
(යොහාන් භාසුර)
රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බස් රථ 80 ක් වසර 7 කට පෙර ආනයනය කළ ද ඒවා මිලදීගැනීමට අනුමැතිය නොලැබීමෙන් වසර හතක් තිස්සේ ධාවනයට යොදවා නොමැති බවත් ඒවා හැකි ඉක්මනින් ධාවනයට යෙදවීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් තවමත් එම සමාගමේ පනාගොඩ කර්මාන්තශාලා සංකීර්ණයේ ගාල් කර ඇති මෙම බස් රථ ධාවනයේ යෙදවීමට කැබිනට් අනුමැතිය ද ලබාගත් බව කී අමාත්‍යවරයා බස්රථ වල වර්තමාන වෙළෙඳපොළ වටිනාකමින් අඩකට මෙම බස් රථ ලබා දීමට සමාගම එකඟතාවය ද පළකර ඇති බවද සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම පනාගොඩ පිහිටි අශෝක් ලේලන්ඞ් සමාගමේ මෙරට කර්මාන්ත ශාලාව අද නිරීක්ෂණය කිරිමෙන් පසුව එසේ පැවසීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද? අවුරුදු 7කට ඉස්සෙල්ලා ආනයනය කළා නම්, 2015 හෝ ඊට පෙර? ඒකාලෙ මෙයා දරපු තනතුර..? අවුරුදු කීයක් පළාත් මන්ත්‍රීද? මෙතෙක් කල් ඔය ආයතනයේ පාලකවරු මොකද කළේ? වී අලෙවි මණ්ඩලේ උදවිය වගේද? අපරාදෙනේ තව වැඩියෙන් ෂෝ පාර දාන්න තිබුණා නේද?
බුදුඅම්මෝ... වසර 7ක්?
කාටද මේ විහිලු? අවු. 7කට පෙර බස් ගෙනත් තියෙන්නේ. ඩොලර් එකේ වටිනාකම්වල වෙනස බැලුවාම ඇමැතිතුමාගේ සේවය බොහෝම පැහැදිලියි...
මේ රටේ සිදුවන්නේ මොනවද? සිදුවන දේවල් අනුව රට මේ තත්වයකින් හෝ පවතිනවා ඇති...!
බහුතරයක් මෝඩයින් ඉන්න රටක ඔහොම තමා.
මොවුන් එකෙක්වත් රටට ආදරේ එව්වො නොවෙයි. අම්ම තාත්තගේ හරි එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික මුදලින් මේ වාහන ගෙන්වලා තිබුණ නම් අවුරුදු 7 ක් තියා අවුරුද්දක්වත් බලා ඉඳීද? භාගෙට හදාපු සහ සම්පූර්ණ කරපු ගොඩනැගිලි කීයක් දැනට අප රටේ දිරාපත්වෙන්න ඇරලා තියනවද? අපරාදෙ මෙහෙම මුදල්.
තාක්ෂණික අනුමැතිය නොලැබුනා නම් දැන් ඔය බස් ධාවනය කරන්න හොඳද?එහෙම අනුමැතිය ලැබෙන්නත් කලින් ආනයනය කරලා ඒත් කවුරුවත් වසර 7ක් තිස්සෙ පුද්ගලික අංශෙන්වත් මේවා මිලට ගත්තෙ නැත්තේ ඇයි කියලා කියන්නකො බලන්න.
තාක්ෂණ කමිටුව අනුමත නොකලේ දෙන්න පොරොන්දු වුණු ගාන බෙදාගන්න මදි නිසා... දැන් කෙලින්ම එතුමාට කුට්ටිය.. බෙදන්න ඕනේ නෑ ඒ හින්දා වැඩක් වෙයි.. ජයවේවා..!