(නාලක සංජීව දහනායක)
ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (13) පවසා ඇත.
එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්නේනම් එම ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නැතැයිද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමේන් පසුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපතක්ම වනු දැකීම බහුතරයේ පැතුමය .
දින වකවානු අපිට විශ්වාස නැත
මේ කියන දේවල් බොරු .
සඳුදා වෙනකන් ඇයි අදම අගමැති පත්කර මේ අර්බුදය නිමා කරන්න
මෙම නිවේදන කිසිවක්!!! අපි නම් විශ්වාස කරන්නේ නැත...
මේ කතාවත් හරියට සති දෙකකට ඉස්සර " දවස් 7 න් ප්රශ්නය විසඳනවා. රනිල් අගමැති වුනොත් පැයක්වත් තනතුරේ ඉන්නේ නැහැ" කියල කියපු කතා වගේ වෙයිද?
මට නම් මේ මහත්තයා කියන කිසි දෙයක් විශ්වාස කරන්නට බැහැ.
හිටන් ගේ සෞක්‍ය තත්වය දිනෙන් දින පිරිහෙමින් පවතී. වහාම දෝෂාභියෝගයක් ගෙනැවිත් ඔහු රෝහල් ගත කළයුතුයි. රට බේරා ගැනීම පිණිස....
ලබන සඳුදා අලුත් ආණ්ඩුවක් යටතේ පත්කරන නව අගමැති කවුද? රනිල්ට අගමැතිකම දෙන්න වුනොත් එක පැයක්වත් ජනාධිපති හැටියට ඉන්නේ නැහැ කිව්වේ මෙයා නේද? මෙයා කියන කතා විශ්වාස කරන කොන්ඩේ බැඳපු චීන්නු නම් තවමත් අපේ රටේ ඇති... බලන් ඉමුකෝ...
එතකොට මෙයාමද අගමැති? අනේ අපොයි නුඹේ කටෙත් පස් සිරෝ අපේ කටෙත් පස්... බලමු මහින්ද මහතා දුන් ජනතා සහනවලට මේ ගොයියා මොනවා කරාවිද කියලා...
ඔබ කොඳු නාරටියක් නැති කෙනෙක් බව පැහැදිලිව ඔප්පු කළා. කදුරු ලීයකින් කපාගත් කෙනෙකු ඔය තනතුරේ තිබ්බා නම් නොසෙල්වී තියා ගන්න තිබුණා.
L.G.P Jathunarachchi පසුගිය අවුරුදු 4ම රටට වුනු යහපත වගේම යහපතක් නේද? අනේ හොඳයි. රටට කොහොම වුණත් ඒ ගොල්ලන්ට යහපතක් වුණු බවනම් අපි දැක්කා. ඔබ එය දැක්කේ නැද්ද?