(නිමන්ති රණසිංහ)
මෙරට සංචාරයකට පැමිණි නවසීලන්ත ජාතිකයෙකුගෙන් කොළඹ නගරය සංචාරය කිරීම සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව ලෙස රුපියල් එක් ලක්ෂ පනස් දාහක මුදලක් ලබා ගත්තැයි කියන සිද්ධියකට අදාළව වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් සංචාරක මගපෙන්වන්නකු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01) එක නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව පොලිස් සංචාරක කොට්ඨාසයට පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබුණේ නවසීලන්ත ජාතිකයකු විසින් ඉකුත් 2020 වසරේ පෙබරවාරි මස 11 වැනිදා ය.
මෙවැනිම වංචා සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර සංචාරක මග පෙන්වන්නා හඳුනා ගැනීමෙන් පසු මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බව ද පොලිස් සංචාරක කොට්ටාශයේ පොලිස් කොස්තාපල් තෙන්නකෝන් නිලධාරියා අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දෙල්ගොඩ පදිංචි කහුපිටියගේ තිළිණ මධුසංඛ නැමැති සංචාරක සංචාරක මග පෙන්වන්නෙකි.
පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයා නෞකාවෙන් මෙරටට පැමිණ කොළඹ නගරයේ සංචාරය කිරීම සඳහා සැකකාර මග පෙන්වන්නා සමග ත්‍රීරෝද රථයකින් මිල ගණන් විමසා ඇති බවත් එහිදී අදාළ ත්‍රීරෝද රථ රියදුරු කොළඹ නගරය පෙන්වීම සඳහා ඩොලර් 20 ක මුදලක් ඉල්ලා ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
මෙහිදී ඩොලරය රුපියල් 4500 ක් වන බවට සඳහන් කර ඇති ත්‍රී රෝද රථ රියදුරු එම මුදල රුපියල් වලින් ලබා දෙන ලෙසට පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයාට පවසා ඇති බවත්, පසුව පැමිණිලිකරු ඒටීඑම් කාඩ් පතක් උපයෝගි කර ගනිමින් අදාල මුදල ලබා දී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව අදාළ සැකකාර ත්‍රිෙරා්ද රථ රියදුරා ද අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලිස් සංචාරක කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ අපෙන් හොරකම් කරගෙන ගියා කිව්වට, බලාගෙන ගියාම, එදා ඉඳලම සුද්දන්ගෙන් හොරාකාල ජීවත් වෙන්න පුරුදු උන ජාතියක් අපි? ලංකාවේ සංචාරක ව්‍යාපාරය කියන්නේ ඕකටනේ ඉතින්? බල්ලකෙකුටවත් ජීවත් වෙන්න බැරි රටකට තවම සුද්දෝ එන එකයි මට තෙරුම් ගන්න බැරි?? රටේ ව්නිමය අනුපාතය අනුපාතය වත් නොබලා සංචාරය කරන සුද්දෝ ගැන හිතා ගන්න පුළුවන්නේ??
Dear Sir/ Madam, This is to bring to your notice that, every srilankan traveling/accompanying foreign tourists are not SLTDA trained and licensed guides. My understanding regarding the person involved in your above article is not a “Tourist Guide or Tourist Guide Lecture “ As the President of Chauffeur Tourist Guide Lectures’ Association I request you to verify the person involved in this matter and publish the SLTDA guide license number. If he is not a SLTDA license guide, please apologize and don’t do this mistake again. Your words are more than enough to destroy the reputation of well trained Tourist Guide Lectures by SLTDA and the reputation of the country.
මේ සුද්දට 20 x 4500 ක් කියන්නේ = 90,000 ක් කියලාවත් ගාන හදාගන්න බැරිවද රුපියල් 150,000 ක් දුන්නේ .සුද්දෝ රටකට නිකන්ම එන්නේ නැහැ .ඔවුන් එන්නේ රට ගැන හොඳින් කියවලා විස්තර දැනගෙන .අනෙක ගුවන්තොටුපලෙන් දෙනවා පොඩි පොත් පිංචක් .ඔක්කොම අත්‍යවශ්‍ය දේවල වල මිල ගණන් සඳහන් කරලා .ඒකේ තැඹිලි ගෙඩියේ මිල පවා තියනවා
ඔබ මෙම ලිපියේ සඳහන් කර ඇති පරිදි තිරෝද රථ රියදුරා සංචාරක මගපෙන්වන්නකු ලෙස නම් කර ඇත. මා පළමුව ඔබෙන් විමසා සිටින්නේ ඔහු පිළිබඳව පරීක්ෂණයේදී සංචාරක මණ්ඩලය මගින් සිදුකරනු ලබන පාඨමාලාවක් හදාරා ඇති සංචාරක රියදුරෙක්ද යන්න ඔබ පරික්ෂා කර බැලුවේද? එසේ නොමැති අයට සංචාරක මගපෙන්වන්නකු යනුවෙන් නම් කිරීම ඉතාමත් අසාධාරණයක් බවත් මෙය නියම නාමකරණය නොවන බවත් ඔබගේ දැනගැනීම පිණිස මම ඉදිරිපත් කරමි.. මේ සඳහා ඔබගේ ප්‍රතිචාර දක්වන්න.. ස්තුතියි...!