(සුජිත් හේවාජුලිගේ )
මේ වසරේ මුල් මාස හතරේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය මුලු වසරේම රාජ්‍ය වියදමට වඩා වැඩි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සහ රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඅධ්‍යයන අංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත.
මෙම වසරේ ජනවාරි ආරම්භ වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි දාහත් ලක්ෂ පනස් අට දහස් නව සියයකි. එම ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් අවසානය වනවිට රුපියල් කෝටි විසි තුන් ලක්ෂ තිස් එක් දහසක් දක්වා වර්ධනයවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරුණු වාර්තාව තහවුරු කර ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
එනම් මෙම වර්ෂයේ මුල් මාස හතර තුළ පමණක් රජයේ ශුද්ධ ණය ගැනීම් වල ඉහළ යෑමරුපියල් කෝටි පන්ලක්ෂ හැත්තෑ දෙදහසක් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දියුණුවක් අපි ලබන්නේ දවසින් දවස. වැඩේ කියන්නේ ඒත් මිනිස්සු හිතන්නේ හෙට ගොඩයයි, හෙට ගොඩයයි කියලා. මේක මෙච්චරයි.. ආයේ ඉතින් මේක වළෙන් වළටම තමයි.
වහල්ලුන්ට මේවා කියලා වැඩක් නෑ... තවත් අවුරුදු 2 ක් ඉවසන්නලු...