(ඉන්දිකා රාමනායක)

වල්අලියකු පහර දීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන කැබිලිගොල්ලෑව රඹුකැපුවැව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරිසකගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

මෙලෙස උසස්කර ඇත්තේ පොලිස් සැරයන් (12601)  අංගම්පොඩිගේ  සුනිල්   මහතා බවත්, පෙරේදා (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි පශ්චාත්  උසස්වීම්  පදනම යටතේ පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම සිදුකර ඇත.