වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 27 May 2022
සිංගප්පූරුවේ මුත්රවලින් බීර පෙරනවා සිංගප්පූරුව නව බීර වර්ගයක් හඳුන්වා ඇති අතර මෙම බිර නිපදවන්නේ මුත්‍ර මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගැනීමෙන් බව පැවැසෙයි. 27 May 2022
ශෂි වීරවංශ වසර දෙකක් හිරේට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන ( පූර්වගාමී ) මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 27 නියම කළේය. 27 May 2022
කෘෂිකර්මය ගොඩ ගන්න මහාචාර්ය යෝජනාවලික් රටෙි කෘෂිකර්මාන්තය ගොඩ ගැනීමට සහ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විශ්වවිද්‍යාල තුනක මහචාර්යවරුන් පිරිසක් යෝජනාවලියක් සකස් කර තිබේ. 27 May 2022
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහල් කටයුතුවලට බාධා සෞඛ්‍ය සේවාවෙහි වෛද්‍යවරයාගේ සිට සෑම අංශයකම කාර්ය මණ්ඩලය සදහා ඉන්ධනහල් මගින් අවහිරයකින් තොරව ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසත් දිගින් දිගටම ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවයන්ට මුහුණ පෑමෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකිවීමෙන් රෝහල් සේවාවන් අඩාලවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය සේවක එකමුතුවෙහි ගම්පහ දිස්ත්‍රික් ශාඛාව පෙන්වා දෙනු ලබයි. 27 May 2022
‘පුනර්ජනනීය බලශක්තියට බාල්දි පෙරලන අය ජනපති හෙළි කරයි‘ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය නිසා ඉටුකර ගැනීමට නොහැකිවී ඇති බව ජනතාවගේ මතය හෙයින් එය නිවැරදි කිරීමට කටයුතු කරන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 27 May 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මාස 2කට පසු හෙට විවෘත කරයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (28) නැවත විවෘත කරන බවත් විවෘත කර දින හයක් තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 May 2022
ප්‍රංශයෙන් කෝටි 11 ක ඖෂධ ප්‍රදානයක් ප්‍රංශය යුරෝ ලක්ෂ තුනක් වටිනා නිර්වින්දන සහ ස්වසන අබාධ සඳහා භාවිතා කරන ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ප්රදානය කළේය. 27 May 2022
දුම්රිය නැතිව කාර්යාල සේවකයෝ අතරමං දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (27) පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය. 27 May 2022
පළාත් රැසකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 May 2022
21 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය, 26 May 2022
ආර්ථිකය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ලබන හත්වෙනිදා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. 26 May 2022
විමල්ලාගෙන් නව සන්ධානයක් නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. 26 May 2022
ගාල්ලේ තැන් කීපයකට හෙට වතුර නෑ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (27) පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 26 May 2022
ඝාතනය වූ පොලිස් ආරක්ෂකගේ ඒ.ටී.එම්. කාඩ් එකෙන් බඩුගත් දෙකක් මාට්ටු නිට්ටඹුව ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඔහුගේ රියදුරු ෙග් පසුම්භියේ තිබු ඒ.ටී.එම්. කාඩ්පත පැරගෙන ඉන් භාණ්ඩ මිලදී ගත් සැකකරු ෙවා් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 May 2022
පාසල් හැර ගිය දරුවන් දහසකට ජපානයේ රැකියා ජපන් භාෂා ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය දරුවන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී KatsukiKotara මහතාගෙන් ඉල්ලීමක් කළේය. 26 May 2022
අපනයන ආර්ථිකයක් ගොඩ නැගීමට ඉදිරි තීරණ ගන්නවා අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඉදිරි ප්‍රතිපත්ති තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 May 2022
කලහකාරී සිද්ධියේ දී හමුදාවේ හැසිරීම ගැන සොයන්න කමිටුවක් මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස ආසන්නේ දී ඉකුත් මාර්තු (9) දින සිදු වු සිද්ධිය සහ අරලියගහ මන්දිරය , ගාලුමුවදොර යන ප්‍රදේශවල ඉකුත් (9) දින ඇති කලහාකාරී සිද්ධීන් මැඩලීම සඳහා ත්රිවධ හමුදාවේ යම් අතපසුවමක් සිදුවී ඇති ද යන්න සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. 26 May 2022
ලිට්රෝ ගෑස් හෙටත් නෑ ගෘහස්ථ ගෑස් බෙදා හැරීම පිට පිටම සිවුවැනි දිනටත් භෙට (27) නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරන් මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 May 2022
‘‘ශ්‍රී ලංකාව ගැන දකින විට හදවතට වේදනාවක් එනවා‘‘ ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. 26 May 2022
වැලිකඩ බන්ධනාගාරයට නව සී.සීටී.වී. කැමරා බන්ධනාගාරවල සිදුවන දූෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැලැක්වීමේ පියවරක් ලෙස වැලිකඩ බන්ධනාගාර ඉදිරි පිට සී.සීටී.වී. කැමරා පද්ධතියක් සවිකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 May 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට මහජන පීඩා ඇතිවන ආකාරයෙන් කොළඹ කේම්බ්‍රිජ් පෙදෙස ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්වීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂ කැකුලාවල මහතා අද 26 ප්‍රතික්ෂේප කළේය. 26 May 2022
රජයේ මුද්‍රණ වෘත්තීය එකමුතුව විරෝධයක ආහාර, ඉන්ධන සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩවල මිල පාලනයකින් සහ සීමාවකින් තොරව ඉහළ දැමීමට සහ රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් රාජයේ මුද්‍රණ වෘත්තීය එකමුතුව බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (26) දහවල් විරෝධතාවක් දැක්වීය. 26 May 2022
ශවේන්ද්‍ර යයි - විකුම් එයි නව යුද හමුදාපතිවරයා වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත. 26 May 2022
ලාෆ් සමාගමෙන් කොළ එළියක් ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම නැවත ආරම්භ කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. වෑගපිටිය මහතා ‘ලංකාදීප’යට පැවසීය. 26 May 2022
කමිටු බලය වැඩි කිරිමට විශේෂ කෙටුම්පතක් කතානායකට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා විසින් පසුගිය වසර කිහිපයේදී කෙරුණු නිර්දේශ දහස් ගණනක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි වාර්තා වෙයි. 26 May 2022
’’ගෝඨා ගෝ ගම’’ අදහස් අහන්න අගමැති කාර්යාලයෙන් වෙබ් අඩවියක් ’’ගෝඨා ගෝ ගම’’ අරගලකරුවන් මෙන්ම රට පුරා වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙබ් අඩවියක් හදුන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 26 May 2022
මෝටර් රථ-යතුරුපැදි ලියාපදිංචියේ විශාල අඩුවක් මෙම වසරේ පසුගිය මාස හතරේ වාහන සහ යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශාල පහත බැසීමක් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2022
‘මහ බැංකුවට කාය වර්ධන උපදේශකයෙක් බඳවා ගැනීම නවත්වයි‘ ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(26) උපදෙස් දුන්නේ ය. 26 May 2022
කෝටියක කසිප්පු-උපකරණ සමඟ 4ක් දැලේ කටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම කසිප්පු වැටලීම ඉකුත් සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී කසිප්පු තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බව කටුනායක පොලීසිය කියයි. 26 May 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026