(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික වරදාන වරප්‍රසාද ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව පාවිච්චි කළොත් ජනතා විශ්වාසය තවදුරටත් බිඳ වැටෙනු ඇතැයි ද එසේ වුවහොත් ජනතාව රතු එළියක් දල්වනු ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පෝෂදායී ආහාර වේලක් යනු පොල් සම්බලයක් සහ බත් කටක් නොවන බවද නමුත් අද එවැනි ආහාර වේලක් හදාගන්නත් කොපමණ මුදලක් වැය වෙනවාදැයි බාකීර් මාකර් මහතා ප්‍රශ්න කළේය.
අහාර උද්ධමනය කොතරම් වැඩිවී තිබෙනවාදැයි ප්‍රශ්න කළ බාකීර් මාකර් මහතා ඒ වැඩි වීම අනුව පඩි වැඩි වී නැතැයි ද කෘෂි අර්බුදය නිසා ආහාර නිෂ්පාදනය බිඳ වැටී ඇතැයි ද කීය.
අර්බුදයෙන් ඊළඟ පරම්පරාව මුදා ගැනීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙන බවද ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස‍්සු තවදුරටත‍් රතු එළි දල‍්ව දල‍්ව ඉන‍්න එකක‍් නමි නෑ. දල‍්වලා දාවි අළුවෙලා යන‍්නම. මෙි තක‍්කඩි රැල තවම එ‍්ක තේ රැමි අරන‍් නැති බවයි පෙනන‍්නෙ.