
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය තිරසර නොවන බවත් එම රටවල් වලට ණය බර දරා ගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් තිබෙන බවත් නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය.
දිළිඳු රටවල් වලින් සියයට 60 ක් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව එම සමුළුවේදී ජොර්ජීවා මහත්මිය පැවසුවාය.කොවිඩ් වසංගතයෙන් පීඩිත වූ මිනිසුන්ට උද්ධමනයද පහර දෙන බව ජොර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය.මෙම ගැටලුවට මුහුණදීම සඳහා බලවත් බැංකු පද්ධතියක සහ ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව ඇය පෙන්වා දුන්නාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මැතිණියනි, ලංකාව ඇතුළු ඒ රටවල් දුප්පත් වුණාට ඒ රටවල් පාලනය කරන අය හා ඔවුන්ගේ දරු පවුල් ඔබලාටත් වඩා ගොඩාක් ධනවත්. ඔවුන් විඳින සැප සම්පත් ඔබලාට වඩා ගොඩක් වැඩියි. අසරණ ජනතාවට අයිති මුදල් වලින් තමයි ඔවුන් පමණක් සුරසැප විඳ, රටේ ජනතාව දුගියන් කොට තිබෙන්නේ. ඔබලා ඒ ගැන වැඩිය කරදර වෙන්න එපා. මෙවැනි රටවල අඥාන ජනතාව සතුටු වන්නේ, ඔවුන්ගේ පාලකයින් යහතින් ජීවත් වුණොත් පමණයි. තමන් හිඟන ජනතාවක් බව ඔවුන්ට කිසිඳු වැටහීමක් නැහැ. පාලකයින් දෙස බලා මේ මෝඩයින් මොනතරම් ආඩම්බර වෙනවද? ඒ ගැන දන්නේ අපිනේ.. බුරුවන් කොහොමත් ඉතින් අනුන්ගේ බර අදින්නේ ලොකු ආසාවකින්නේ...
කොහොමත් මේ පවතින නූතන ලෝකයේ, ආයේ කවදාවත් සංවර්ධනය වෙමින් පවතින රටවලට සංවර්ධනය වෙන්න බැහැ. දුප්පත් රටවල් නිසා තමයි ලෝකයේ පෝසත් රටවල් පවතින්නේ. අපිට තියෙන එකම කාරණාව තමයි... පෝසත් රටකට පැනගන්න එක...