විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට පහර දී ඇතැයි පැමිණිල්ලක්
මිරිහාන පැඟිරිවත්තේ විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව විසින් පහරදී ඇතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.