(මනෝප්‍රිය ගුණසේකර)

මීගමු කලපු සංවර්ධනයට මහා භාන්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති පරිගණකය නඩුවේ සාක්ෂි ලේඛන මුද්‍රණය කළ මුල් පරිගණකයමදැයි පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කොළඹ මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (01) නියම කළේය.

නඩු භාණ්ඩ පරිශීලනය කිරීම සඳහා පරිගණක ප්‍රවේශය ලබා ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කළත් නඩුවට අදාළ මුල් පරිගණකය දක්නට නොලැබුණු බව කියමින් විත්තියේ නීතිඥවරු කළ දැනුම්දීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.