
(විමුක්ති එස් රුද්‍රිගු)
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට දඩුවම්දීමේ ක්‍රමයක් නොමැති වීම ,ආර්ථිකයට සිදුකළ අපරාධ සහ වංචා දුෂණය ශ්‍රී ලංකාව කඩා වැටීමට මුල් වූ කරුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි බැචලේ මහත්මිය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය නිරීක්ෂණය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ අතීත මානව හිමිකම් කඩවීම් සමඟ ආර්ථික ප්‍රශ්න පැහැදිලිව සම්බන්ධ කළ පළමු අවස්ථාව මෙය බව විචාරකයෝ පවසති.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 13 ක් ගත වී ඇතත් අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්වල වින්දිතයන් තවමත් යුක්තිය ලැබෙන තෙක් සහ සත්‍ය හෙළි වන තෙක් බලා සිටින බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශ කළේය.
මානව හිමිකම් කවුන්සිලයේ 51වෙනි සැසිවාරය එළඹෙන 12 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර එකසත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (06) ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව නිකුත් කළේය. ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙසත් එම වාර්තාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් වලට ඇති "දණ්ඩමුක්තිය",ආර්ථිකයට සිදුකළ අපරාධ සහ දුෂණය ඇතුළුව ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ කරුණු හඳුනා ගනිමින් ඒවාට පිළියම් යෙදීමට ශ්‍රී ලංකාවට සහාය විය යුතු බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන් වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකාවේ නව සහ පොදු දැක්මක වැදගත් ආරම්භක ලක්ෂ්‍යයක් බව මානව හිමිකම් වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ නෝනට කියවන්න ලියන්න දැනීමක් තිබුනට එවයෙ කිසිම අපිට අදාල අර්තවත් කමක් නැහැනෙ .
ජෛව ලෝකයේ රටවල් 195 ක් ඇත...! මැයට පෙනෙන්නේ ලංකාවේ මානව හිමිකම පමනි..! දෑසෙන් හෝ එක අතකින් වසා අනිත් ඇසින් බැලුවත් දවාලට පේන්නේ ලොවට එලිය දෙන රාෂ්ඨක හිරු පමනය.... නමුත් හිතට සිසිලස දෙන සඳුවත් දිළෙන තරුවත් ඒ ලඟම තියෙන බව දෑසටම නොපෙනේ..!
කොටි ඩයස්පෝරාවේ හඬත් මැයගේ හඬත් එකක්මයි. මෙයාලාට වෙනත් මාතෘකාවක් ඇත්තේම නැත...
මම කැමතියි කසාද බඳින්න
යන්නේ කොහෙද, මල්ලෙ පොල්...!
මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ලොකුම හේතුව තමා දූෂිත පවුල් පාලනේ උදවිය සහ වටේ හිටපු දූෂිත දේශපාලුවන් කරපු මහාපරිමාණ හොරකම් වංචා හා දූෂණ...!
මේ නෝනත් නොදන්න දෙයක් නැහැනේ..? එයාව ගෙනත් ලංකාවේ ජනාධිපති කළා නම් බලන්න තිබුණා වැඩේ. ඇත්තටම දන්නවද, නැතිනම් කටින් බතල කොළ හිටවනවාද කියලා... ?
මානව හිමිකම් කඩවිම් නිසා ලංකාවට ආර්ථික සම්බාධක පැනවුනා උදා. GSP බදු සහනය අවම විම.
මෙයාට ලංකාවේ මානව හිමිකම් විතරයි පේන්නේ.. ලෝකයේ වෙන බලවත් රටවල් අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා පේන්නේ නෑ. ලංකාවට පුදුම ආදරයක්... විජය රජු එනකොට හිටපු කුවේණිද දන්නේ නෑ.
මානව හිමිකම් රැකගෙන කරපු උන්ගේ වසතුව කොල්ලකාලා තමා සුද්දෝ දියුණු වුණේ. එවුන් තමා මිනිස්සු වහල් සේවයට යොදාගෙන වැටුපක් තබා හරියට කෑමක් බීමක්වත් නොදී වැඩ අරගෙන රටවල් දියුණු කළේ. මුන්ගේ යටි අරමුණු ඉටුකරගන්න බැරි වුණාම අපට විරුද්ධව බොරු චෝදනා කරනවා. අපේ රටේ මුදල් කොල්ලකාපුවට විරුද්ධව රටේ ජනතාව කටයුතු කරාවි. ඒව මානව හිමිකම් වලට ඇදලා ගන්න ඕනි නෑ.