(රංජන් කස්තුරි)
වසරකට ඇමෙරිකා ඩොලර් බිලයන 6ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිලි වික්‍රමසිංහ මහතගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉකුත් දා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා එරට බලධාරීන් සමඟ සාකච්ඡාවලදී මෙම මූලික එකඟතාවය පළකර තිබෙන බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පස් අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම කෙරෙහි එම සාකච්ඡාවලදී අවධානය යොමුකර ඇතැයි ද පැවැසේ.
ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සෞද අරාබි රාජ්‍යයේ සංචාරයක නිරත වූ අහමඩ් මහතා ශ්‍රි ලංකාවේ ආයෝජනය කරන්නැය ද එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
කෘෂිකර්මික, පොහොර නිෂ්පාදනය ඛනිජතෙල් ගබඩා පහසුකම් ඉදිකිරීම ඉන්ධන සැපයුම් ස්ථාන පිහිටුවීම පිරිපහදුව නවීකරණය සහ පුළුල් කිරීම ඛනිජ සම්පත් අවස්ථා සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවාර්ධනය කිරීම සඳහා සෞදි ආයෝජන ශ්‍රි ලංකාවට ලබා ගැනීම පිළිබඳව එහිදී සකච්ඡාකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නේ බොරතෙල්ද?
අනේ මන්දා දැන් ඕවට, රතන හාමුදුරුවෝ, ඥාණසාර හාමුදුරුවෝ සහ අනිත් කට්ටිය මොනවා කියයිද දන්නේ නැහැ.. දැන් අපිට අරාබියෙන් මුකුත්ම එපා කිව්වනේ..!
පලමුවත් රට ...! දෙවනුවත් රට ..! ! තෙවනුවත් රට ..! ! ! කියලා පොළොව ඉඹින " උම්මා " රාජ්‍යයක්ම වෙයිද..?
අවුරුදු 8 කට කළින් හිටපු ජනාධිපති කෙනෙක් නුවර රැළියක් අමතලා කිව්වා අපේ රටේ බොරතෙල් හා ගෑස් නිධි සොයා ගත්තා. අවුරුදු 02කින් නිෂ්පාදනය පටන් ගන්නවා කියලා. මේ ඇමැති කියනවා අවුරුදු 6ට අපට තෙල් සෞදියෙන් ණයට ලැබෙනවා කියලා. අපි මේවා අහලා මෝඩයෝ වෙනවා.
වසර 6කින් වත්මන් පාලකයො කොහෙ ඉදීද මන්ද ? එතකොට කවුද මෙ නය කන්රාදව ගෙවන්නෙ ... වසර 6කින් ඉපදෙන්න ඉන්න දරුවොත් නයකාරයො කරල තමයි මෙ ආන්ඩුව පස්සබලන්නෙ .
අපිට එපා. ඉන්න හොරු ඉස්සෙල්ලා භාර වෙයන්...
මේ වඳ තෙල් ගහලා අපේ වාහන වඳවෙයිද මන්දා..?
දැන් ඔය ණය කන්දරාව ගෙවන්නේ ඇමැතිද?
දැන් ඔය තෙල් හලාල්ද?
බොරුවට සීමාවක් නෑ... ස්වර්ගය වගේ...!
ඒ කියන්නේ තව අවුරුදු 5කින් සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 75ක්. සුපිරි ප්ලෑනින්..
ඒ කියන්නෙ වසර පහකින් තවත් බිලියන 30 කින් ණය වැඩි වෙනවා. මොලේ තමයි මොලේ
දැන් තමයි බරපතලම ප්‍රශ්නයකට ඇද දමන්නේ අන්තිමට වෙන්නෙ මහා විනාශයක් කෝ යකෝ දැන් අර දේශප්‍රේමීන්?