ලංගම බස් 4800 ක් ධාවනයට එක්කරයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ 4800 ක් ධාවනයේ යොදවා ඇති බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වරණහංස මහතා පැවසීය. 31 March 2022
රට වහන්නැයි පාඨලි කියයි මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 31 March 2022
අයි.ඕ.සී. විදුලි ජනනයට ඩීසල් ටොන් 6000 ක් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි ජනනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ක් ලබාදීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එකඟ වූ බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 31 March 2022
ඩීසල් නොදුන්නොත් සියලු බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතට ඩීසල් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් සියලුම බහාලුම් ප්‍රවාහන රථ හෙට (01) සිට ධාවනයෙන් ඉවත් වන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය. 31 March 2022
නිවසේ සිට වැඩකරන්නැයි අගමැති කාර්ය මණ්ඩලයට දැනුම්දීමක් ඉන්ධන පිරිමසා ගැනීමේ එක් පියවරක් ලෙස නිවසේ සිට රාජකාරීවල නිරත වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල සේවය කරන නිලධාරීන්ට දැනුම් දී ඇත. 31 March 2022
හොරෙන් ගෙනා රන් කටුනායකදී මාට්ටු ප්‍රංශයේ සිට තීරු බදු නොගෙවා කිලෝ 1 යි, ග්‍රෑම් 430 ක් බර රන් බඩු මෙරටට රැගෙන ආ පුද්ලගලයකු අද (31) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී ගුවන්තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 March 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරනය ඉටු නොවීම ගැන පාප්වහන්සේට සංදේශයක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් අති උතුම් පාප්වහන්සේට කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 31 March 2022
‘ගැටුම් පසෙකලා සියලු දෙනා එක්විය යුතුයි ‘ රට මුහුණ පා ඇති බරපතල අර්බුදයට මේ දක්වා බලයට පත්වූ සියලු රජයන් විවිධ මට්ටමින් වගකිව යුතු බැවින් මේ මොහොතේදී වත්මන් රජය මෙන්ම විපක්ෂය හා හවුල්කාර පාර්ශවකරුවන්ද සමාදානමය ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 31 March 2022
අනතුරක් කර අනියම් බිරිය ඝාතනය කළැයි පුද්ගලයෙක් අත්අඩංගුවට සිය අනියම් බිරිදගෙන් ණයට ලබා ගත් රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදල ආපසු ලබා නොදී, සැලසුම් සහගත ලෙස රිය අනතුරකට ලක්කර ඇය ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මරදන්කඩවල පොලිසිය පවසයි. 31 March 2022
මන්ත්‍රීගෙ කුණු ෆේස් බුක් දැම්මාට ගුටි පූජාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිදුකරන විෂමාචාර සිද්ධින් මුහුණු පොත ඔස්සේ හෙළි කළැයි උරණවූ එම මන්ත්‍රීවරයකුගේ ආධාරකරුවන් පිරිසකට පහරකෑමට ලක් වූ තරුණයකු වවුනියාව රෝහලට ඇතුළත් කළ බව ඕමන්ත පොලිසිය පවසයි. 31 March 2022
දින පහකදී ඩීසල් මෙට්‍රික්ටොන් 80,000 ක් ඉන්දීය ණය පහසුකම් යටතේ සපයන ඩීසල් මෙට්‍රික්ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි දින පහ තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 March 2022
ආණමඩුවේ රක්ෂිතයක් වනසයි ආණමඩුව පරමාකන්ද රජමහා විහාරස්ථානයට අයත් වන රක්ෂීතයෙ අක්කර 50 කට ආසන්න භුමියක් ඩෝසර දමා වනසා ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරති. 31 March 2022
‘අන්තර් පළාත් බස් රථ සියයට 20 කින් අඩුවෙලා‘ ඩීසල් හිඟය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලින් සියයට 20 ක් පමණ ඊයේ (30) දිනයේ ධාවනයෙන් ඉවත්ව තිබූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 March 2022
පැරැණිම රැකියාවට අත දුන් නීතිඥයා මාට්ටු කුලියාපිටිය නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා නීතිඥයෙකු යැයි කියන එහි හිමිකරු හා කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 5 දෙනෙකු අද (31) අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය පොලිසිය කියයි. 31 March 2022
ආරවුල දුරදිග ගොස් සැමියා-බිරිද ඝාතනය කරයි එරාවුර් සව්කඩේ ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව එරාවුර් පොලිසිය පවසයි. 31 March 2022
වැඩි මිලට ඩොලර් ගත් සමාගමේ බලපත්‍රය අත්හිටුවයි ශ්‍රී ලංකා මහ බැංකව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත නිකුත් කර තිබූ මුදල් හමුමරු කිරීමේ බලපත්‍රය අද අත්හිටුවනු ලැබීය. 31 March 2022
අම්මා සමග ඉන්න බැ - දියණිය නීතියේ පිහිට පතයි මව මත්පැන් විකුණන නිසාත් මවගේ දෙවන සැමියා නිවසේ නොමැති අවස්ථාවල විවිධ පුද්ගලයන් මව හමුවීමට පැමිණෙන නිසාත් තවදුරටත් මව සමඟ ජීවත් විය නොහැකි බව වයස අවුරුදු 14 ක පාසල් දැරියක කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන් හමුවී ප්‍රකාශයක් කර ඇත. 31 March 2022
තිහේ දර මිටිය 100 ට උස්සයි ගෑස් මිළ ඉහළ යාමත්, දිනකට පැය දහයක් ඉක්මවා විදුලිය කැපිල්ලත් සමග රුපියල් 20ට 30ට අළෙවි කළ කුඩා දර මිටියක මිළ රුපියල් සියය දක්වා විශාල ලෙස ඉහළ ගොස් ජනතාව කබලෙන් ළිපට වැටි ඇතැයි මේ දිනවල දර ලිප භාවිතා කරන ජනතාව පවසති. 31 March 2022
ඇපල්ගෙඩියත් ගණන උස්සයි ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභොගික ජනතාව කියා සිටිති. 31 March 2022
වැසිකිළි වළෙන් හමුවු කතගේ සිරුර ගැන වතගොත හෙළිවෙයි පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක දමා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර ඇයගේ ඥාතීන් පැමිණ අද 31 හඳුනාගත් බව පානදුර පින්වත්ත පොලිසිය සඳහන් කරයි 31 March 2022
දෙවැනි මහලෙන් වැටුණු පෙදරේරුවා මරුට පානදුර උතුර කෙසෙල්වත්තේ ගම්මැද පාර ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවසක දෙවන මහළෙ අනාරක්ෂිත කොරිඩෝවෙන් පහලට ඇදවැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය සඳහන් කරයි 31 March 2022
‘සැබෑ ජනතා නැගිටීම් වලට දේශපාලකයන් මැදිහත් වෙන්න එපා‘ ආණ්ඩුවේ පීඩාකාරි වැඩපිළිවෙලට එරෙහිව මතුවෙන ජනතා නැගිටීම්වලට දේශපාලඥයින් සම්බන්ධ නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 31 March 2022
බලපිටිය-වැලිතරින් ගාලු පාර වසති ගෑස් ඉල්ලා ගාලු පාරේ බලපිටිය වැලිතර ප්‍රදේශ මාර්ගය වසා පිරිසක් අද (31) උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟම ගාලු පාරේ පැයක පමණ කාලයක් රථ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇන සිටියේය . 31 March 2022
අබලන් බිත්තියට යට වී දරුවෙක් මරුට අකුරැස්ස නිල්මැණිගම ප්‍රදේශයේ පියා හා මව එක්ව ගලවමින් තිබූ කටුමැටි බිත්තියක් එක්වර කඩා වැටී කුඩා දරු තිදෙනායට වීමෙන් එක් දරුවකු එම ස්ථානයේදීම මියගොස් කුඩාම දරුවා ඉතාම අසාධ්‍ය තත්ත්වයක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අකුරැස්ස පොලීසිය කියයි. 31 March 2022
කැනියෝන් යළි වැඩ කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසිය. 31 March 2022
සුරතල් මසුන්ගේ ජීවිත අවදානමේ: ඉන්ධන ගන්න ජෙනරේටර් උස්සන් ඇවිත් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් කෑන්වලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් සුරතල් මසුන් ඇති කරන ව්‍යාපාරිකයකු මාළුන්ගේ ජීවිත රැකගැනීම සදහා ජෙනරේටරය තල්ලුකරගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි අයුරු කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී දැකගත හැකි විය. 31 March 2022
මිඩ්වයිෆ්ලා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අනීතික ලෙස අත්හිටුවීමට විරෝධය පළ කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැන් පැවැත්වේ 31 March 2022
සත්වෝද්‍යානයට අලුත් ලොක්කෙක් තිලක් ප්‍රේම කාන්ත මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබ සිටී. 31 March 2022
විදුලිය කපන පැය ගණන අනිද්දා සිට අඩුවෙයි දිනකට විදුලිය කපන පැය ගණන අනිද්දා (2) යින් පසු අඩු කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ප්‍රදිනාන්දු මහතා පැවසීය. 31 March 2022
ආතාවුද සෙනවිරත්න දිවියෙන් සමුගනී හිටපු අමාත්‍යවරයකු වූ අතාවුද සෙනවිරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත විය. 31 March 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026