IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඕමල්පේ හිමිගෙන් ගල් අඟුරු ඩෙන්ඩරයට එරෙහි පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ලක්විජය තාප බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 44.5ක් ලබාදීමට විදේශීය සමාගමට ලබාදී ඇති ටෙන්ඩරය සහිත ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඒ අනුව, මෙම පෙත්සම සම්බන්ධයෙන් දෙසතියක් තුළ සීමිත විරෝධතා ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට  නියෝග කළේය .

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ලංකා කෝල් සමාගම, එහි සභාපති ජගත් පෙරේරා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, ගල් අගුරු මිලදී ගැනීමේ අමාත්‍ය මණ්ඩල කමිටුව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බ්ලැක්සෑන් කොම්සිටි සමාගම ඇතුළු පිරිසකි .

ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි .

මෙම පෙත්සමේ පළමු වගඋත්තරකාර සමාගම මෙරට තාප බලාගාරවලට ගල් අගුරු සැපයීමේ ප්‍රධාන සැපයුම් කරුවන් ලෙස සිටින බවත් මෙහි අයිතියෙන් සියයට 60 ක ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමි බවත් පෙත්සමේ සඳහන් වෙයි .

ලක්විජය බලාගාරයට 10% ක ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පිහිටවනු ලැබූ බවත් මෙම ටෙන්ඩරය පෙත්සමේ 19 වන වගඋත්තරකරු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමට ප්‍රදානය ප්‍රදානය කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉකුත් 22 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර මේ හේතුවෙන් ලාභදායී සහ උසස් තත්ත්වය ගල් අඟුරු ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වාසිය අහිමිවී ඇතැයි ද පෙත්සමේ සඳහන් වෙයි.

මෙම සැපයුම්කරුවා ගල් අඟුරු ටොන් එකක් ඇමරිකානු ඩොලර් 295.22 මිලට නියම කර ඇති අතර එය පවත්නා වෙළෙඳපොළ මිලට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එබැවින් මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් සමස්ත ක්‍රියාවලියම නීතියට පටහැනි බවත් සඳහන් කරන පෙත්සම්කරු අදාළ ගිවිසුම බලරහිත කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත .

 



අදහස් (2)

ඕමල්පේ හිමිගෙන් ගල් අඟුරු ඩෙන්ඩරයට එරෙහි පෙත්සමක්

Bamunuarachchi Thursday, 08 September 2022 07:57 AM

සුත්‍රපිටකයේ මොන පිටකයේද දන්නේ නැහැ ගල් අඟුරු සුත්‍රය තිබෙන්නේ?

:       5       3

C.U. Thursday, 08 September 2022 09:16 AM

වංචාව හා දූෂණය පිටුදැකීම සඳහා යාන්ත්‍රණයද අභ්‍යන්තර පාලනයකට යටත්කල හැකි ශක්තිමත් දූෂණ විරෝධී යාන්ත්‍රණයක් සැකසීම සඳහා යෝග්‍ය ජනතාවාදී රජයක් නුදුරු අනාගතයේදී අප රටේ ජනතාව පත් කර නොගතහොත් මේ රට මීට වඩා ඉදිරියේදී හොරුන්ගේ රජදහනක් වනු ඇත. ඒ් නිසා සියළු පුරවැසියන්ගේ ඇස් කන් අවදි වේවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site