(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
කොරියා රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියාව බලා පිටත්ව ගියේය.
මේ වන විට කොරියානු රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කොරියා රජය සමග සාකච්ඡා කිරීම ද අමාත්‍යවරයාගේ කොරියා සංචාරයේ අරමුණකි.
නව කොරියා රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට විවෘත කරදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සේවා යෝජකයින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තරමින් නම් ඇමති කොරියා එන්නේ කොරියානු රජයේ විදේශ ශ්‍රමිකයන් ගෙන්වන වැඩපිළිවල යටතේ නොමිලයේ ලබාදෙන රැකියා අවස්ථා වැඩි කර ගැනීමට නොවේ. රුපියල් ලක්ෂ 35ක් අය කර කිසිම කොරියානු භාෂාව හා පුහුණුවක් නොමැතිව ඒජන්සිකාරයන්ට, වි. සේවා නි. කාර්යයාලයේ දූෂිතයන්ට හා දේශපාලකයන්ට කොමිස් ගසා ගත හැකි, නැව් කර් මාන්තය සඳහා වෑල්ඩින්කරුවන් ලෙස මුදලට කොරියාවට මිනිසුන් යවන ජාවාරමක් ආරම්භ කිරීමටයි. මෙවැනි ක්‍රියා නිසා අනාගතයේ ලංකාවට ලැබෙන නිදහස් රැකියා කෝටාවත්, කිසිම භාෂා පුහුණුවක් නොමැතිව කොරියාවට පැමිණෙන පුද්ගලයන්ගේ ජීවිතයත් අවදානමට ලක් වෙනවා.
ඔහෙට හොඳ හොද්ද.
ඔහේත් පාරවල් අතුගාන රස්සාවක් හොයාගන්න...!
රටේ අභිමානයට හානි නොකරනවා නම් හොඳයි. 3D රැකියා වෙළෙඳ පළට අපි බිලිවන්නේ වෘත්තීය දැනුම ඒ රටවලට සරිලන ලෙස දියුණු නොකිරීමේ ඛේදවාචකය නිසායි..
අපි දුක් මහන්සියෙන් හම්බ කරන දේ නිකන් ඉඳන් කනවා...!
Always get the Private sector involved with government programs .. All the best
රැකියා ඉල්ලන්න කියලා තමයි යන්න වෙන්නේ වෙන වැඩවල්... මේ වගේ දේශපාලකයින් ඉන්නකම් රටට කිසිම සෙතක් නෑ...