(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේදී පසුගිය දා සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන අධිකරණ පනත් දෙක බලාත්මක විය.
මේ පනත් කෙටුම්පත් දෙකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (31) සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පත් දෙක බලාත්මක වූයේ ඒ අනුවය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගිය මස දහනව වෙනිදා සම්මත විය.
මේ අනුව, ඉහත පනත් කෙටුම්පත් දෙක 2022 අංක 31 දරන නොතාරිස් (සංශෝධන) පනත සහ 2022 අංක 32 දරන ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත ලෙස පෙරේදා (ඔක්තෝබර් 31) සිට බලාත්මකවිය.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ පනත් දෙකක් බලාත්මක වෙයි