(නිමන්ති රණසිංහ)
කාන්තාවකට රජයේ රැකියාවක් ලබා දෙන බව පවසා ලිංගික අල්ලසක් සහ රුපියල් 50,000 ක මුදලක් ඉල්ලූවැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උරයප්පුලම්, අතෙයිකෝට්ටේ, කල්මුණේ පදිංචි ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක මුහම්මදු කාසිම් මුහම්මදු හා ඔහුගේ ලේකම් යැයි කියන එම්. පී. එස් නවාතැන්පළ , ආරුප්පු වීදිය, කොළඹ 13 පදිංචි ලෙබ්බෙ සෙයිනුල් ආබ්දීන් නමැත්තන්ය.
රජයේ රැකියාවක් ලබා දෙන බවට පවසා තමාගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් හා ලිංගික අල්ලසක් ඉල්ලූ සැකකරු මුලින් රුපියල් පනස් දාහක මුදලක් රැගෙන ඔහු හමුවීමට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව පැමිණිලිකාරිය අල්ලස් කොමිසමට කළ සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.
ඒ අනුව අදාළ මුදල ලබා ගැනීමට යාමේදී යාමේදී සැකකරුවන් දෙදෙනා පිටකොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලක දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd