IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජල ගෙවීම පමා කරන රජයේ ආයතනවලින් ප්‍රමාද ගාස්තුවක්

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් පළමු වතාවට  ප්‍රමාද ගාස්තුවක් ලබන වසරේ ජනවාරි මස  1   වැනිදා සිට  අය  කිරීමට  ජාතික ජල ජලසම්පාදන හා   ජලාපවහන මණ්ඩලය  තීරණය කර ඇත.

මේ අනුව ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් සියයට 2.5ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරෙනු ඇත.

මෙතෙක් ප්‍රමාද ගාස්තු අය කෙරුණේ  සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් පමණි.

ඔවුන්ගෙන් අය කෙරුණේද සියයට 2.5 ක  ප්‍රමාද ගාස්තුවකි.

රජයේ ආයතන රාශියක් සිය ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරමින් සිටින බව  මණ්ඩලය  සඳහන්  කළේ‍ය. රජයේ ආයතන වලින්  ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇත්තේ ඒ නිසාය.



අදහස් (2)

ජල ගෙවීම පමා කරන රජයේ ආයතනවලින් ප්‍රමාද ගාස්තුවක්

sharm warn Tuesday, 01 November 2022 04:00 PM

ආ.. එතකොට ගහන දඩ සෙරම ගහල තියෙන්නෙ අපෙන්. . අර ගරු කටයුතු හොරුන්ගෙන් අය වෙන්න තියෙන කොටි ගනන් හිඟ මුදල් වලට දඩ ගහන්නෙ නැද්ද එතකොට?

:       0       2

චිරන්ත Tuesday, 01 November 2022 09:05 PM

රජයේ ආයතන බිල් ගෙවීම ප්‍රමාද කරන්නේ නම් ප්‍රමාද ගාස්තුව ගෙවන්න වෙන්නෙ රජයට වෙනවා .එනිසා එම තීරණය හරි නැහැ කරන්න ඕන ගෙවීම් ප්‍රමාද කරන ගෙවීමට බලය දීම අනුමත කිරීම ගෙවීම කරන නිළධාරින් ගෙන් ප්‍රමාද ගාස්තුව අයකිරීමයි.ආයතන සදහා ප්‍රතිපාදන නොලැබුනොත් එහෙම ප්‍රමාද කරන ආයතන වලින් එය ගෙවීමට කටයුතු කරන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site