(සුජිත් හේවාජුලිගේ,නිමන්ති රණසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැලිවේරිය පොලිසියේ සැරයන්වරයකුට මරු කැඳවූ පාර්ලිමේන්තු බස් රථයේ රියදුරා මල්වතුහිරිපිටිය පොලිසියට නීතිඥයෙකු මාර්ගයෙන් බාරවීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම අනතුරෙන් පසු සැකකාර රියදුරා අතුරුදන්ව සිටි අතර ඔහු පොලීසියට මෙසේ බාරවූයේ අනතුර සිදුවී දින තුනකට පසුවය.
සැකකරු බීමතින් රිය පදවා මිනීමැරුමක් කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අද (2) ඉදිරිපත් කරන බවද එම නිලධාරියා සඳහන් කළේය.
පාර්ලිමේන්තු බස් රථයේ හැපී පොලිස් සැරයන්වරයා මරුමුවට පත්වුයේ පසුගිය 29 වැනිදා සෙනසුරාදා ගම්පහ කිරිඳිවැල මාර්ගයේ හේනේගම මල්පැලේ ප්‍රදේශයේදීය. අනතුරෙන් පසු රියදුරු තුවාලකරු මග දමා පළාගොස් තිබුණේය.
අනතුරෙන් මියගියේ වැලිවේරිය පොලිසියට අනුයුක්තව සිටි ආනන්ද පෙරේරා නැමැති පොලිස් සැරයන්වරයාය.
පනස් හය හැවිරිදි සැරයන්වරයා මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රාජකාරි අවශ්‍යතාවක් සඳහා යතුරු පැදියකින් පාරේ වම් පසින් යමින් සිටි පොලිස් සැරයන්වරයා මීගමුව ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගි වූ පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් පිරිසක් රැගෙන පැමිණි මෙම පාර්ලිමේන්තු බස් රථයේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්විය.
අනතුර සිදුවන අවස්ථාවේදී බස්රථ රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇතැයි තොරතුරු අනාවරණයවූ බව පොලීසිය පවසයි.
සැකකාර රියදුරා පාර්ලිමේන්තු සාදයේ අධික ලෙස බීමත්ව සිට ඇතැයි පැවසෙන හෙයින් ඔහුගේ මත් ගතිය අඩු කිරීම සඳහා සහෝදර සේවක පිරිසක් විසින් හෝටලයේ පිහිනුම් තටාකයට බස්සවා ඉතාම අසීරුවෙන් රැගෙන ගොස් රියදුරු අසුනේ අසුන් ගැනීමට සලස්වනු ලැබ ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවූ බව පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
සැකකරු බස් රථය රැගෙන විත් ඇත්තේ එය රැගෙන නොයන ලෙස බොහෝ දෙනකු පවසා සිටියදී බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
බස් රථය පොලිස් සැරයන්වරයාගේ ගැටීමට පෙර ප්‍රදේශයේ වෙළෙඳසැලකද හැපීමෙන් ඊට හානි සිදුව තිබූ බව වාර්තා වේ.
සැකකාර රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කළ බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
රියදුරාට විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය. අනතුර සම්බන්ධයෙන් මල්වතු හිරිපිටිය පොලිසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදයන් සඳහා පාර්ලිමේන්තු බස් අරන් යන්න පුළුවන්ද?
රියදුරු පමණක් අරගෙන හරිද .රියදුරු අධික ලෙසට බීමත්ව සිටියදී ඔහු රියදුරු අසුනේ සිටුවා ගමන යාමට කිව්වෙ පාර්ලිමේන්තුවේ කාරයමණ්ඩලයේ අය මෙහෙම වෙනවා නම් පේන්නෙ පාර්ලිමේන්තුවේ අයට නීතිය වලංගු නැද්ද කියලා හිතෙනවා මෙම රියදුරු බීමත්ව සිටියත් අත් අඩංගුවට ගත්තෙ පොලිස් නිළධාරියෙකුට අනතුරක් කල නිසා මිස වෙනත් දෙයකට වෙන්න බැහැ
මේ වගේ අයට මරණ දඬුවම දෙන්න ඕන. නැත්නම් ඕවා නවත්වන්න බැහැ.