(සුජිත් හේවාජුලිගේ)

සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස හඳුන්වා ඇති බවත් ගෙම්බන් විදියට ඒ ළිඳ ඇතුළේ සිටියා නම් කිසිදු යහපතක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

ළිඳෙන් එලියට පැනීමට තීරණය කළේ ඒ නිසා බවද අමාත්‍යවරයා කීවේය.

රට අස්ථාවර වෙන ආකාරයට දේශපාලනය නොකරන්නැයි තමා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන බව හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය