ප්‍රදේශ රැසකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 May 2022
කෝටි හතරක බෙහෙත් පිල්ලි ගිහින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල තිබු රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඖෂධ තොගයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇත. 28 May 2022
ගාලු මුවදොර අරගලයට අදට දින 50යි ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ. 28 May 2022
අධිවේගය පැය 10ක් වැහෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක පිටුපස ඉන්ධන ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි 28 May 2022
ඩී.අයි.ජී. තුනක් තැන් තුනකට මාරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 28 May 2022
ඉන්දීය මානුෂික ආධාර අඩු ආදායම් ලාභීන්ට ඉන්දියාවෙන් ප්රදානය කළ සහල් සහ කිරිපිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අඩු ආදායම් ලාභී පවුල්වලට බෙදාදීම ලබන සඳුදා (30 වැනිදා) ආරම්භ වන බව ආහාර කොමසාරිස් කාර්යාලය පැවසීය. 27 May 2022
ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ-වෛද්‍ය උපකරණ ප්‍රදානයක් ඉන්දීය රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 260 ක් වටිනා ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (27) පස්වරුවේ භාරදුන්නේය. 27 May 2022
අටුලුගම දැරියක් අතුරුදන් වෙයි නව හැවිරිදි දැරියක් අතුරුදන් බවට දැරියගේ දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි. 27 May 2022
රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉවත්වෙන්න දැනුම් දෙයි සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ දැනුම් දුන්නේය. 27 May 2022
21ඉක්මනින් සම්මත කරන්න පක්ෂ නායකයෝ එකඟ වෙති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට සර්ව පාක්ෂික නායකයින් පොදු එකඟතාවකට පැමිණි බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. 27 May 2022
හෙට විරෝධතාවට කොළඹ මාර්ග කිහිපයක් තහනම් වෙයි ගාලුමුවදොර ‘ගෝඨාගෝ ගමට’ දින 50ක් පිරීම නිමිත්තෙන් හෙට (28) පැවැත්වීමට නියමිත විරෝධතාවේ උද්ඝෝෂකයන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තහනම් ආඥාවක් අද (27) නිකුත් කළේය. 27 May 2022
අයි.ටී.එන් සභාපති ධූරයෙන් අස්වෙයි ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 27 May 2022
දරු දෙදෙනා ඔබට බාරයි සිර දඩුවම් නියම වූ ශෂී විරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගන යාමට පෙර සිය ස්වාමි පුරුෂයා වන විමල් වීරවංශ මහතාට සමුදුන් අයුරු 27 May 2022
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ළඟදීම රජයට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපයේදී රජයට ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීහු ජනාධිපතිවරයාට අද (27) දැනුම් දුන්හ. 27 May 2022
ශෂි වීරවංශගෙන් ඇපෑලක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය සිය නිතීඥවරුන් මාර්ගයෙන් එම දඩුවමට එරෙහිව අභියාචන දැන්වීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකැණාවල මහතා ඉදිරියේ අද (27) ගොනු කළාය. 27 May 2022
ඉන්ධන රැස්කරන අය අල්ලන්න ඇප් එකක් ඉන්ධන අරබුදයක් පවතින අවස්ථාවක ඉන්ධනහල් වලින් දෛනිකව අසාමාන්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන පුද්ගලයන් හදුනා ගැනීම සදහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මගින් ස්මාට් ජංගම දුරකතන වලට භාවිතා කළ හැකි “Fuel.IMC” නමිත් නව මෘදුකාංගයක් හදඳුන්වාදී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 27 May 2022
ස්වභාව විද්‍යාව නොබෙල් ත්‍යාගය ශ්‍රී ලාංකිකයකුට ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසින් හැඳින්වෙන ‘ලීනියන් පදක්කම’ මෙවර ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ ස්වභාව විද්‍යාඥයකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතාට පිරිනමා ඇත. 27 May 2022
සම්බුදු තෙමඟුල ස්විස්ටර්ලන්තයේ දී මහ ඉහළින් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ස්විස්ටර්ලන්තයේ ජාත්‍යාන්තර බෞද්ධ විහාරයෙන් දී දාන සීල භාවනා ඇතුළු පින්කම්මාලාවක් පැවැත්විණි. 27 May 2022
ඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑ ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 May 2022
කන්ටේනර් 500ක අත්‍යවශ්‍ය ආහාර අනතුරේ විවෘත ගිණුම් හරහා ආනයන තහනම් කිරීමට රජය ගත් පියවරගත් සමඟ එම ක්‍රමයට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (27) පැවසීය. 27 May 2022
ඇමැතිවරුන්ගේ කොළඹ ගෙවල්වලට පහරදීමේ පරීක්ෂණ මාරු කරයි අරලියහග මන්දිරය හා ගාලුවුවදොර දී ඉකුත් (9) දින ඇති වු සිද්ධියෙන් අනතුරුව කොළඹ දී මැතිඇමැතිවරුන් ගේ නිවෙස් 13ට පහර දී හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ බස්නාහිර පළාත් දකුණ අපරධ කොට්ඨාසයට පවර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 27 May 2022
රුසියාව - චීනය නිෂේධ බලයෙන් උතුරු කොරියාව ගොඩ උතුරු කොරියාවට සම්බාධක පැනවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව නිෂේද බලය භාවිත කිරීමට චීනය සහ රුසියාව ඊයේ (26) පියවර ගත්තේ ය. 27 May 2022
ආණ්ඩුව ගැන ඇමරිකානු තානාපතිවරියගෙන් ප්‍රකාශයක් දේශපාලන ස්ථාවරත්වය ඇති කර ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. 27 May 2022
ගෑස් නෞකා ප්‍රමාදයි ගෑස් මෙට්‍රික්ටොන් 3200 ක් රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (27) පස්වරුවේ පැවසීය. 27 May 2022
කිරිමැටියි දහයියයි කලවම් කර ගොවීන්ට බෙදලා ලංකාපුර අබේපුර ගොවීනට බෙදා දුන් කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බව ගොවීහු පවසති. 27 May 2022
ඉන්දියාව-ජපානය ඉදිරියට සහය දක්වයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමට ඒකාබද්ධව කටයුතු කිරීමට ඉන්දීය සහ ජපන් අග්‍රාමාත්‍යවරු එකඟ වී ඇති බව විදේශ මාධ්‍ය වාරේතා කරයි. 27 May 2022
නිහාල් ෆොන්සේකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ඊයේ (26) හිමිවිය. 27 May 2022
‘අපේ යෝජනාවලට තැන දුන්නොත් 21කට සහය දෙනවා‘ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබා දෙන්නේ නම් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. 27 May 2022
රුපියල ශත 47කින් ගණන් උස්සයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (27) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 47 කින් පහල ගියේය. 27 May 2022
නැගෙනහිර ටිමෝරයේ භූ කම්පනයක් නැගෙනහිර ටිමෝරයේ රික්ටර් පරිමාණයේ 6.4 ක් සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් අද (27) උදෑසන ඇති විය. 27 May 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026