(සුජිත් හේවාජුලිගේ)
සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස හඳුන්වා ඇති බවත් ගෙම්බන් විදියට ඒ ළිඳ ඇතුළේ සිටියා නම් කිසිදු යහපතක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
ළිඳෙන් එලියට පැනීමට තීරණය කළේ ඒ නිසා බවද අමාත්‍යවරයා කීවේය.
රට අස්ථාවර වෙන ආකාරයට දේශපාලනය නොකරන්නැයි තමා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන බව හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’එතුමා එක්ක ඉන්න මට හිරිකිතයි’’
Katussaa Wednesday, 02 November 2022 10:04 AM
ඒ පැත්තේ ඉන්න හිරිකිතයි කියල ගෝටගෙ පැත්තට ආව හිරිකිතයක් නැතුව. දැන් ආපහු අරපැත්තට යන්න හිරිකිතයිලු. ඉතින් ගෙදරටවෙලා නෝනා එක්ක විතරක් ඉන්නකෝ අපට හිරිකිත වෙන්නැතුව.
ලුම්බිණි Wednesday, 02 November 2022 10:07 AM
මුලදී රනිල් එක්ක ඉන්න හිරිකිත හිතුන. දැන් සජිත් එක්ක ඉන්න හිරිකිතයි. කාලෙන් කාලෙට එක්කෙනා එක්ක ඉන්න හිරිකිත හිතෙන එක හොඳ නැහැ නේද?
gamage Wednesday, 02 November 2022 10:44 AM
අපිට ඔයාව දකිනකොටත් හිරිකිතයිනෙ.
Ruhunu Wednesday, 02 November 2022 10:48 AM
මේ වගේ අය දේශපාලනය කරනවා දකිනකොට අපිටත් හිරිකිතයි
Saththaya Wednesday, 02 November 2022 11:39 AM
බලයට විතරක් කෑදර , පියානෝ වායනා කරන කෙනෙක් එක්ක පැන්නේ , බලය ලබා ගනියි කියන බලාපොරොත්තුවෙන් නේද ? ඒ පැන්න හැමෝම බලයට කෑදර කට්ටිය . ජනතා සේවයට කැප වෙච්ච දේශපාලකයෝ නෙමේ . ඒ නිසා තමයි රට ගොඩ යනකල් පක්ෂ නැතුව ගොඩ යන්න ඕන . තවමත් දගලන්නේ බලය අල්ලන්න මිසක් රට ගොඩ ගන්න නෙමේ . ඒක තමයි මේ රටේ කරුමේ . අපි හාමතේ දුක් විදිනවා .
Bishan Wednesday, 02 November 2022 12:23 PM
මෙයාගේ ඉතිහාසය අනුව නම් මෙයා සජිත් ගාවට බල්ටියක් ගහයි වගේ. පූසා යන්නෙම කරවල කට්ට ගාවට තමයි
Sunil Wednesday, 02 November 2022 12:33 PM
ඔබතුමා එක්ක ඉන්න අපි හැමෝටම හිරිකිතයි
sharm warn Wednesday, 02 November 2022 12:44 PM
මේ වගේ ආත්මයක් නැති එකෙක් දැක්කම අපිටත් පට්ටම හිරිකිතයි
fairoos Wednesday, 02 November 2022 12:52 PM
ඔයා ගැන අපිටනම් දැන් අප්පිරියයි
Hafeel Wednesday, 02 November 2022 01:21 PM
හරින් කියන්නේ මහා පරිමාණයේ බොරු කාරයක්. මෙයා කිව්වේ හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් පත්වීම් ලිපිය ගන්නත් හිරිකිතයි කියමින්, ගෝඨාභයගේ මුහුණ බලන්නවත් හිරිකිතයි කියමින් අනිත් පැත්ත බලාගෙනයි, එම පත්වීම් ලිපිය ගත්තේත් කියලා. එහෙම කියලා පැයක් යන්නට කලින්, ජනාධිපති මාධ්‍ය අංශය මෙයාගේ සිනාමුසු මුහුණ පින්තූර සමග හෙලි කළා. ඉතින් මෙයාට ප්‍රතිපත්ති හෝ ලැජ්ජාවක් හෝ තියෙනවාද?
Bamunuarachchi Wednesday, 02 November 2022 08:12 PM
ඒකත් හරියට අහක බලාගෙන ඝෝඨාභය මහතාගෙන් ඇමැතිකම ගත්තා කියලා කිව්වා වගේ නේද...?