(රංජන් කස්තුරි සහ නාලක දහනායක)
රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (17) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිතව ඇතැයිද පැවැසේ.
නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6 දෙනෙකුද ඇතුළත්වන අතර කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි ද වාර්තාවේ.
ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රීයේදී කතානායක කරු ජයසූරිය මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී අග්රාමාත්යධූරය රනිල් වික්‍රමසිංහ මහතාට නැවත ලබාදීමට එඟතාවය පළකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදා පස්වරුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
TNA ගොඩක් සතුටු වෙයි.
සිරිසේන පයින් යයිද?
ඊට පස්සේ ඉක්මනටම සිරිසේනට දෝෂාභියෝගයක් ගේන්න. මේ මාස දෙකට රටට වුණු පාඩුවත් අය කරගන්න.
ත්රස්තවාදීන්ගෙන් රට බේරාදුන් මහින්දද ලංකාවේ අඩුම කාලයක් හිටපු අගමැති...? මාස 05ක් සිටි දහනායකද?
එස්.බී., ඔයත් එනවද?
මේවනේ ප්රවෘත්ති...
මා සිතන්නේ මේ රජය එජාප, TNA , ජවිපය සාමාජිකයින්ගෙන් සමන්විත වූවානම් වඩාත් හොඳ බවයි...
එ් කියන්නේ රට ස්ථාවර තත්වයට පත්වෙනවා කියන එකයි...
මේ ටික කාලය රනිල්ට භාරදෙමු. ඊ ළඟ මහා මැතිවරණයෙන් සුදුසු කෙනෙකුට රට භාර දෙමු.
අගමැතිවරු ඇමතිවරු පත් කිරීම දැන් විහිළුවක් වෙලා. 2015 සිට මේ දක්වා කීදෙනෙක් නම් පත්කලාද? ඉස්සරනම් අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පත් කිරීම මොනතරම් ගාම්බීර කටයුත්තක් වුනාද?
ශ්රීලනිපය නිකන් අර පැරණිම රැකියාව කරන අය වගේනේ. එක ප්රතිපත්තියක ඉන්න බැරි අය දාගෙන අායෙත් කෙලවගන්න හදන්නේ...
කොහොම හරි 20 ගේන්න!
රට නම් තවත් ඉවරයි. ටී.එන්.ඒ. එක හොඳ සලකයි. උතුරෙදි අපිටත් හොඳට සලකයි. හැබැයි මේ පාර වගේ එකෙක් දෙන්නෙකුට නෙමෙයි හොඳේ...
බැලූ බැල්මට පෙනෙන්නේ මෙය මැතිවරණයක් පවත්වන තුරු ඇතිකරගත් භාරකාර ආණ්ඩුවක් පමණි. TNA සහ ජවිපය එකතුවුවා නම් ස්ථාවර ආණ්ඩුවක් 2020 දක්වා ගෙන ගිය හැකියි. නමුත් පෙනෙන ආකාරයට, සියලු දෙනාටම ළඟදීම මැතිවරණයකට යාමට අවශ්‍යවී තිබේ.
අපේ අගමැතිතුමාට ජය වේවා. සත්‍ය ජයගන්නවාමයි.
අධිකරණයේ ස්වාධින බව මුළු මහත් ලෝකයා ඉදිරියේ අද තහවුරු වුනා. ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකාවේ යහපාලනයෙන් ලබාගත් විශිෂ්ට කාර්ය අධිකරණය ස්වාධීනව වීම
මම නම් කැමති මේ වගේ ඇමති මණ්ඩලයක්. පොඩි රටකට මොකටද ලොකු ඇමති මණ්ඩලයක්.. ආර්ථික කටයුතු සහ බල ශක්ති - අගමැති යටතේ අධිකරණ - අජිත් හරි සුජීව හරි (නීතිය දන්නා කෙනෙක්) මුදල් - හර්ෂ විදේශ - මංගල (රටවල් අතර හොඳ නම ඇතිකළ නිසා) වෛද්‍ය - රාජිත (ඉන්න එකම දොස්තර නිසා) නිවාස සහ සංවර්ධන - සජිත් වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන - නවීන් ආරක්ෂක - සරත් (පොලිසිය ස්වාදීනව) අධ්‍යාපන සහ සංස්කෘතික - කම්කරු, සහ කර්මාන්ත (කෘෂිකර්ම ඇතුළුව)..
රටකට පාර්ලිමේන්තු විධායකයක් නොමැතිවුණත් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. 1978ට කලින් සිදු වූයේ එයයි. එහෙත් ඕනෑම රජයකට අධිකරණ පද්ධතියක් අවශ්‍යම වන්නේ ව්‍යවස්ථාදායකයෙන් පනවන නීති අනපනත් හා කෙටුම්පත් හරියාකාරව ක්රියාවේ යොදවන්නයි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන උදම් අනන අයම වරෙක නොඉවසිලිමත්ව අධිකරණය දුෂිතයි කියා ප්‍රසිද්ධියේම බැණ වැදුණත් කෑමට තලගොයි මස් නැත්නම් කබර මස් වුනත් පිසගෙන කන බව රහසක් නොවෙයි. මෙතැනදී වැදගත් වන්නේ තමන්ට වාසි තීරණයක් ලැබීම නිසා අධිකරණය පසසා නිහඬ වීම නොව අධිකරණයටත්, හිසරදයක් නොවන ලෙස ව්‍යවස්ථාදායකය තුළ ශිෂ්ඨ සම්පන්නව හැසිරීමයි.
ජනතාවට වෙන සෙතක් නෑ. ඉතිරි කාලයත් ඔහොමම රණ්ඩු වෙලා.. ජනතාව අසරණ කරයි.
ඒ මොන කතාවක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 6 කැබිනෙට් එකට දානවා කියන්නේ... එජාපය මේ පාරත් කන්න තමා හදන්නේ...
රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් සමග යන්න.
රැකියා දසලක්ෂයක්, පුංචි කාර් එකක් ගන්න වාසනාව, බුලත් විටක් වෙනුවට චුයින්ගම්, අපිට බ්‍රේස්ලට් බඩු මිල සෑහෙන්න අඩුවෙන් ගන්න පුලුවන්... එකී මෙකී නොකී අපේ තරුණ ජවසම්පන්න නායකතුමාට හතරවරං දෙවියන්ගේම පිහිටයි.. අාරක්ෂාවයි. රටත් බෙදලා කෑල්ල කෑල්ල විකුණලා දාලා සමරිසි කසාදෙකුත් කරන් ඉමු. අපි ඉමු අපි... ඉමු අපි ඉමු. අපි චූන් එකේ..
ජනතාව නම් කියන්නේ 113 ගෙදර පලයව් කියලා.
හරි රනිල් ඉරිදා අගමැති වුනොත් ඉරිදාම ජනාධිපති ඉල්ලා අස්වෙයි. ඊළඟට ජනාධිපති මැතිවරණය. මේ පාර නම් ජනාධිපති තනතුරට පත්කරගන්න ඕනේ නියමෙටම තම සාක්කුව ගැන නොහිතන රටගැනම පමණක් හිතන වීරවංස, ගම්මන්පිල වැනි කෙනෙක්ව...
අගමැතිතුමාට යන්තන් දැන්වත් ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු ටිකටවත් යන්න පුළුවන්. මේ සති කිහිපයට කීයක් මග ඇරුණාද දන්නේ නැහැ.
මෙය ජයග්‍රහණයක් නොවේ. සත්තකින්ම එජාපයේ පසු බැස්මකි. රනිල් හැර වෙන ඕනැ කෙනෙක් යන ප්‍රකාශය කුමන්ත්‍රණ අවලාදයෙන් වෙන්කර සාකච්ඡා කළ යුතුය. මන්ත්‍රින් මුදලට විකුණුනා නම් සියල්ල අවසන් වන්ට ඉඩ තිබිණ. අදටත් එජාපයට ඉතිරිව ඇත්තේ රනිල්ගේ නායකත්වය පමණකි. එ් නායකත්වය ගැන විවේචන පවතී. කළ යුත්තේ විජේතුංග පන්නයේ භාරකරුවෙකු පත් කොට බිඳුණු සිත් එක්කිරීමය. පසුගිය කාලයේ කළකිරැණ එජාප පාක්ෂිකයින් දෙවර්ගයකි. 1 පක්ෂය හැර ගිය අයය. 2 පක්ෂ නායකත්වය විවේචන කරමින් වැඩ කළ අරගල කරුවන්ය. දෙවන කණ්ඩායම සමග වැඩ කිරීමට රනිල් සූදානම් වුණොත් බොහෝ දේ කළ හැකිය. මෙහිදී ඝනාත්මක චරිතය සජිත් නොවේ. කරූ ජයසූරියයි. ඔහුගේ වයස අනුව කිසිවෙකුට අභියෝගයක් වන්නේ නැත.
මේක සිරාගෙයි මරාගෙයි ලෝක ගැටයක්... මේ යන්න යන්නේ අවුරුදු 1/30 තියෙද්දී ව්‍යවස්ථාව කඩන්න. සබාග රජයකට රනිල්ව ගමරාල කැඳවන්නයි යන්නේ...
අරවින්දගේ අදහසට මමත් එකඟයි.
මේ පාරත් අපේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කයිද? එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් මමත් කණගාටුවෙනවා. අපේ පක්ෂයට නායකත්වයක් නැති එක ගැන... රටටත් අබ සරණයි.
දැන් ඉතින් ෆොන්සේකාට පොලීසිය බාර දීලා හරියට වැඩ කරන්න.
ලංකාවේ මිනිස්සු මොන තරම් අදූරදර්ශීද? එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කිසි දවසක රටට සෙතක් කර නැත. සියළුම අර්බුදවලට වගකිවයුතු වන්නේ ඔවුන්ය. කිසිඳු දේශීය හැඟීමක් නැති, නමට සිංහල වෙලා ඉපදුණු ඔලමොට්ටලයන් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. සෑබෑ ශ්‍රී ලාංකිකයින් සෑබෑ වීරවරුන් සැමදා සිටියේ වමේ පක්ෂ තුලය. 71, 88,89 කාල වකවානුව තුළ ජනතා විමුක්ති පෙරමුණ රටේ සියලුම සම්පත් විනාශ කර දමන ලදී. ලක්ෂ ගණනක් තරුණ ජීවිත විනාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වී රටේ සම්පත් කුණු මාළු ලෙස විකුණා බටහිර ඉන්දීය ගැති පාලනයක් ගෙන ගියේ ජනතාව තුට්ටු දෙකට දමාය. මොවුන් කිසිඳු දවසක රටට ආදරය කල දේශපාලකයින් නොවේ. බල තණ්හාව මුදල් වෙනුවෙන් තමන්ගේ දෙමාපියන් පවා විකිණීමට සුදානම් ඔලමොට්ටලයන් පිරිසකි.
කට්ටිය එක්ක එකතුවෙලා TNA එකට උතුර ලියා දුන්නා නම් හරි.. එතකොට කෙටිකලක් තුළ දකුණ අල්ලගන්නවා. කාටත් දැක බලාගන්න පුළුවන්... ඒක තමයි කාටත් කරගන්න ඕනේ...
"රනිල්" අගමැති කරනවට , වැඩිය හොඳයි මේ රට හමුදාවට බාර දෙන එක... ! පේනවා..නේ රනිල්ගේ ඇම්බැට්ටයෝ පාරක කිහිලිකරුවකින් ගමන් කරන කෙනෙකුටවත් නිදහසේ පාරේ , යන්න නොදෙන ජාතියක් කියලා.. !!!
නිකමට හරි මෙයාගේ මන්ත්‍රීකම අරකෙන් අහෝසි වුණොත් ජනවාරි වගේ අායෙත් අලුත් අගැමති කෙනෙක්...
දැන්වත් ඉතින් හොරු අල්ලනවා කියාලා අපිට 2015 දී දුන්නු පොරොන්දුව මතක් කරලා ඒක ඉෂ්ට කරන්න,
දැන් රනිල් අගමැතිනම් සහ ඇමතිවරු 30ක් නම් තනිකරම එක්සත් ජාතික පෙරමුණු රජයක් විය යුතුයි. පිට අය කිසිකෙනෙකු ඇමතිකම් නොදැරිය යුතුයි. දැන් ජාතික ආණ්ඩුවක් නැත. විශේෂයෙන් සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති විය යුතුමයි. දිල්රුක්ෂි ඩයස් නැවත විශේෂ අධිකරණයට පත්කලයුතුමයි. රාජිත සෞඛ්‍යය ඇමතී විය යුතුයි
දැන් ඉතින් ජනවාරි ණය වාරික මිනිස්සුන්ට පඩි ගෙවන්න තිබුන සල්ලි විනාස කරපුව, පාර්ලිමේන්තුව විනාශ කරපුව, වීරවංස පත්වීම් දීපුවා ගෙවන්නත් ඕනේ මේ ආණ්ඩුවද. එයාලගෙන් අයකර ගන්න තියෙන්නේ. සරත් ෆොන්සේකාට නීතිය සාමය දුන්නනම් හරියට හදයි.
ඒ කියන්නනේ හෙට ඉදලා පොළොන්නරුවේ යනවද ?
දිව්රුම් දෙන්න අස්වෙන්න ඕනනේ. රනිල් අස්වුනෙත් නැත්නම් ආය මොනවටද දිව්රුම් දෙන්නේ? මහින්ද ඉල්ලාඅස් උනාම කිව්වේ අස්වෙන්න දෙයක් තිබුනේ නැහැ කියලා ?
අප නම් කැමති නෑ හොරුන්ට ඇමතිකම් දෙනවාට. කටින් කිවුඔත් රවිට ඇමතිකම් දෙනු එපා. ජනතාවට හොඳ සහන පැකජයක් දෙන්න.