(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් පළමු වතාවට  ප්‍රමාද ගාස්තුවක් ලබන වසරේ ජනවාරි මස  1   වැනිදා සිට  අය  කිරීමට  ජාතික ජල ජලසම්පාදන හා   ජලාපවහන මණ්ඩලය  තීරණය කර ඇත.

මේ අනුව ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරන රජයේ ආයතනවලින් සියයට 2.5ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරෙනු ඇත.

මෙතෙක් ප්‍රමාද ගාස්තු අය කෙරුණේ  සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් පමණි.

ඔවුන්ගෙන් අය කෙරුණේද සියයට 2.5 ක  ප්‍රමාද ගාස්තුවකි.

රජයේ ආයතන රාශියක් සිය ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කරමින් සිටින බව  මණ්ඩලය  සඳහන්  කළේ‍ය. රජයේ ආයතන වලින්  ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇත්තේ ඒ නිසාය.