
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට නැග ගත්හ.
අද පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය පරාජය කරමින් තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟි ශ්‍රී ලංකා කණ්ඩායම දැන් 4 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ.
තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී.
ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් හා අශ්ව රේස් අතර වෙනසක් නෑ. දෙකම මිනිසුන් ඒවාට ඇද බැද තබා ගන්නවා . ලංකාවේ ජනතාව අති බහුතරයක් පිරිමින් මේ දෙකට ඇබ්බැහිවීමක් දකින්නට ලැබෙනවා. ඊලග තරගය දෙස බලා සිටීමෙන් ජීවිතයේ ප්‍රශ්ණවලින් මගහැර වඩා සැහැල්ලු ජීවිතයක් ගෙවීමට මේ මගින් අවස්තාව සලසනවා . රටේ ප්‍රශ්ණ ලෝක බැංකුවට හා මුල්‍ය අරමුදලට භාර කරන මෙම ජනතාව ප්‍රීතිය හා දුක හදුනන්නේ තම ඔට්ටු ඇල්ලූ අශ්වයාගේ හෝ තම ක්‍රිකට් කණ්ඩායමේ ජය පරාජය අනුවය . අවුරුදු ගණනාවක් මේ ඇබ්බැහිවීම නිසා තම රට ලෝකයේ හිගන්නා බවට පත්වෙනක්ම්ම ඒ බවක් දැනසිටියේ නැතුවාක් මෙන්ම දැනුදු ඒ පිළිබද කිසිදු හැගීමකින් තොරව තම ඇබ්බැහියේම එල්ලී සිටිනවා.