IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දේශගුණ අභියෝගවලට මූණ දෙන්න රජරට මහැදුරෝ රුවන් සමඟ එක් වෙති

(අංජුල මහික වීරරත්න)

රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධව “දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්” පිහිටුවීම සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති වාර්තාවක් එහි උපකුපතිවරයාගේ නියෝජිත මහාචාර්ය ,ආචාර්ය පිරිසක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාර දුන්හ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවීමට පැමිණි රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්.පී.අයි.ආර් ප්‍රසන්න මහතා ප්‍රමුඛ කණ්ඩායම පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස අධ්‍යයනය වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට සමගාමීව මෙම මධ්‍යස්ථානය ද පිහිටුවිය හැකි බවයි.

ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති අධ්‍යයන වාර්තාවට අනුව දේශගුණික විපර්යාස  කළමනාකරණය සඳහා  පර්යේෂණ පැවැත්වීම, එම මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව  සම්මන්ත්‍රණය පවත්වා දේශගුණික විපර්යාස හා පර්යේෂණ සම්බන්ධ දැනුම ජනතාව අතර ව්‍යාප්ත කිරීම, කලාපීය සහ ජාතික  දේශගුණික විපර්යාස සම්බන්ධ සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම,  දේශගුණික ක්‍රියාකාරී ප්‍රතිපත්ති මෙන්ම නීති රීති සම්පාදනයේ දී අදාල ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආයතන සමඟ ද කටයුතු කිරීම, දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ එම තත්ත්වයන් අවම කිරීම සඳහා ක්‍රියාකාරී අයුරින් ප්‍රජාවට සහාය වීම යන කරුණු ඇතුලත් කර ඇත.



අදහස් (1)

දේශගුණ අභියෝගවලට මූණ දෙන්න රජරට මහැදුරෝ රුවන් සමඟ එක් වෙති

Bamunuarachchi Thursday, 03 November 2022 05:48 PM

ඒ කාලේ හිටපු වියතුන් හා මේ ඉන්න වියතුන් හැරෙන්න තවත් වියත්තු රටේ ඉන්නවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site