රාජ්‍ය අමාත්යවලටත් තරගයක් රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් ඇති වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 29 May 2022
21 ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරු 6.45 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. 29 May 2022
‘මහබැංකුවේ වැඩවලට අත ගහන්නෙ නෑ‘ මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යෑමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 29 May 2022
අටුළුගම දැරියගේ ඝාතන පරීක්ෂණය සී.අයි.ඩි.යට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව සිටී 9 හැවිරිදි පාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට බාර දී ඇත. 29 May 2022
මුං ගොවීන්ට හොඳ කලක් ලංකාවෙි පවුල් 14000කට මුං වගාව සඳහා රුපියල් 18000 බැගින් ආධාර ලබා දීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 29 May 2022
බලපත් නැතිව ඉන්ධන රැස් කළ 2ක් මාට්ටු බලපත්‍ර නොමැතිව ඉන්ධන තොග රැස්කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු යාපනය චුන්නාකම්, මයිලන්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලිසිය පවසයි. 29 May 2022
‘යළ කන්නටත් පොහොර නෑ‘ යළ කන්නයට ගෙවීන්ට දීමට මේ දක්වා ආණ්ඩුව පොහොර ගෙනවිත් නොමැති බවත් යළ කන්නට පොහොර දීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවැසීය. 29 May 2022
ගෑස් නැවක් හෙට එයි ගෑස් මෙට්‍රික්ටොන් 3500ක රැගත් නෞකාව හෙට (සඳුදා) පස්වරු 1.00 ට කොළඹට ළගාවීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි. 29 May 2022
විදුලි බිලත් වැඩිවෙන ලකුණු විදුලි ඒකක විශාල වශයෙන් භාවිතා වන කර්මාන්ත, හෝටල්වල්, නිවාසවලට සහ අනිකුත් ආයතනවල විදුලි බිල තුන් ගුණයකින් හෝ හතරගුණකින් ඉහළ යෑමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 29 May 2022
ඉන්ධන පිරවුම්හලකට අලාභහානි කළ තිදෙනකු අල්ලයි ඇල්පිටිය කුරුදුගහහැතැප්ම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට කඩා වැදී පොම්පකරුවන් දෙදෙනාට සහ උපකරණවලට පහර දී අලාභහානි සිදුකළ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 29 May 2022
හරිතාගාරයක ගංජා වගා කළ කතක් මාට්ටු හරිතාගාරයක ගංජා වගා කළ එක්දරු මවක් නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. 29 May 2022
සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉදිරි දින කිහිපයේදී ඩීසල් සයිබීරියානු බොරතෙල් නමැති නව බොරතෙල් වර්ගය ආනයනය කර තිබෙන නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය පිළිබඳව තවම ප්‍රකාශයක් කළ නොහැකි බව විදුලිබල හා ශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 29 May 2022
ප්‍රදේශ රැසකට අදත් තද වැසි ප්‍රදේශ රැසකට අද (29) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 May 2022
ගජමුතු 76 සමග 67 හැවිරිදි අයෙක් මාට්ටු අම්පාර ඉගිනියාගල දේවාලහිද, අළුත්ඇල ප්‍රදේශයේ දී ගජමුතු 76 ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 29 May 2022
යළි අනතුරක් විමලවීර ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නැති හෙයින් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 29 May 2022
ඕමල්පේ සෝභිත හිමි අනතුරක් පෙන්නයි විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ. 29 May 2022
විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගෑස් කොළඹ ගාලු මුවදොර විරෝධතාවට දින 50ක් සපිරීම නිමිත්තෙන් පැවැති විරෝධතාකරුවන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල බැංකු මාවතට ඇතුළුවිමට උත්සහා කිරීමේ දි එම පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 28 May 2022
සාපෙළ සිසුන්ගේ ගැටුමින් එක් අයෙක් තුවාල ලබයි මිටියාගොඩ ප්‍රදේශයේ විදුහලක අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් දෙපිරිසක් අතර අද (28 ) සවස ඇතිවු ආරවුලකදි එක් සිසුවකුගේ සහෝදරයකුට අනෙක් පාර්ශවයේ සිසුවකුගේ සහෝදරයකු මන්නයකින් පහරදි ඇතැයි මිටියාගොඩ පෙලිසිය පවසයි. 28 May 2022
දැරිය ඝාතනය ගැන තත්තාගෙන් ප්‍රශ්න කරයි බණ්ඩාරගම අටුලුගම පාතිමා අයේෂා නමැති නව හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 28 May 2022
අටුළුගම අතුරුදන් දැරියගේ සිරුර හමුවෙයි බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුරු මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි. 28 May 2022
තෙල් රැස්කරන්නන් 1200ක් හඳුනාගනී ඉන්ධන රැස්කිරීමේ අරමුණෙන් ඊයේ දිනයේදී පිරවුම්හල් වෙත කිහිප වතාවක් පැමිණි 1200 කට වැඩි පිරිසක් පොලීසිය විසින් හඳුනාගනු ලැබ ඇතැයි , බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය . 28 May 2022
කෝපා කමිටුවෙන් පරිවාසයට නියෝගයක් දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය. 28 May 2022
විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් සේවයට ගැනීම නවත්වයි රජයේ විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 28 May 2022
ලංගමය කෝටි 340 ක් පාඩු ලබලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගිය වසරේ දී රුපියල් කෝටි 340 ක පාඩුවක් ලබා ඇතැයි මහබැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 May 2022
අරක්කු කොම්පැණි පහකින් ’’සුරාවට’’ කෝටි 205ක පොල්ලක් මත්පැන් නිෂ්පාදන ආයතන 5ක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 205 කට වැඩි වටිනා විවිධ ගාස්තු ගෙවීම(2020.7.20 දිනට) පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පවසයි. 28 May 2022
මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන් කැඳවයි රටේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 6 වැනිදා කැඳවා ඇත. 28 May 2022
අධිකරණ ඇමති රන්ජන් බලන්න යයි සිර දඬුවම් විඳින රංගන ශිල්පී රංජන් රාමනායක මහතා හමුවී සුවදුක් විමසා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 28 May 2022
මැතිසබයේ ’’බුෆේ’’ නවතියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, එහි සේවකයන්ට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෝෂණය සහිත අඩු වියදම් ආහාර වේලක් ලබාදීම කෙරෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 28 May 2022
පොම්පකරුගේ බිරිය 800ට තෙල් විකුණලා මාට්ටු අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්පකරුගේ බිරිඳ පෙට්‍රල් බෝතලයක් රුපියල් 800යට අලෙවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 28 May 2022
මැති ඇමැති 85 ක් ජලයට පොලු තියලා දේශපාලඥයන් අසූ පස් දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 28 May 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026