(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෙතෙක්  පත්කර නොමැති සියලුම පාර්ලිමේන්තු කමිටු හැකි ඉක්මනින්ම පත් කිරීමට කටයුතු කරන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මහතාට අද ( 2) උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙතෙක් පත්කර නොමැති සියලුම කමිටු කඩිනමින්ම  පිහිටුවීමට  පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අද සිටම අවශ්‍ය කටයුතු ආරම්භ කළේය.

පාර්ලිමේන්තුවේ බොහෝ කමිටු පත්කර  ඇතත්  මෙතෙක් පත්කර නැත්තේ ආංශික අධීක්ෂණ කාරක සභා 17 ය. ඒ සම්බන්ධයෙන් නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇතත්  මෙතෙක් නාමයෝජනා කිසිවක් ඉදිරිපත් ව නැතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.