොඳ නෑ කියලානම් කියන්නේ, පත් කළ යුතුම කෙනා තමයි රාජිත... ඒ කියන්නේ වැඩක් වෙනවා කියන කාරණේ. ඉන්න බැරිනම් රට දාලා යන්න. එ්ක අපිට පහසුවක්...
GMOA එක කියන කියන විදියට වැඩකරන්න නම් ආණ්ඩුවක් මොකටද?
ඉල්ලීම නොසලකා හැරියොත් කළයුතුදේ මම කිවයුතු නැහැනේද?
පාවාදෙනිය.., කරුණාකරලා 19 වැනි සංශෝධනය කියවල එන්න. අගමැති තමයි කැබිනට් එක තෝරන්නේ, ජනාධිපතිට තියෙන්නෙ අත්සන් කරලා, සීල් එක ගහලා ලියුම දෙන එකයි.
මේ ගැටලුවට හේතුව ඇත්තටම සාමන්‍ය දොස්තරලා මෙයා දත් දොස්තර නිසා අකැමැති කම. ඒ වගේම අරයගේ උද්දච්ඡකමත් යම් ආකාරයකට මේක හේතුවක්... ඒත් සංගමයක් වුණාම මධ්‍යස්ථ වෙන්න ඕනෑ. අරයා ඕනේ.. මෙයා ඕනේ නම් පක්ෂයක් අටවන් ඡන්දය ඉල්ලන එක තමයි සුදුසු...
ඔය GMOA එකට අගමැතිකමත් දීලා දුන්නා නම් ඉවරයි නේද? මොකද, දැන් මේ අය කියන විදිහටනේ ඇමති පත්වීම් දෙන්නත් ඕනේ නේද?
මහින්ද මහත්තය සෞඛ්‍ය ඇමති කලොත් GMOA කැමති , වෙන අය එපා.!
සැම වෘත්තිකයෙක්ම එක සමාන විය යුතුය. අපට වෛද්‍යවරයා වගේම මේසන් බාස්, වඩු බාස්, ගරාජ් බාස් අපේ ජීවිතයට අවශ්‍යයි. දොස්තරගේ කාර් එක කැඩුනත් ගරාජ් එකකට යන්නම වෙනවා. ඒක නිසා බොරු පුම්බා ගැනීම් එපා.
අපි ඉල්ලා සිටිනවා රජයේ වෛද්‍ය සේවය හැර පුද්ගලික සේවයට පිවිසෙන සියලු දොස්තරවරුන්ට ඔවුන් වෙනුවෙන් රජය වියදම් කල සියලුම මුදල් රජයට නැවතත් ගෙවන්න පනතක් සම්මත කරන්න කියා.
මේ විදියට රට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ සංගම් කියන විදියට.මට මතක් කරදෙන්න වෙන්නේ මේ වෙලාවේ කොටලුවගේ කතාව. සංගම් වලට ඕනා විදියට රට පාලනය කරන්න බෑ.
ජීඑම්ඕඒ එකට ඕන කොන්දොස්තර කෙනෙක් සෞඛ්‍ය ඇමති කමට.
දොස්තරලා අතර හිත හොද සාධාරණ මනුෂ්‍යයෝද සිටිති , නමුත් ඔවුනට මේ මාෆියාව මෙහෙයවන පුද්ගලයන්ට විරුද්ධව තනිව නැගී සිටීමට නොහැක එම නිසා මාෆියාව ගහන පදයට අකමැතෙන් වුනත් නටන්නට ඔවුන්ට සිදුව ඇත............