(අංජුල මහික වීරරත්න)
ග්ලයිෆොසේට් වල්නාශක තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
තිරසාර බව සමග ආහාර අර්බුදය ජයගැනීම සඳහා ඉදිරි මාවත හා යෝජනා යන මැයෙන් ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදය සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.
ග්ලයිෆොසේට් නීතියෙන් තහනම් කර ඇතත් දැනටත් රටපුරා තත්ත්වයෙන් බාල ග්ලයිෆොසේට් කුඩු හා දියර වශයෙන් නීතිවිරෝධීව අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, දළ වශයෙන් වසරකට රුපියල් බිලියන 1.5ක ග්ලයිෆොසේට් නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන බවත් කෘෂි ව්‍යවසායකයින් ප්‍රකාශ කළේය.
මේ නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර තත්ත්වයෙන් බාල ග්ලයිෆොසේට් භාවිතා කිරීම නිසා සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය හානිය ගණනය කළ නොහැකි බවද මෙහිදී අනාවරණය විය.
මෙහිදී ග්ලයිෆොසේට් වල් නාශකය සම්බන්ධව අදහස් පළ කළ ආචාර්ය අජන්ත ද සිල්වා මහතා කීවෙි ග්ලයිෆොසේට් යනු බහුවාර්ෂික භෝග සදහා අත්‍යවශ්‍යම සාමාන්‍ය වල් නාශකයක් බවත්, විශේෂයෙන් බඩඉරිඟු වගාව පුළුල් වශයෙන් වගා කිරීමට සූදානම් වන අවස්ථාවක ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කරමින් බඩඉරිඟු වගාව සාර්ථක කර ගත නොහැකි බවද අවධාරණය කළේය.
එමෙන්ම ග්ලයිෆොසේට් තහනම කඩිනමින් ඉවත් කිරීම කළ යුතු යැයිද අජන්ත ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
ග්ලයිෆොසේට් තහනම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරන්නේ නම් ඒවා ආනයනය කිරීම සඳහා තමන් සූදානම් බව ද ව්‍යවසායකයෝ ප්‍රකාශ කළහ.
වී, බඩ ඉරිඟු ඇතුළු ආහාර බෝග වගාවන් හි අස්වැන්න අවම වීම කෙරෙහි බලපා තිබෙන ප්‍රබල වල් මර්දන නාශයකයක් වන ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යායුතු නැති බවත් මෙම මහ කන්නයේ දීම නැවතත් ග්ලයිෆොසේට් ආනයනයට ඉඩ සළසමින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් අපෙ රටෙ ජලය පානයට නුසුදුසුවෙලා තියෙන්නෙ ග්ලයිෆොසෙට් නිසා .. වකුගඩු රෝග ඉහ වහ ගිහින් තියෙන්නෙත් ග්ලයිෆොසෙට් නිසා ... එත් ග්ලයිෆොසෙට් නිපදවන රටවල්වලින් අල්ලස් ලබාගන්න පාලකයො කියන්නෙම ග්ලයිෆොසෙට් නැතුවම බැහැ කියල . අපි රටක නිරූගී ජීවිත්යක් බලාපොරොත්තුවෙන ජනතාවක් වශ්යෙන් ගත යුතු තීරණය කුමක්ද ??
ග්ලයිෆොසෙට් වෙනුවෙන් කඩේ ගිය මහාචාර්ය කෘෂිරසායන ජාවාරම්කරුවන් ජයග්‍රහණය කර ඇත. බොහෝ නිලධාරින්ද, දේශපාලකයින්ද එම ජාවාරමේ ගොදුරු වේ.
ගනේගොඩලා වගේ මොනවත්ම නොදැන මේකේ කොටන කට්ටියක් ඉන්නවා. රජරට වකුගඩු රෝගයත් එක්ක ග්ලයිෆොසේට් වල සම්බන්ධයක් ලෝකේ කොහෙවත් විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ හින්දා දන්නේ නැත්නම් දැනගන්න.. ලෝක සෞඛ්‍යංවිධානේ තාමත් ඒක හඳුන්වන්නේ "මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය " කියලා (CKDU) මෙතන U වලින් කියන්නේ මූලය හඳුනා නොගැනීම තමයි.. ඔය මිථ්‍යාව ඊනියා මහාචාර්ය කෙනෙකුත් එක්තරා ගණිත මහාචාර්ය කෙනෙක් සහ අතන මෙතන බලන කෙනෙක් එක්කහු වෙලා වපුරපු එකක්.. මම අභියෝග කරනවා පුළුවන් නම් අර කියපු කතාව විද්‍යාත්මකව ඔප්පු කරන්න කියලා...
නන්දසේන සහ වියත්මගේ නඩය එකතුවෙලා කෘෂිකර්මාන්තය විනාශ කරපු එකට නම් සොබාදහමින් පඩිසන් ලැබේවි...!